Thursday, November 2, 2023
Friday, March 31, 2023
කෙට්ටු කාන්තාවන් ලස්සනයි කියන මිත්‍යාවේ අඳුර වටහා ගමු!
Thursday, March 30, 2023
සම්බන්ධතා නීරස කරවන පෞරුෂත්ව අක්‍රමිකතා
සම්බන්ධතා නීරස කරවන පෞරුෂත්ව අක්‍රමිකතා
අපි බොහෝ විට අහන ටොක්සික් සම්බන්ධතා වලට හේතු වෙන පෞරුෂත්ව අක්‍රමිකතා හා ඒවාට ගොදුරු වන අහින්සකයන් ගැන පොඩ්ඩක් දැනුවත් වෙමු.
Tuesday, March 21, 2023
අත හරින්න බැරි පුරුදු
ඇබ්බැහියක් කිව්ව ගමන් අපිට සුපුරුදු විදියට මතක් වෙන්නේ මත්ද්‍රව්‍ය, නැතිනම්ම් සිගරට්, මත්පැන් වගේ දේවල්,
නමුත් අද ලෝකය ඉදිරියේ තියෙන ලොකුම අභියෝගය තමයි චර්‍යා ඇබ්බැහි කියන්නේ. මේවායින් ඇතිවෙන බලපෑම අද ලෝකයේ ශ්‍රම බලකාය දුර්වල කරන තරමට ම පැතිරිලා. මීලඟ දශකයේ ලෝකයට ලොකුම බලපෑම කරන රෝගය බොහෝවිට චර් යා ඇබ්බැහි වීම් වෙන්නට ඉඩ ඇති බව පැවසෙනවා.
ඉතින් ඔබත් මාත් ගොදුරු විය හැකි මේ ව්‍යසනය ට අපිත් අහු වෙලාද?
Saturday, March 11, 2023
චුට්ටක් දැනගෙන ගොඩක් කතා කරන ටානියා ලෙව්වන්දූවගේ | stand up comedy sri lanka | Taniya Lewwanduwage
ටානියා ලෙව්වන්දූවගේ, නවක තරුණ ප්‍රහසන ශිල්පිණිය තමාට විහිළු හරහා ගොඩ නගා ගත නොහැකි වූ ප්‍රසිද්දියක් ලබා ගැනීමේ ලාබ අපේක්ෂාවෙන් හෝ හුදෙක්ම නොදැනුවත් කම නිසා වත්මනෙහි බොහෝ රැඩිකල් පිපාසාවෙන් පෙළෙන උන්ගේ පාරේ යමින් බුදු දහමේ මූලික දැනුම් එකතුව වූ ත්‍රිපිටකයේ විශ්වසනීයත්වය ප්‍රශ්ණ කිරීමට පෙළඹී ඇත.
Tuesday, February 28, 2023
මළවුන් සමග ගනුදෙනු කරන්නේ කොහොමද?
මළවුන් ට පින් දීම, මළවුන් සමග කතා කිරීම, මළගිය ඤාතියා ගෙන්වා උපන්තැන සොයා ගැනීම, මළගිය ඤාතියාගේ ඉල්ලීම අනුව වඩා හොඳ භවයකට යාමට පින් සපුරා දීම, මේවා අපේ දේශීය සංස්කෘතිය හා බද්ධ වූ සංකල්ප. ඇතැම් වීට ඊටත් වඩා එක්තරා පිරිසක් විසින් පවත්වාගෙන යන ව්‍යාපාරික සංකල්ප බවට අද වනවිට පත්වෙලා.
මේ ඒ ගැන බෞද්ධ දැනුම් පද්ධතියට අනුව තර් කානුකූල විමසුමක්.
Tuesday, February 7, 2023
දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්
දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්
තමන්ගේ ආදායම් වියදම් පාලනය අපිට මෙන්ම ඔවුන්ගේත් සිඳලිය නොහැකි මූලික අයිතිවාසිකමකි. එහෙත් ඒ අයිතිය භුක්ති විඳීමේදී අප ලබන පහසුකම් නවීන තාක්ෂණික උපකරන ඔවුන්ටත් භාවිතා කල හැකි බව අපි බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඒ සියල්ල එසේ වුනත්, පහසුකම් සලසන ආයතන ඔවුන්ට සේවා සැලසීමට මැලි වෙනවානම්, ඔවුන් වෙනස් කොට සලකනවානම්, ශිෂ්ට දියුණු මිනිසුන් ලෙස අපිට එය අනුමත කල හැකිද?
ඔවුන්ගේ හඬට සවන් දෙන්න යැය් මා ඔබට ආරාදනා කරමි.
Thursday, February 2, 2023
මෝහනය
Wednesday, January 25, 2023
Monday, January 23, 2023
බොරු නිරාගමිකයෝ Vs සැබෑ නිරාගමිකයෝ
ලංකාවේ 60-70 දශකයේ සිටි සැබෑ නිරාගමිකයන්ගේ සටන පාවා දී අනුන්ගේ න්‍යාය පත්‍ර වලට යන නූතන නිරාගමිකයන්
Wednesday, January 18, 2023
සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?
සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?
ජීව විද්‍යා ගුරු මුතුගල විසින් සිදුකල පරිනාම වාදය බෞද්ධයන් විසින් ප්‍රතික්ශේප කල යුතු යැයි යන ප්‍රකාශය පදනම් කරගෙන සඳකත් නම් තරුණ යූටියුබ් කරුවා විසින් සිදුකල ආන්දෝලනාත්මක විවේචනය නිසා පැන නැගුනු වාදයේදී ඔවුන් දෙදෙනාම පොට පටලවාගෙන ඉන්නා බවක් තමයි මා නිරීක්ෂණය කලේ.
මුතුගල ඍජුව නොකීවාට ඔහු සිටින මතය ඉතාම පැහැදිලිව අග්ගඥ්ඥ සූත්‍රයේ එන ලස්සන කථාව බුද්ධ මතය ලෙස පිළිගනිමින්, භෞතික ලෝකයේ සත්ත්වයා බිහිවීම එයාකරයැයි කියනා දෘශ්ටියක බව පිළිගත හැකිය.
එසේනම් ලෝකය බිහි වුනේ කෙසේදැයි බුදු හිමියන් තවත් එවැනි කථා හතරක් අග්ගඥ්ඥ සූත්‍රය ඇතුලත් දීග නිකායේම පවසා ඇති බව ඔහු නොදන්නේද?
අපි මේ ගැන තව දුරටත් විමසා බලමු.
Friday, January 13, 2023
සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?
සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?
සේපාල් අමරසිංහ නමැත්තා සිදු කල වාචාල ප්‍රකාශයක් නිසාවෙන් අද වන විට ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇති බව ප්‍රධාන දාරාවේ සියළු මාධ්‍ය වාරථා කොට ඇත. තව ඇතැම් තැනක කියැවෙන්නේ ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරයේදී වෙනත් සිර කරුවන් පිරිසක් පහර දී ඇති බවයි. මේ පහර දුන් සිර කරුවන් බුද්ධාගමට සේපාල් කලායැයි කියන අපහාසය නිසා අසාධාරණයට ලක්වූ බුද්ධාගම් කාරයින්ද?
සේපාල් වෙත එල්ල වූ ප්‍රහාරය නිසා, සමාජ මාධ්‍ය තුල සතුටින් ඉපිල ගොස් සිටින්නේ අසාධාරණයට ලක් වූ බුද්ධාගම් කාරයින්ද?
ඇත්තටම සේපාල් සිදු කල වාචාල ප්‍රකාශය නිසා අවැඩක් වෙනවානම් විය හැක්කේ කාටද?
මේගැන මගේ විමසුම....
https://www.youtube.com/@Suwisuru4U
Monday, October 17, 2022
ලිංගිකත්වය පාපයක්ද?
සිතුවිළි - 5
Monday, June 13, 2022
මට මේ දවස් වල හරියට කේන්ති යනවා.....
සිතුවිළි 4
බොහෝ දෙනෙක්ගේ කට්න් මේ දිනවල පිට වෙන වචන ටිකක්. ඇයි මේ හැමෝම තරහින්. මොකද මේකට කරන්නේ.
සමහරු නම් කියනවා "මම පුදුම අමාරුවකින් තරහ පාලනය කර ගත්තේ. මගේ ඔළුවත් පුපුරන්න එනවා තරහ ගිය තරමට" කියලා.මේ වගේ අත්දැකීම් හැමෝටම වගේ නැති වෙන්න බෑ. කේන්ති යාම හැමෝටම පොදු දුර්වලතාවයක්.
ඔව් මේ කෙන්ති යාම කියන්නේ එක විදියකට අපේ පවතින මානසික ස්වභාවය පිටතට පෙන්වන කන්නාඩියක් . අපිට කේන්ති යන්නේ ඇයි. කේන්ති යන්න බලපාන ප්‍රධාන හේතුව තමයි අපි කැමති විදියට දේවල් සිදු නොවීම. සමාජයක් ඉදිරියේ ලැජ්ජාවට පත් වීම, තම මතයට පොදු පිළිගැනීමක් නැති වීම වගේ තවත් හේතු ගනනාවකට මේ තත්වය බෙදා දක්වන්නත් පුළුවන්. පෞද්ගලිකව හිතලා බැළුවොත් අපි හැමෝටම පෙනෙයි අපිට කේන්ති යන්න බලපාන විව්ධාකාර හේතු තියෙනවා කියලා.
අත්තටම ඇයි අපිට කේන්ති යන්නේ?
කේන්ති යන්නේත් මිනිස් මනසේ ස්වභාවික ක්‍රියාවලියක් නිසාම තමයි. ඔව් ඇත්ත කේන්ති යාම අපි දුර්වල කමක් කිව්වට ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවික පිහිටීම. මේ කේන්ති යාම නිසා අපි ගැටුමකට හෝ තර්ජනයකට මුහුණ දුන් විට අපිට ඒ අවස්ථාවට ප්‍රභල මැදිහත් වීමක් කරන්න අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබෙනවා. ඒ හරහා ප්‍රාථමික සත්ත්වයෙකුට තමන්ගේ ප්‍රථිවාදියාට ප්‍රභලව මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා පහර දීමක් කරන්න හෝ අනෙකාව මරා දමන්න තරම්. අපි කථාවටත් කියන්නේ මට ආව කේන්තියට ඌව මරාගෙන කන්න තිබුනා කියලා. අන්න ඒක තමයි ඇත්තටම කේන්තියේ සැබෑ අරුත. තමන්ට අභියෝග කරන ප්‍රථිවාදියාව විනාශ කරලා දාන්න ඕනේ කරන කායික මානසික සූදානමට තමයි අපි කේන්තිය කියලා කියන්නේ.
එහෙමනම් ඇයි දැන් අපි කේන්ති යාම දුර්වල කමක් කියලා කියන්නේ. මේ මිනිස්සු දැන් බොහෝම සංස්කෘතික ජීවන රටාවකට හුරු වෙලා. ඒ තුලින් මිනිස්සු බුද්ධිමත් හා දියුණු ජීවන රටාවක් ගොඩ නගා ගෙන. ඉතින් බුද්ධිමත්ව බැලුවාම මේ කේන්ති යාම කියන්නේ ප්‍රාථමික සත්ත්ව හැසිරීමක්. දියුණු බුද්ධිමත් සතුන් වන මිනිසුන්ට ඒක ගැලපෙන්නේ නැහැ. ඒත් අපිට කේන්ති යනවා. ඒ තමයි අපේ හැටි. ඉතින් අපි කොහොමද මේක වෙනස් කරන්නේ.
සමහරු පුරුදු වෙලා ඉන්නේ කේන්ති ගියාම මේ කේන්තිය දැඩිව පාලනය කර ගන්න. ඔවුන් කේන්තිය පිටතට නොපෙන්වා ඉන්න ලොකු වෙහෙසක් ගන්නවා. පස්සේ කියනවා මම පුදුම අමාරුවකින් කේන්ති පාලනය කර ගත්තේ තාමත් මගේ ඔළුව රිදෙනවා කේන්ති ගිය තරමට කියලා. අත්තෙන්ම මේ විදියට දැඩි ආයාසයකින් කේන්ති පාලනය කරන අය තමන්ටම ලොකු හානියක් කර ගන්නවා. මේ අධික කේන්ති යාම නිසා ඔබේ රුධිර පීඩනය ක්ෂණිකව ඉහල යනවා. ඔබේ ශරීර උශ්නත්වය ඉහල යනවා. ස්වසනය වේගවත් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ අපිට ප්‍රතිවාදියාට පහර දෙන්න කරන ශාරීරික සූදානමක් හැටියට. ඒත් ඇත්තටම අපිට ඒක කරන්න බැරි බව අපේ බුද්ධිය කියනවා. ඉතින් අපි අර සිදු වුනු ශාරීක සූදානම ඇතුලතින් දැඩිව තොල් විකාගෙන, දත් මිටි කමින් පාලනය කර ගන්නවා. මේ පාලනය කර ගැනීම නිසා අපේ සිදු වුනු ශාරීරික සූදානම භාවිතා වෙන්නේ නැහැ. අන්න එතැනදී අපේ ශරීරයේ ස්වභාවික සිදුවීම පලක් නැති සූදානමක් වෙනවා. එතකොට අර ගොඩ නැගුනු ශාරීරික උශ්නත්වය භාවිතා වෙන්නේ නැහැ. රුධිර පීඩනය වැඩි වූවාට හද ගැස්ම වැඩි වූවාට ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා මේ ශාරීරික සූදානම ශරීරයට හානිදායක බවට පත් වෙනවා.
කේන්ති පිට කලොත් ඔබ සමාජයීය වශයෙන් ගැටළු වලට මුහුණ දෙනවා. දැඩිව පාලනය කලොත් ශාරීරිකව ඔබට අනතුරක් වෙනවා.
දැන් අපි මොකද කරන්නේ. කේන්ති ගියාම පාලනය කිරීම ශරීරයට අහිතකර නම් අපිට ඉතිරි එකම විකල්පය කේන්ති නොගෙන සිටීමයි. කොහොමද කේන්ති නොගෙන ඉන්නේ? කේන්ති නොගෙන ඉන්න කවුරුවත් හිතලා කේන්ති ගන්නේ නැහැ. ඒක අවස්ථානුකූලව ඉබේ සිදු වන ක්‍රියාවක්.
කේන්ති නොගෙන ඉන්න නම් කේන්ති ඇති වෙන හේතු පාලනය කරන්න ඕනේ. ඔව් කේන්තිය නෙවෙයි කේන්ති ඇති වෙන හේතු පාලනය කරන්න ඕනේ. මේක කෙනෙක් පුහුණු කල යුතු කුසලතාවයක් කිව්වොත් වඩා නිවැරදියි. අපිට පුළුවන් නම් අනිත් මිනිස්සුන්ගේ ස්වභාවය තේරුම් ගන්න. එයාගේ හැටි ඔහොමමයි කියලා දන්නවානම් අපිට පුළුවන් ඒ අය එක්ක කරන ගණුදෙනු වඩා පරිස්සමින් කරන්න. වෙළෙන්දෝ අපෙන් කඩා වඩා ගන්නම සූදානම් කියලා දන්නවානම් මිලදී ගැනීමකදී වඩා ආරක්ෂාකාරී විය හැකියි. ඔබේ වටිනා දෙයකට හානි වුනොත් කේන්ති යනවා නම්, එක්කෝ මේ මොන වටිනා දේත් දවසක මට නැති වෙනවා කියලා ඒකේ අනිත්‍යය වටහා ගන්න ඕනේ, නත්නම් ඒ දේ ගැන වඩාත් අවධානයෙන් ආරක්ෂා කරන්න ඕනේ.
තව අපිට පුළුවන් නම් වැඩි වේලාවක් අපි ප්‍රිය කරන මිතුරු ඇසුරක ඉන්න, සිත නිවන සුන්දර පරිසරයක පොඩි වෙලාවක් ගත කරන්න, ගහ කොල එක්ක, සුරතල් සතුන් එක්ක හෝ මාළු ටැංකියක් ලඟ පොඩි වේලාවක් දිනකට ගත කරන්න ඒවායින් අපේ සිතට ඇති වෙන සැනසිලිදායක හැඟීම නිසාම කේන්ති යාම වගේ සුන්දර නොවූ හැඟීම් අපෙන් ක්‍රමයෙන් ඈත් වෙනවා. ඉතින් මේ වගේ පුරුදු අපිට නැතත් සිතා මතා හෝ ගොඩ නගා ගන්නට පොඩි වෙහෙසක් ගමු. මේ ඒකට හොඳම වෙලාවයි. වෙන කිසිවක් නැතිනම් හැකි තරම් ඈත තියෙන පොල් ගහක උඩින්ම තියෙන කොලයක අග්ගිස්ස දෙස මිනිත්තු දහයක් බලාගෙන ඉන්න, ඒ ගැනම අවධානයෙන් බලාගෙන ඉන්න. ඔබට ලොකු නිවීමක් දැනේවි.
Tuesday, November 16, 2021
ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක්!
මීට වසර කිහිපයකට පෙර කියාගත නොහැකි සිංහලෙන් වදන් ගැට ගසමින් බජට්ටුවක් ඉදිරිපත් කල එවක යහපාලන මුදල් ඇමතියෙකු ගැන පොඩි එකාගේ "ළියුම" යයි මම දෙතිස් කථාවට ලිපියක් ලියූවෙමි.
මෙවර බජට්ටුව ගැන ඉතින් මා කිව යුත්තේ කුමක්දැයි නොදනිමි. බජට් කියවන ඇමතිලාගේ සිංහල භාෂණය යනු අපේ සමස්ත දේශපාලකයින්ගේ අවංක භාවය වැනිම වූ මහා පොදු සාධකයක් කොට සලකා මා ඒ පිළිබඳව කතා නොකිරීමට තීරණය කලෙමි.
ඒ වෙනුවට බජට් යෝජනාවක් ගැන කතා කල යුතුයැයි සිතුවෙමි..
මේවර බජට්ටුවේ කතාකල දේට වඩා නොකල දේ බොහෝ වූවා වගේම, කථා කල දෑ තුලින්ද අඩුම අවධානයක් ගත ත්‍රී රෝද රථ නියාමන අධිකාරියක් ගැන බලමු.
පළමුවෙන්ම මෙය අළුත් යෝජනාවක් නොවේ. 2019 වසරේදී මේ යෝජනාව ගැන එවකට ප්‍රවාහණ ඇමති වූ ක්‍රිකට් පමණක් දන්නා රණතුංග ඇමති වරයාද කතා කලේය. මෙවර එය බජට් යෝජනාවක් බවට පත් වී ඇති මුත් එයට යම් ප්‍රථිපාදන වෙන්කිරීමක් කොට ඇතිදැයි නොදනිමි.
ත්‍රීරෝද රථ නියාමන අධිකාරියක් සැබැවින්ම අපට අවශ්‍යද? මේ ව්‍යාපාරයේ නියුතු ලක්ශ හතකට වැඩි පිරිසක් සිටින බවත්, මේවා නොයෙකුත් ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා දායක කර ගන්නා බවත්, මේවායින් මගීන් සූරා කෑමට ලක් කරනා බවත්, ත්‍රී රොඅද රියැදුරන් ගේ සුභසාධනයට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් බොහෝ තන්හී කියැවේ.
නමුත් මගේ මූලික ප්‍රෂ්නය නම්, ත්‍රී රෝද රථය යනු සුවිශේශී කුලයක්ද? ඇයි ත්‍රී රෝද රථ සඳහා පමණක් නියාමණ අධිකාරියක්.
නියාමන අධිකාරියක් පත් කරනවානම් එහි අරමුණ කුමක්දැයි මේ යෝජනා කරන උන්දෑලාට වැටහීමක් වත් ඇතිද? මේ අධිකාරියක් පිහිටුවා කරන්නට හදන්නේ තවත් ගාස්තුවක් අයකර ගැනීමට මග සැලසීමටද? නැතිනම් තමන්ගේ හිතවතුන් පිරිසකට තවත් රජයේ රැකියා ටිකක් බිහි කරගැනීමටද? විය යුත්තේ එයද?
ඇත්තෙන්ම අද නියාමනයක් අවශ්‍යව ඇත්තේ සමස්ථ පෞද්ගලික මගී ප්‍රවාහණ කුලී රථ සේවා සඳහාය. මෙය නියාමනය විය යුත්තක්ම බව පිළිගනිමි. එහි අරමුණ විය යුත්තේ සමස්ථ කුලී රථ මගීන්ගේ ප්‍රවාහණ පහසුකම් ක්‍රමවත් කිරීම, හා පහසුකම් වැඩි වර්ධනය තුලින් මගියාගේ හා සේවා සපයන්නාගේ ජීවන තත්වය ඉහළ නැංවීමයි.
පාලකයින්ට වුවමනාවක් ඇත්නම්, මගී ප්‍රවාහණ කුලී රථ නියාමන අධිකාරියක් පිහිටුවිය හැකිය. ඒ මගින් ත්‍රී රෝද ඇතුළු සමස්ථ කුලී මගී රථ ලියාපදිංචි කල යුතුය. කුලී රථ සඳහා ආචාර ධර්ම පද්ධතියක් පැනවීම, රියදුරාගේ තොරතුරු මගියාට ප්‍රදර්ශණය කිරීම වැනි ධනාත්මක ක්‍රමවේදයන් හඳුන්වා දිය හැකිය.
ඒ වගේම ත්‍රී රෝදයෙන් කුඩා කාර් රථයකට "අප්ග්‍රේඩ්" වීමට කැමති ත්‍රී රෝද රියැදුරන් සඳහා අඩු බදු මුදලකට යටත්ව කුඩා කාර් රථ ලබා දීම කල හැකිය. ඒ මගින් ක්‍රමානුකූලව ත්‍රී රෝද රථ සංඛ්‍යාව අඩු කිරීමටද වැඩ කල හැකිය.
මේ ආදී තවත් බොහෝ යපත් දෑ මේ ඔස්සේ මගියාගේත් ත්‍රී රෝද රථ රියැදුරාගේත් යහපත පිණිස නියාමන අධිකාරියක් හරහා කල හැකිය.
එහෙත් මේ යෝජනාව යම් ලෙසකින් ක්‍රියාත්මක කිරීමට සැලසුනහොත්, ත්‍රී රෝද රියැදුරන්ගේ විරෝධතා පෙලපාලි බලාපොරොත්තු වීම ලක් දෙරණේ අද වැඩ සිදුවෙන ආකාරය අනුව වඩාත් සුදුසුය.
Saturday, September 11, 2021
බුදු දහමට ආත්ම සංකල්පය කා වැද්දවීම
බුදු දහමට ආත්ම සංකල්පය කා වැද්දවීම
මේ කථාව බුදුන් දෙසූ දහම හා ගැලපෙන්නේ කෙසේදැයි විමසීම උදෙසා පමණි.
නයනේ - සිතුවිළි