Tuesday, February 7, 2023

දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්

 


දෘශ්‍යභාධිත ප්‍රජාව මුහුන දෙන ගැටළු ගැන ඔවුන්ගේම හඬින්


තමන්ගේ ආදායම් වියදම් පාලනය අපිට මෙන්ම ඔවුන්ගේත් සිඳලිය නොහැකි මූලික අයිතිවාසිකමකි. එහෙත් ඒ අයිතිය භුක්ති විඳීමේදී අප ලබන පහසුකම් නවීන තාක්ෂණික උපකරන ඔවුන්ටත් භාවිතා කල හැකි බව අපි බොහෝ දෙනෙකු දන්නේ නැහැ. ඒ සියල්ල එසේ වුනත්, පහසුකම් සලසන ආයතන ඔවුන්ට සේවා සැලසීමට මැලි වෙනවානම්, ඔවුන් වෙනස් කොට සලකනවානම්, ශිෂ්ට දියුණු මිනිසුන් ලෙස අපිට එය අනුමත කල හැකිද?

ඔවුන්ගේ හඬට සවන් දෙන්න යැය් මා ඔබට ආරාදනා කරමි.

Thursday, February 2, 2023

මෝහනය





මෝහනය




 
මෝහනය යන වචනය අසා තිබුනාට, බොහෝ දෙනා මෝහනය කියන්නේ කුමක්ද? මෝහනයෙන් සිදුවන්නේ කුමක්ද? වැනි කාරනා පිළිබඳ දරන්නේ ඉතාම අල්ප දැනුමක්. ඒ නිසාම මෝහනය පිළිබඳව සමාජයේ පැතිර ඇති මිත්‍යා මතවාද අප්‍රමානයි. 

මෙම වීඩියෝව තුලින් මා උත්සාහ දරන්නේ මෝහනය පිලිබඳව පවතින මේ සමාජයීය මිත්‍යා මතවාද  පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මගින් මෝහනය කියන දියුණු විද්‍යාත්මක ශාස්ත්‍රය තුලින් පුද්ගලයන්ගේ නිරෝගී භාවයට, ආකල්ප දියුනුවට, සිතේ සුවදායී පැවැත්මට ලබා ගත හැකි දායකත්වය පිළිබඳව දැනුවත් කිරීමයි.

Wednesday, January 25, 2023

අන්තවාදී ආගමික කල්ලි

 ආගමික Cult හෙවත් මූලධර්මවාදී කණ්ඩායම් සමස්ත ජන සමාජයට කරන හානිය ගැන විමර්ශනයක්.




Monday, January 23, 2023

බොරු නිරාගමිකයෝ Vs සැබෑ නිරාගමිකයෝ



ලංකාවේ 60-70 දශකයේ සිටි සැබෑ නිරාගමිකයන්ගේ සටන පාවා දී අනුන්ගේ න්‍යාය පත්‍ර වලට යන නූතන නිරාගමිකයන්







Wednesday, January 18, 2023

සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?



 සඳකත්, මුතුගල ගැටුමේදී දෙන්නම වැරදිද?


ජීව විද්‍යා ගුරු මුතුගල විසින් සිදුකල පරිනාම වාදය බෞද්ධයන් විසින් ප්‍රතික්ශේප කල යුතු යැයි යන ප්‍රකාශය පදනම් කරගෙන සඳකත් නම් තරුණ යූටියුබ් කරුවා විසින් සිදුකල ආන්දෝලනාත්මක විවේචනය නිසා පැන නැගුනු වාදයේදී  ඔවුන් දෙදෙනාම පොට පටලවාගෙන ඉන්නා බවක් තමයි මා නිරීක්ෂණය කලේ.


මුතුගල ඍජුව නොකීවාට ඔහු සිටින මතය ඉතාම පැහැදිලිව අග්ගඥ්ඥ සූත්‍රයේ එන ලස්සන කථාව බුද්ධ මතය ලෙස පිළිගනිමින්, භෞතික ලෝකයේ සත්ත්වයා බිහිවීම එයාකරයැයි කියනා දෘශ්ටියක බව පිළිගත හැකිය.

එසේනම් ලෝකය බිහි වුනේ කෙසේදැයි බුදු හිමියන් තවත් එවැනි කථා හතරක් අග්ගඥ්ඥ සූත්‍රය ඇතුලත් දීග නිකායේම පවසා ඇති බව ඔහු නොදන්නේද? 

අපි මේ ගැන තව දුරටත් විමසා බලමු.



Friday, January 13, 2023

සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?

 සේපාල් අමරසිංහගේ වාචාල ප්‍රකාශයෙන් බුදු දහමට අවැඩක් සිදු වුනාද?

සේපාල් අමරසිංහ නමැත්තා සිදු කල වාචාල ප්‍රකාශයක් නිසාවෙන් අද වන විට ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇති බව ප්‍රධාන දාරාවේ සියළු මාධ්‍ය වාරථා කොට ඇත. තව ඇතැම් තැනක කියැවෙන්නේ ඔහුට රිමාන්ඩ් බන්ධනාගාරයේදී වෙනත් සිර කරුවන් පිරිසක් පහර දී ඇති බවයි. මේ පහර දුන් සිර කරුවන් බුද්ධාගමට සේපාල් කලායැයි කියන අපහාසය නිසා අසාධාරණයට ලක්වූ බුද්ධාගම් කාරයින්ද?

සේපාල් වෙත එල්ල වූ ප්‍රහාරය නිසා, සමාජ මාධ්‍ය තුල  සතුටින් ඉපිල ගොස් සිටින්නේ අසාධාරණයට ලක් වූ බුද්ධාගම් කාරයින්ද? 

ඇත්තටම සේපාල් සිදු කල වාචාල ප්‍රකාශය නිසා අවැඩක් වෙනවානම් විය හැක්කේ කාටද?

මේගැන මගේ විමසුම....




https://www.youtube.com/@Suwisuru4U


Monday, October 17, 2022

ලිංගිකත්වය පාපයක්ද?

 සිතුවිළි - 5

ලිංගිකත්වය පාපයක්ද?
මට මේ ගැන යමක් ලිවිය යුතුමයි සිතුනේ මෑතකදී මුහුණු පොත් සමූහයක පිරිමි දරුවෙක් ලියා තිබුනා ඔහුට ගැහැණු ළමයෙකු සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට බිය බවත්, කාමය බරපතල පාපයක් නිසා එසේ කිරීමට මැලිවන බව කියමින්. මම ඒ ප්රශ්ණයට දැමූ පිළිතුරක් නිසා ඔහු මා හා කථාවකට එළඹුනා. කෙටි මෙසෙන්ජර් පණිවිඩ කිහිපයකට සීමා වූ ඒ සාකච්චාවෙන් කියැවුනේ බෝධි පූජා පින්කමකදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක විසින් කාමය බරපතල වරදක් ලෙස පැහැදිලි කල බවත් අනිවාර්යයෙන්ම අපාය ගාමි වන බව පැවසූ බවත් ඔහු කියා සිටියා. ඔහුට දුරකතන ඇමතුමකින් මා අමතන ලෙස කොතෙක් කීවත් ඔහු එයට පෙළඹුනේ නෑ. එයට හේතුව මට පැහැදිලි නෑ.
ඒ කෙසේ වෙතත් මේ ප්රශ්ණය එක් පුද්ගලයෙකුට ලඝුකොට සැලකිය නොහැකි බව මට වැටහුනේ අද උදයේ මාගේ පුතු මා හා පැවසූ පුවතක් නිසයි. මගේ පුතා මට කිව්වේ ජනප්රිය ටියුශන් ගුරුවරයෙකු මෑතකදී ටියුශන් දරුවන් රැසක් රුවන්වැලිසෑ මළුවට ගෙන ගොස් ඔවුන් සියල්ල රුවන් වැලි සෑයේ හිස් තබා ජීවිත කාලයටම තුන්වැනි සිල් පදය නොකඩන බවට පොරොන්දු ගෙන ඇති බවයි. මෙය මහා කේදවාචකයක ආරම්ඹයක් බව මම මේ කී ටික කියැවීමෙන්ම ඕනෑම සාමන්ය බුද්ධියක් ඇති අයෙකුට පැහැදිලි වෙනවා. අන්න ඒ නිසාම මම හිතුවා මේ ගැන මම පොදුවේ සාකච්චා කිරීම වඩා පලදායක බව.
අදාල සිදු වීම් වලට පාදක වී ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් ලෙස පෙන්වන යම් කිසි මතවාදයක් බැවින් මේ පැහැදිලි කිරීම බෞද්ධ පදනමකින්ම කිරීම වඩා සුදුසු වෙනවා.
තුන්වැනි සිල් පදය.
කාමේසු මිච්චා චාරා වේරමණී සික්ඛ්හාපදං සමාදියාමි
මෙහි අර්ථය ලෙස ගත හැක්කේ මිච්චා ආචාර ලෙස එන සම්මතයට පටහැනිව සීමාව ඉක්මවා කාමයෙහි යෙදීමෙන් වැලකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වෙමි. කියන අරුතයි.
මෙහිදී පළමුව අපි ශික්ෂාවක් සමාදන් වීම තේරුම් ගන්න ඕනේ.
ශික්ෂාවක් සමාදන් වීම කියන්නේ කෙනෙකු තමන් වැරදි යැයි පිළිගන්නා ක්රියාවක්, තවදුරටත් නොකරන බවට තමාටම පොරොන්දු වීමකි. මෙය අන් කිසිදු බලපෑමක් විසින් පාලනය කරන බවක් බුදු දහමේ කිසිසේත්ම සඳහන් නොවෙයි.
ඔබ යම් සිල් පදයක් සමාදන්ව ඇත්නම් ඔබ ඔබටම පැමිණි පොරොන්දුවක් ඇත. එසේ ඔබ පොරොන්දුවක් වන්නේ එම ක්රියාව වැරදි බව ඔබ පිළිගන්නා නිසා බැවින් එම පොරොන්දුව රැකීම හොඳයි.
කාමේසු මිච්චාචාර යනු කාමයෙහි හැසිරීමද කියන එක සොයා බැලීම ඉතාම වැදගත්.
බුදු දහම කාමයෙහි හැසිරීම වරදක් ලෙස කිසිදු තැනක කියනේ නැත. කාමභෝගී ගිහියාට කාමය සැපතක් ලෙස බුදු හිමියන් පෙන්වා දුන් තැන් ඔනේ තරම් ත්රිපිටකයෙන් උපුටා දීමට හැකිය. ඉතින් මේ සැපය විඳීම බුදු හිමියන් කිසි තැනක නිගරු කලේ නැත. අන්තප්පුර දැරූ රජුනට භහුභාර්යා සේවනයේ අවැඩක් ගැන බුදු හිමියන් කියූ බවට සඳහනක් නැත. සිද්ධාර් ථ කුමරු කුමාර කාලයේ 500 ක් කුමරියන් පිරිවරා රම්ය සුරම්ය සුභ මාලිගා වල උපරිම කම් සැප විඳි බව බෞද්ධ සාහිත්යය කියනවා නම්, සිද්ධාර් ථ කුමරු වයස 16 දී සම වයස් සුරූපිණියක වූ යශෝදරාවන් හා විවාහා වූ බව කියනවා නම්, ඔවුන් සිය කුළුඳුල් දරු උපත ලැබුවේ මහභිනික්මන දා එනම් මේ කුමරුන් හා කුමරිය 29 වැනි වියේදී යැයි කියනවා නම්, වසර 13 ක සියළු සැපයෙන් සපිරි කුමාර ජීවිතය තුල සිද්ධාර් ථ කුමරුන් ගත කලේ කුමනාකාර කාමභෝගී ජීවිතයක්දැයි ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. බෝසතුන් කලකිරීමට පත් වන්නේද මේ අධික කම්සැප විඳීම නිසාම බව තමයි ධර්මයේ කියැවෙන්නේ.
කාමභෝගී ගිහියෙකු ලෙස මේ අධික කම් සැප විඳීම බුද්ධත්වයට කොතැනක හෝ බාධා වුනාදැයි විමසා බැලිය යුතුයි. එවැන්නක කිසි තැනක කියැවෙන්නේ නැහැ.
එහෙත් ඇතැම් බෞද්ධ කල්ලි වාදී භික්ෂූන් මේවාට ඉතා දරුණු වැරදි අර් ථ කථන දෙන බව පෙනෙනවා. මේ වැරදි අර් ථ කථන නිසාම තරුණ පරපුර බරපතල ඉච්ඡාභංගත්වයකට (Frustration ) පත්වෙනවා.
කාම ආශවන් ඇති මිනිසුන්ව ඉපිද, කාමය බරපතල පවක් යැයි දැනගැනීමට ලැබීමෙන් ඉච්ඡාභංගත්වයකට පත් වීම ඉතාම සාධාරණයි. ඉතින් මේ මුග්ධ විකෘති කල්ලි වාදීන් කරමින් ඉන්නේ සමස්ථ ජාතියක් උන්මත්තකයන් කිරීමේ මහා අපරාධයකුයි. කාමයට බිය ඇති කිරීම සෑම අතින්ම පුදගලයෙකුගේ පෞරුෂ වර්ධනයට ඇති කරන්නේ ඉතාම ඍණාත්මක බලපෑම්කි. කාමයට ලිංගිකත්වයට බිය පුදගලයා තුල වර්ධනය වන්නේ සමාජ විරෝධී මනෝ භාවයන් වීමට බොහෝ දුරට ඉඩ පවතිය හැකිය. ඔවුන් අසංතෘප්ත පුදගලයන් වීමේ විශාල ඉඩක් ඇත. කාමය හෙවත් ලිංගිකත්වය යනු පුදගලයෙකුගේ අහර රුචිය වැනිම වූ තවත් එක ස්වභාවික රුචියක් පමණකි. එය බුදු දහම කිසි තැනක ප්රතික්ශේප කරන්නේ නැත. නමුත් බුද්ධිමත් පුදගලයා තුල අන් සෑම දෙයකට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිද හික්මීමක් පවතී. දියුණු මිනිසුන් ලෙස අප පිළිපැදිය යුත්තේ ඒ සමාජ සම්මත හික්මීමෙන් යුතු, තමාටත් අනෙකෙකුටත් හානි දායක නොවන ලිංගික ජීවිතයකි. එයට වැට කඩොලු බැඳීමක් හෝ, අපායක් පෙන්වා බිය කිරිමක් ශ්රේෂ්ට උත්තමයෙකු වූ බුදු හිමියන් කිසි තැනෙක සිදු කොට නොමැති බව මම වගකීමෙන් කියමි.
ගිහි විනය හා පැවිදි විනය පටලවා ගිහියන්ට පැවිදි බන දෙසන භික්ෂු ප්රතිරූපකයන් ගැන අනුකම්පා කිරීම හැර කල හැකි අන් යමක් නැත.
තරුණ ජීවිත මේ මිත්යාවෙන් ගලවා ගැනීම ඉතා වැදගත් කාලීන අවශ්යතාවයකි.
Nayanagith Perera
30.09.2022