සිතුවිළි 4
බොහෝ දෙනෙක්ගේ කට්න් මේ දිනවල පිට වෙන වචන ටිකක්. ඇයි මේ හැමෝම තරහින්. මොකද මේකට කරන්නේ.
සමහරු නම් කියනවා "මම පුදුම අමාරුවකින් තරහ පාලනය කර ගත්තේ. මගේ ඔළුවත් පුපුරන්න එනවා තරහ ගිය තරමට" කියලා.මේ වගේ අත්දැකීම් හැමෝටම වගේ නැති වෙන්න බෑ. කේන්ති යාම හැමෝටම පොදු දුර්වලතාවයක්.
ඔව් මේ කෙන්ති යාම කියන්නේ එක විදියකට අපේ පවතින මානසික ස්වභාවය පිටතට පෙන්වන කන්නාඩියක් . අපිට කේන්ති යන්නේ ඇයි. කේන්ති යන්න බලපාන ප්‍රධාන හේතුව තමයි අපි කැමති විදියට දේවල් සිදු නොවීම. සමාජයක් ඉදිරියේ ලැජ්ජාවට පත් වීම, තම මතයට පොදු පිළිගැනීමක් නැති වීම වගේ තවත් හේතු ගනනාවකට මේ තත්වය බෙදා දක්වන්නත් පුළුවන්. පෞද්ගලිකව හිතලා බැළුවොත් අපි හැමෝටම පෙනෙයි අපිට කේන්ති යන්න බලපාන විව්ධාකාර හේතු තියෙනවා කියලා.
අත්තටම ඇයි අපිට කේන්ති යන්නේ?
කේන්ති යන්නේත් මිනිස් මනසේ ස්වභාවික ක්‍රියාවලියක් නිසාම තමයි. ඔව් ඇත්ත කේන්ති යාම අපි දුර්වල කමක් කිව්වට ඒක තමයි මිනිස්සුන්ගේ ස්වභාවික පිහිටීම. මේ කේන්ති යාම නිසා අපි ගැටුමකට හෝ තර්ජනයකට මුහුණ දුන් විට අපිට ඒ අවස්ථාවට ප්‍රභල මැදිහත් වීමක් කරන්න අවශ්‍ය කායික මානසික ශක්තිය ලැබෙනවා. ඒ හරහා ප්‍රාථමික සත්ත්වයෙකුට තමන්ගේ ප්‍රථිවාදියාට ප්‍රභලව මුහුණ දෙන්න හැකියාවක් ලැබෙනවා පහර දීමක් කරන්න හෝ අනෙකාව මරා දමන්න තරම්. අපි කථාවටත් කියන්නේ මට ආව කේන්තියට ඌව මරාගෙන කන්න තිබුනා කියලා. අන්න ඒක තමයි ඇත්තටම කේන්තියේ සැබෑ අරුත. තමන්ට අභියෝග කරන ප්‍රථිවාදියාව විනාශ කරලා දාන්න ඕනේ කරන කායික මානසික සූදානමට තමයි අපි කේන්තිය කියලා කියන්නේ.
එහෙමනම් ඇයි දැන් අපි කේන්ති යාම දුර්වල කමක් කියලා කියන්නේ. මේ මිනිස්සු දැන් බොහෝම සංස්කෘතික ජීවන රටාවකට හුරු වෙලා. ඒ තුලින් මිනිස්සු බුද්ධිමත් හා දියුණු ජීවන රටාවක් ගොඩ නගා ගෙන. ඉතින් බුද්ධිමත්ව බැලුවාම මේ කේන්ති යාම කියන්නේ ප්‍රාථමික සත්ත්ව හැසිරීමක්. දියුණු බුද්ධිමත් සතුන් වන මිනිසුන්ට ඒක ගැලපෙන්නේ නැහැ. ඒත් අපිට කේන්ති යනවා. ඒ තමයි අපේ හැටි. ඉතින් අපි කොහොමද මේක වෙනස් කරන්නේ.
සමහරු පුරුදු වෙලා ඉන්නේ කේන්ති ගියාම මේ කේන්තිය දැඩිව පාලනය කර ගන්න. ඔවුන් කේන්තිය පිටතට නොපෙන්වා ඉන්න ලොකු වෙහෙසක් ගන්නවා. පස්සේ කියනවා මම පුදුම අමාරුවකින් කේන්ති පාලනය කර ගත්තේ තාමත් මගේ ඔළුව රිදෙනවා කේන්ති ගිය තරමට කියලා. අත්තෙන්ම මේ විදියට දැඩි ආයාසයකින් කේන්ති පාලනය කරන අය තමන්ටම ලොකු හානියක් කර ගන්නවා. මේ අධික කේන්ති යාම නිසා ඔබේ රුධිර පීඩනය ක්ෂණිකව ඉහල යනවා. ඔබේ ශරීර උශ්නත්වය ඉහල යනවා. ස්වසනය වේගවත් වෙනවා. මේ ඔක්කොම වෙන්නේ අපිට ප්‍රතිවාදියාට පහර දෙන්න කරන ශාරීරික සූදානමක් හැටියට. ඒත් ඇත්තටම අපිට ඒක කරන්න බැරි බව අපේ බුද්ධිය කියනවා. ඉතින් අපි අර සිදු වුනු ශාරීක සූදානම ඇතුලතින් දැඩිව තොල් විකාගෙන, දත් මිටි කමින් පාලනය කර ගන්නවා. මේ පාලනය කර ගැනීම නිසා අපේ සිදු වුනු ශාරීරික සූදානම භාවිතා වෙන්නේ නැහැ. අන්න එතැනදී අපේ ශරීරයේ ස්වභාවික සිදුවීම පලක් නැති සූදානමක් වෙනවා. එතකොට අර ගොඩ නැගුනු ශාරීරික උශ්නත්වය භාවිතා වෙන්නේ නැහැ. රුධිර පීඩනය වැඩි වූවාට හද ගැස්ම වැඩි වූවාට ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ නිසා මේ ශාරීරික සූදානම ශරීරයට හානිදායක බවට පත් වෙනවා.
කේන්ති පිට කලොත් ඔබ සමාජයීය වශයෙන් ගැටළු වලට මුහුණ දෙනවා. දැඩිව පාලනය කලොත් ශාරීරිකව ඔබට අනතුරක් වෙනවා.
දැන් අපි මොකද කරන්නේ. කේන්ති ගියාම පාලනය කිරීම ශරීරයට අහිතකර නම් අපිට ඉතිරි එකම විකල්පය කේන්ති නොගෙන සිටීමයි. කොහොමද කේන්ති නොගෙන ඉන්නේ? කේන්ති නොගෙන ඉන්න කවුරුවත් හිතලා කේන්ති ගන්නේ නැහැ. ඒක අවස්ථානුකූලව ඉබේ සිදු වන ක්‍රියාවක්.
කේන්ති නොගෙන ඉන්න නම් කේන්ති ඇති වෙන හේතු පාලනය කරන්න ඕනේ. ඔව් කේන්තිය නෙවෙයි කේන්ති ඇති වෙන හේතු පාලනය කරන්න ඕනේ. මේක කෙනෙක් පුහුණු කල යුතු කුසලතාවයක් කිව්වොත් වඩා නිවැරදියි. අපිට පුළුවන් නම් අනිත් මිනිස්සුන්ගේ ස්වභාවය තේරුම් ගන්න. එයාගේ හැටි ඔහොමමයි කියලා දන්නවානම් අපිට පුළුවන් ඒ අය එක්ක කරන ගණුදෙනු වඩා පරිස්සමින් කරන්න. වෙළෙන්දෝ අපෙන් කඩා වඩා ගන්නම සූදානම් කියලා දන්නවානම් මිලදී ගැනීමකදී වඩා ආරක්ෂාකාරී විය හැකියි. ඔබේ වටිනා දෙයකට හානි වුනොත් කේන්ති යනවා නම්, එක්කෝ මේ මොන වටිනා දේත් දවසක මට නැති වෙනවා කියලා ඒකේ අනිත්‍යය වටහා ගන්න ඕනේ, නත්නම් ඒ දේ ගැන වඩාත් අවධානයෙන් ආරක්ෂා කරන්න ඕනේ.
තව අපිට පුළුවන් නම් වැඩි වේලාවක් අපි ප්‍රිය කරන මිතුරු ඇසුරක ඉන්න, සිත නිවන සුන්දර පරිසරයක පොඩි වෙලාවක් ගත කරන්න, ගහ කොල එක්ක, සුරතල් සතුන් එක්ක හෝ මාළු ටැංකියක් ලඟ පොඩි වේලාවක් දිනකට ගත කරන්න ඒවායින් අපේ සිතට ඇති වෙන සැනසිලිදායක හැඟීම නිසාම කේන්ති යාම වගේ සුන්දර නොවූ හැඟීම් අපෙන් ක්‍රමයෙන් ඈත් වෙනවා. ඉතින් මේ වගේ පුරුදු අපිට නැතත් සිතා මතා හෝ ගොඩ නගා ගන්නට පොඩි වෙහෙසක් ගමු. මේ ඒකට හොඳම වෙලාවයි. වෙන කිසිවක් නැතිනම් හැකි තරම් ඈත තියෙන පොල් ගහක උඩින්ම තියෙන කොලයක අග්ගිස්ස දෙස මිනිත්තු දහයක් බලාගෙන ඉන්න, ඒ ගැනම අවධානයෙන් බලාගෙන ඉන්න. ඔබට ලොකු නිවීමක් දැනේවි.
මම නං ඔය උපදෙස දැනටමත් පිළිපදිනවා. සිරස්තල විතරයි ප්‍රවෘත්ති වල බලන්නේ.
ReplyDeleteස්තුතියි ඔබේ අදහස් දැක්වීමට.
Deleteඍණාත්මක තොරතුරු මනසට පිවිසීම වලක්වා ගැනීම හොඳම උපක්‍රමයක්.
good idea....
ReplyDeleteස්තුතියි ඔබේ ප්‍රතිචාරයට.
Deleteහප්පේ බොහොම වටිනවා.
ReplyDeleteමාත් කාලයක් ඔහොම කේන්ති ගත්තා. පස්සේ තරහ ගැන film 2,3ක් එහෙමත් බැලුවා, ඒකත් තරහ පාලනය කරන්න පහසුවක් උනා.
අනික තව deep breath කරන එකත් තරහ පාලනයට හොඳයි.
ඒ වගේම අපේ emotional intelligence වැඩි කරගන්න පුලුවන් දේවල් කරා නම් හරි.
බොහෝම ස්තුතියි තවත් දැනුම මෙතැනට එකතු කලාට.
Deleteගැඹුරු හුස්ම ගැනීම ක්ෂණිකව තරහ පාලනය කිරීමට හොඳ උපක්‍රමයක් තමයි. දත්මිටි කාගෙන ඉවසනවාට වඩා බොහෝම හොඳින් තරහා නිවා ගත හැකි උපක්‍රමයක් ඒකත්.
emotional intelligence වැඩි කර ගන්න ක්‍රමානුකූල පුහුණුවක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් කෙනෙක් යම් කාලයක් වැය කිරීම බොහෝම ප්‍රතිපල දායක දෙයක්. නමුත් ඒ කෙරෙහි ධනාත්මක දැක්ම මුලින් වර්ධනය කරගත යුතුයි. එතැනට කෙනෙක් යොමු කිරීමත් තරමක් අපහසු වුවත් ඉතා වටිනා දෙයක්. ඔබේ අදහස් දැක්වීම ඒ අතින් බොහෝම වෑදගත්.
ස්තුතියි!
ගොඩක් කාලයක් යන එක සහ ඒකේ ප්‍රථිලාභ සසඳලා බලනකොට කාලයට වඩා ඒක මාර වැදගත් හැබැයි ඉතින් හැමෝටම ඕනි ක්ෂණික දේවල් නෙහ්😑
Deleteවෙලාවක් තියෙනවා නම්,
https://naveensandeepakumara.blogspot.com/2022/06/system-change.html මේ පැත්තෙත් ඇවිත් යන්න එන්න🤗😊
This comment has been removed by the author.
ReplyDeleteකේන්තිය පාලනය කර ගන්න එක තරම්... අමාරු හා ජීවිතයට වැඩදායි තවත් දෙයක් නැති තරම්. කේන්තියෙන් ඉන්න වෙලාවට තීරණ ගැනීම භයානකයි.
ReplyDelete