Monday, April 8, 2019

අත දිගහැර වියදම් කරන සල්ලිකාර ශ්‍රී ලාංකික මැද පන්තිය

ලංකාවේ මධ්‍යම පන්තිකයන් නැති වාදම ගසාගෙන සැමදා ජීවත් වන සැලකිය යුතු මට්ටමේ සල්ලි කාරයන් පිරිසකි.

 එහෙම කියන්න අටුවා ටීකා අර්ථ දැක්වීම් මහා සමාජ විග්‍රහ ආදී අටෝරාශියක් කථාන්දර ඕනා කරන්නේ නැත.
පාරට බැස බැලුවාම "ඕනෑ ගොනෙකුට" එය තේරුම ගත හැකිය.





අපේ පාරවල් පිරිලා තියෙන්නේ තනිකර ජපන් කාර් වලින්ය. ඒ අතරට සැලකිය යුතු ගනනක් දැන් දැන් ඉන්දියානු වාහනද ඊට නොදෙවෙනිව යුරෝපියානු වාහනද එකතු වී ඇත.

මේ තරම් වාහන පාරේ දුවන්නට එක්කො ලංකාවේ වාහන සෑහෙන්න ලාභ විය යුතුය. නැත්නම් ලංකාවේ මධ්‍යම පන්තිය සෑහෙන පමණ සල්ලි කාරයින් විය යුතුය.

ලංකාවේ වාහන මිල ගැන දන්නා කවුරුත් ලංකාවේ වාහන ලාභ බවක් නම් කියන්නේ නැත.

අපේ තරුණ පරම්පරාව ඔවුන්ගේ වෲත්තිය ලෙස ත්‍රී වීල් රථ යොදා ගැනීම ගැන බොහෝ විවේචනද පසු ගිය දින වල එල්ල වූ නමුත් ඔවුන් ඒවා ගන්නේ ලාභ නිසාද? යන ප්‍රෂ්නය පැන නැගේ.

මේ ත්‍රී වීල් රථ නිපදවන ඉන්දියාවේ ඒවායේ මිලඉන්දියානු රුපියල් 135,000 සිට 160,000 අතර වේ
අද ඉන්දියානු රුපියලක ශ්‍රී ලංකා වටිනා කම ශ්‍රී ලංකා රුපියල් 2.53 කි
එසේනම් බජාජ් ත්‍රී වීලරයක මිල දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 341,000 සිට 404,000 කි.
ශ්‍රී ලංකාවේ වසරකට ලක්ෂ ගනන්ක් මේ රථ මිලදී ගන්නේ 850,000 ක් පමණ වූ මිලකටය.
දන් මා කියන්නට යන්නේ මෙය වඩා අඩු මුදලකට දිය යුතු බවක් නොවෙයි, අපේ තරුණයන් අතුරින් තම වෘත්තිය උදෙසා රුපියල් 850,000 මොන යම් ක්‍රමයකට හෝ ආයෝජනය කල හැකි පිරිස වසරකට ලක්ෂ ගනනක් බවය.

ඔවුන් මේ ආයෝජන හැකියාවේන් සත්‍ය වශයෙන්ම රුපියල් ලක්ෂ 4 ක් වටිනා වාහනයක් මිලදී ගෙන එසේ ස්වයං රැකියා අයෝජනයක් කරනවා වෙනුවෙන් තවත් ලක්ෂ 4.5 ක් පමණ රජයට බදු මුදලක් ගෙවා දමයි.

දැන් අපි මේ මිල තවත් පැති සමග සසඳා බලමු.
ඉන්දියානු කුඩා කාර් රථ මිල මෙසේය

රථය                                       ඉන්දියානු මිල ඉන්දි. රු.    ඉන්දියානු මිල ලංකා රු.    ලංකාවේ මිල ලංකා රු.
Bajaj Discover 125 Bike                             57,000                   144,000                               303,000
බජාජ් ත්‍රී වීලරය                                           160,000                   404,000                               850,000
රෙනෝල්ට් ක්විඩ්                                        271,000                   685,000                            2,200,000
මරූටි ඇල්ටො                                             253,000                  640,000                            2,100,000
සුසුකි සෙලරියෝ                                         431,000               1,090,000                            3,170,000

නිශ්පාදිත රටෙහි අදාල වාහනය වෙළඳ පොලේ විකිනෙන මිල හා ලංකාවේ ඒවා විකිනෙන මිල අතර පරතරය ලංකාවේ දැනට ජන්ප්‍රිය අළුත් වාහන වන වැගන් R, ස්ටින්ග් රේ, ටොයෝටා ඇක්සියො, ටොයෝටා ප්‍රෙමියෝ ආදී වැඩි මිල වාහන දක්වාම මෙයා කාරය.
එයින් ඉදිරියට ගියහොත් ටොයෝටා ප්‍රාඩෝ, බී එම් ඩබ්ලිව්, බෙන්ස් ආදී මිල අධික වාහන දක්වාම මේ පරතරය මේ ආකාරය.

ඒ අනුව අපිට මෙසේ ගනනය කල හැකිය,

ලංකාවේදී

  • බජාජ් ත්‍රී වීලරයක් මිලදී ගන්නේ ඇල්ටෝ, ක්විඩ් වැනි රථයකට වඩා වැඩි මිලකටය.
  • ඇල්ටෝවක් මිලදී ගන්නේ සෙලරියෝවකට වඩා වැඩි මිලකටය.
  • සෙලරියෝවක් මිලදී ගන්නේ ජපන් වැගන් R එකකට වඩා වැඩි මිලකටය.
  • ජපන් වැගන් R එකක් මිලදී ගන්නේ ඇක්සියෝ එකකට වඩා වැඩි මිලකටය. 
  • ඇක්සියෝ එකක් මිලදී ගන්නේ කුඩා යුරෝපියන් BMW එකක් ගන්නා මිලටත් වඩා වැඩි මිලකටය.
  • බෙන්ස් රථයක් මිලදී ගන්නේ රෝල්ස් රොයිස් රථයකටත් වඩා වැඩි මිලකටය.(ඇතැම් විට කුඩා ගුවන් යානයක් මිලදී ගත හැකි මිලකටය)

ලාංකිකයා මේ සියළු වාහන මිලදී ගන්නේ බැංකු ණය හෝ ලීසින්ග් පහසුකම් භාවිතා කරමින්ය, අද වන විට මෝටර් රථ වෙනුවෙන් ලීසිංග් පහසුකම් 50% කට සීමා කර ඇත.
එසේනම් අප මුලින් වාහනයක් මිලදී ගැනීමකදී මුදලින් ආයෝජනය කරනුයේ වාහනයේ සැබෑ මිල හා බදු මුදලින් 30% කි.
බදු මුදලෙහි ඉතිරිය ගෙවීම සඳහා අප වසර 5 ක ණය මුදලක් ලබා ගනී.
ඉන් පසු වාහනය භාවිතා කරමින් මාසිකව ඒ බදු මුදලෙහි හිඟයත්, ණයමුදලෙහි පොලියත්  වාර්ශිකව ඒ රථයට අදාල අනෙක් බදුත් ගෙවමු.

ලංකාවේ සැබෑ ප්‍රශ්නය වූ පොදු ප්‍රවාහන සේවා ප්‍රමිතිය ගැන සැලකිලිමත් වීමට කිසිවෙකු උනන්දු නොවන පරිසරයක, ජනතාව සිය සම්පූර්ණ මිලදී ගැනීමේ හැකියාව මේ ආකාරයට මෝටර් රථයක් මිලදී ගැනීමට හා එයට බදු ගෙවීමට වැය අරනු ලබයි.
එහි භයානකම හා ඍණාත්මකම බල පෑම සිදු වනුයේ මෙතැනිනි.
මේ හේතුව නිසා යම් ආර්ථික ශක්තියක් ඇති මධ්‍යම පාන්තිකයා අසීමිත ණය බරක හා පොලී සහ බදු බරක සිරවේ. ඔවුන් සතු නිර්මාණාත්මක හැකියාව හා ව්‍යාපාරික අයෝජන ඤානය පල රහිත වේ. කිසිවෙකුටත් තම රැකියාවෙන් උපයන මුදලින් ආයෝජනයක් කිරීමට හැකියාවක් නැත. එය ණය, පොලී හා බදු උගුලක මුලුමනින්ම සිරවී ගොස් ඇති බැවිනි.

රුපියල් ලක්ෂ 8 කට ත්‍රී වීලරයක් ගන්නා තරුණයාට රුපියල් ලක්ෂ 7 කට දෙනවානම් ඇල්ටෝවක් නොගන්නේ යැයි කියන්නේ කවුද?
එපමණක්ද? ඔහුගේ මුළු ආයෝජන ශ්ක්තිය හිරවී නැති නිසා ඔහු ඇතැම් විට තවක් යම්කිසි ආයෝජනයක එය යොදවා බැලීමට ඉඩක් එමගින් සෑදේ. සෑම පුද්ගලයෙකුම එසේ අයෝජන නොකලත්, ව්‍යවසායක මනසින් යුත් පුද්ගලයින් කී දෙනෙකු මේ වත්මන් තත්වය නිසා ආයෝජන "නො"හැකියාවෙන් මුලු ගැන්වී ඇතිදැයි අපට කිව හැකිද?

අපි ජාතියක් ලෙස මේ මොටර් රථ ආයෝජනයේ හා එහි ණය පොලී හා බදු උගුලෙහි සිරවී සිටිමු.
අවම ආදායම්  උපයන රටක් වන අපි මාස 35 - 40 ක සම්පූර්ණ ආදායම තරම් මුදලක් මෝටර් රථකට ආයෝජනය කරන්නෝ වෙමු. වාහන නිපදවන රටවල ආදායම් තත්වය සලකා බැලීමේදී මෝටර් රථයක් මිල පුද්ගලයෙකුගේ මාස 4 - 5 ක ආදායම තරම් වූ මුදලකි.
එහෙත්  අපිට ඉහල ආදායම් ඉපදවිය නොහැක, ඒ අපිට අයෝජන ශ්ක්තියක් නැති නිසාවෙනි.

අපි සම්පූර්ණයෙන් වරද්දාගත් ජාතියකි. 

නැත අපිට වරද්දවා ඇත.
අපේ ජීවන තත්වය පාලකයන් විසින් බලහත්කාරයෙන් පහතට හෙලා පාගා තබාගෙන සිටිති.
උන් අපේ බදු මුදලින් සුර සැප විඳිමින් අපිව පහලට හෙලා තබාගෙන සිටිති.
හිස එසවීමට ඉඩක් නොතබති.
අපි කවදා මේ ඇත්ත වටහා ගනිමුද?