Wednesday, January 25, 2023

අන්තවාදී ආගමික කල්ලි

 ආගමික Cult හෙවත් මූලධර්මවාදී කණ්ඩායම් සමස්ත ජන සමාජයට කරන හානිය ගැන විමර්ශනයක්.




Monday, January 23, 2023

බොරු නිරාගමිකයෝ Vs සැබෑ නිරාගමිකයෝ



ලංකාවේ 60-70 දශකයේ සිටි සැබෑ නිරාගමිකයන්ගේ සටන පාවා දී අනුන්ගේ න්‍යාය පත්‍ර වලට යන නූතන නිරාගමිකයන්







Wednesday, January 18, 2023

සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?



 සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?


ජීව විද්‍යා ගුරු මුතුගල විසින් සිදුකල පරිනාම වාදය බෞද්ධයන් විසින් ප්‍රතික්ශේප කල යුතු යැයි යන ප්‍රකාශය පදනම් කරගෙන සඳකත් නම් තරුණ යූටියුබ් කරුවා විසින් සිදුකල ආන්දෝලනාත්මක විවේචනය නිසා පැන නැගුනු වාදයේදී  ඔවුන් දෙදෙනාම පොට පටලවාගෙන ඉන්නා බවක් තමයි මා නිරීක්ෂණය කලේ.


මුතුගල ඍජුව නොකීවාට ඔහු සිටින මතය ඉතාම පැහැදිලිව අග්ගඥ්ඥ සූත්‍රයේ එන ලස්සන කථාව බුද්ධ මතය ලෙස පිළිගනිමින්, භෞතික ලෝකයේ සත්ත්වයා බිහිවීම එයාකරයැයි කියනා දෘශ්ටියක බව පිළිගත හැකිය.

එසේනම් ලෝකය බිහි වුනේ කෙසේදැයි බුදු හිමියන් තවත් එවැනි කථා හතරක් අග්ගඥ්ඥ සූත්‍රය ඇතුලත් දීග නිකායේම පවසා ඇති බව ඔහු නොදන්නේද? 

අපි මේ ගැන තව දුරටත් විමසා බලමු.



Friday, January 13, 2023

සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?

 සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?

සේපාල් අමරසිංහ නමැත්තා සිදු කල වාචාල ප්‍රකාශයක් නිසාවෙන් අද වන විට ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇති බව ප්‍රධාන දාරාවේ සියළු මාධ්‍ය වාරථා කොට ඇත. තව ඇතැම් තැනක කියැවෙන්නේ ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරයේදී වෙනත් සිර කරුවන් පිරිසක් පහර දී ඇති බවයි. මේ පහර දුන් සිර කරුවන් බුද්ධාගමට සේපාල් කලායැයි කියන අපහාසය නිසා අසාධාරණයට ලක්වූ බුද්ධාගම් කාරයින්ද?

සේපාල් වෙත එල්ල වූ ප්‍රහාරය නිසා, සමාජ මාධ්‍ය තුල  සතුටින් ඉපිල ගොස් සිටින්නේ අසාධාරණයට ලක් වූ බුද්ධාගම් කාරයින්ද? 

ඇත්තටම සේපාල් සිදු කල වාචාල ප්‍රකාශය නිසා අවැඩක් වෙනවානම් විය හැක්කේ කාටද?

මේගැන මගේ විමසුම....




https://www.youtube.com/@Suwisuru4U