ටානියා ලෙව්වන්දූවගේ, නවක තරුණ ප්‍රහසන ශිල්පිණිය තමාට විහිළු හරහා ගොඩ නගා ගත නොහැකි වූ ප්‍රසිද්දියක් ලබා ගැනීමේ ලාබ අපේක්ෂාවෙන් හෝ හුදෙක්ම නොදැනුවත් කම නිසා වත්මනෙහි බොහෝ රැඩිකල් පිපාසාවෙන් පෙළෙන උන්ගේ පාරේ යමින් බුදු දහමේ මූලික දැනුම් එකතුව වූ ත්‍රිපිටකයේ විශ්වසනීයත්වය ප්‍රශ්ණ කිරීමට පෙළඹී ඇත.
බුදු දහමේ කොයියම්ම හෝ කොටසක් විවේචනය කිරීම හෝ ප්‍රශ්ණ කිරීම මම දකින ආකාරයෙන් ධනාත්මක ප්රවේශයකි.
නමුත් මෙහිදී ඇය මූලික වැරදි කිහිපයක් කරමින් හාස්‍යය මතු කිරීම පසෙක තබා තමා හාස්‍යයක් වීමට තැත් කීරීම ගැන අපිට කණගාටුවක් ජනිත වේ.
මේ ඒ ගන මා කල විමසුමකි..
නයනේ - සිතුවිළි
නයනේ,
ReplyDeleteවැඩේ නම් අගෙයි.
මෙතන නයනේ නොකිය කියන්නේ මහා සද්දයක් දමමින් නා රජෙක් ආ එක ඇත්තක්ය නමුත් කැලණියේ සාදු ආර්ය ශ්‍රාවකයෙක් නොවේය කියල නේද?
නයාගෙ කතාව පැත්තකින් තියමුකො හැබැයි පස්නේ කැලණියේ සාදු ආර්ය ශ්‍රාවකයෙක් නොවේ කියල නයනේ ටක්කෙටම දැනගත්තේ කෝමද කියන එකයි. බලාගෙන යනකොට නයනෙත් ටානියට එහානේ. චුට්ටක් දැනගෙන හිතළු නේ කියන්නෙ.
ටානියා එක්ක පැටලෙන්න ඕනෙනම් ඩිරෙක් ඒකට යන්න. බුද්ධාගම රකින්න යනව නං තව කොච්චර දේවල් ඔයිට කළින් කරන්න තිබුනද නයනේ.
මම මෙහෙම කියන්නද? "ප" යන්න තියාගෙන "ඇ" යනු දෙකෙන් "හු" යන්න කරන්න යන්න එපා.
කියන දේ පැහැදිලිව තේරුම් අරගෙන කරුනු මත විවේචනය නොකර තම පූර් ව නිගමනයක් මත ඉඳගෙන යමක් විවේචනය කරන්න ගියාම ඔහොම වැරදීම් වෙනවා.
Deleteතර් ක නැති සමාජ මාධ්‍ය වීරයෙකුගේ පරම ගතිය පෙන්වමින් කුණු හරුප වලින් පිළිතුරු දිමෙන් තම නිරුවත පෙන්නා සිටි එක ගැන මට කරන්න කිසිම දෙයක් නැහැ. අනුකම්පා කරනවා හැර.
ඔව්. ඔබ හරියටම හරි.
Deleteඔබටත් මේ වීඩියෝ එකේදී කළේ ලෙව්වන්දුව මිස් කියන දේ පැහැදිලිව තේරුම් අරගෙන කරුනු මත විවේචනය නොකර තම පූර් ව නිගමනයක් මත ඉඳගෙන යමක් විවේචනය කරන්න යෑමම නේද?. නයනේ එහෙම කරන්න ගියාම ඔහොම වැරදීම් වෙනවා.
හරි මමත් ඔබට අනුකම්පා කරන්නම්, නැතුව ඉතින් වෙන මොනවා කරන්නද. නේද නයනේ