මෑත කාලයේ ජනමාධ්‍ය වල බොහෝ සාකච්චාවට ලක් වුනු සැමියෙකු විසින් තම බිරිඳට වෙඩි තබා මරා දැමීමට තැත් කිරීමේ කාරනය තුලින් මට වෙනස් කථාවක් මතක් වුනා. මේක මීට අවුරුදු 15 කට විතර කලින් මම මුහුන දුන් අත්දැකීමක්.
එවකට මා රාජකාරි කල පෞද්ගලික ආයතනයේ මගේ ලේකම්වරිය ලෙස සේවය කල තරුණිය එවකට තම විවාහයෙන් වෙන්ව මව සමග ජීවත් වූ තැනැත්තියක්. ඉතා කාර්ය ශූර තරුණියක වූ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මා ඊට වඩා යමක් දැන සිටියේ නැහැ.
ඉතා කැපවීමෙන් තම රාජකාරි ඉටුකල ඇය, දිනපතාම මෙන් රැකියාවට පැමිණියේ මාගේ අංශයේම සෙවය කල අලෙවි නිළධාරියෙකුගේ රාජකාරි රථයෙන් ඔහු හා අසල කාර්යාලයක සේවය කල ඔහුගේ බිරිඳද සමගින්.
එක් දිනක් උදයේ මා අසුනේ රැඳී සිටියදී හදිසියෙන් මෙන් දුවගෙන ආ පෙර කී අලෙවි නිළධාරියා සියල්ලන් තැති ගන්වන පුවතක් කියා සිටියා. ඔහු සුපුරුදු පරිදි ඔහුගේ බිරිඳ කාර්යාලය අසලින් බස්සවා අපගේ කාර්යාලය ඉදිරියෙන් ලේකම් වරිය බස්සවා රතය අයිනට කර නවත්වනවාත් සමගම අසල නවතා තිබූ ත්‍රීරෝද රියකින් ඉදිරියට පැමිණි තරුණයන් තිදෙනෙක් අර ලේකම්වරිය බලහත්කාරයෙන් ඇද ත්‍රිරෝද රියට දමාගෙන පලා ගොස් ඇත.
වාසනාවකට මගේ අලෙවි නිලධාරියා ඒ තිදෙනා අතර සිටි ඇයගේ වෙන්ව සිටින සැමියා හඳුනාගෙන ඇත.
ඒ අවස්ථාවේ මාගේ උපදෙස් මත වහාම මා ඇයව රැගෙන පැමිණි අය හා තවත් අලෙවිඅංශයේ තරුණයෙකු ආසන්නම පොලිස් ස්ථානය වෙත පිටත් කර හැරියේ රැගෙන පැමිණි අයගේත් පැහැර ගැනීමට ලක් වූ තරුණියගේත් ආරක්ශාව වෙනුවෙනුයි.
ඔවුන් ගොස් පොලීසියට මෙය පැමිණිලු කල විට පොලීසිය අසා ඇත්තේ රැගෙන ගියේ සැමියා විසින් බව හඳුනා ගත්තාද යනුයි.
ඒ සැමියා බව පැවසූ විට එසේනම් අපිට කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ටත් ප්‍රශ්ණයක් නැහැ ඒගොල්ලන්ගේ පවුලේ ප්‍රශ්ණය ඒගොල්ලෝ බේරාගනියි කියා පැමිනිලි කිරීමට ගිය පිරිස හරවා එවා තිබුනා.
කිරීමට කිසිවක් නොවුනු හා එකට රාජකාරි කල මිතුරියකගේ හදිසි ආපදාවෙන් කැලැඹුනු ආයතනයේ පිරිස ලෙස වහාම මේ ගැන ඇයගේ මවට හා ඤාතීන්ට දැනුම් දී ඔවුන්ව පැහැරගැනුම සිදුවූ ප්‍රදේශයට අයත් පොලිස් ස්ථානයට යොමු කිරීමට කටයුතු කළා.
මේ තරුණිය සැමියාගෙන් වෙන්වීමට නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටි බවත්, පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා.
මේ සමස්ථ සිදුවීම අප සමාජයේ එදිනෙදා සිදුවන දහසකුත් එකක් පවුල් ආරවුල් සමග බැලීමේදී හුදු තවත් එක් සිදුවීමක් මිස කථා කිරීමට තරම් වූ වැදගත් සිදු වීමක් නොවෙයි.
එහෙත් අදටත් මේ සිදුවීම මගේ මනසේ රැඳී පවතින්නේ එකම එක හේතුවක් නිසයි. ඒ අදාල අවස්තාවේ පොලීසියේ හැසිරීම හා එම තරුණිය මිහුණ දුන් අති භයංකාර අනාරක්ෂිත තත්වය.
ඇය කෙරෙහි ද්වේශයෙන් ඊර්ශ්යාවෙන් හා ක්රෝදයෙන් පසුවූ සමාජ තත්වය අතින් ඇයට නොගැලපෙන එම අවාසනාවන්ත මිනිසා ඇයගේ ජීවිතයට අනතුරක් කලා නම්, ඇයට ඇසිඩ් ප්‍රහාරයකින් වැනි යමකින් හානි කලානම්, දරුනු ලෙස වදදී අඩන්තේට්ටම් කලා නම්, යම් අයුරකින් ඇය හා මේ උන්මත්තකයා ලිංගික ඇසුරක් ඇවැත්වූවා නම්, ඔහු වසර ගනනාවක් ඇගෙන් වෙන්ව සිටීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය කෙබඳු විය හැකිද එයින් ඇයට ඇති වන සෞඛ්‍යමය අවධානම කොතෙක්ද? එය සාපරාධී ස්ත්‍රී දූශනයක් නොවන්නේද?
එවැනි අවධානමකින් ගැලවීමට ඇයට පුද්ගලයෙකු සතු අයිතියක් නොවන්නේද?
ඇයගේ ඉච්චාවෙන් තොර බලහත් කාරයක් හමුවේ ඇයගේ අයිතීන් හා ජීවිතය ආරක්ශා කර දීම පොලීසිය සතු වගකීමක් නොවන්නේද?
අදාල දිනයේ ඇගේ අරමුණ වූ රැකියාවට වාර්තා කිරීම බලහත්කාරයෙන් වැලකීමට අදාල දිනය වනවිටත් නීතියෙන් අවලංගු නොවූ සැමියා වූ පමණින් ඔහු සතු බලයක් වෙත්ද?
පොලීසිය ගරු කලේ එවන් වූ අයිතියකටද?
පුද්ගලයෙකු තමන්ගේ ඉච්චාවෙන් තොරව බලහත්කාරයෙන් රැගෙන යාමට හා රඳවා තබා ගැනීමට විවාහ නීතිය බලය සපයන්නේද?
එය එසේනම්
ගැහැණිය යනු අපේ නීතියට අනුවත් සැමෙයාගේ යටතේ ජීවත් වන දෙවැනි අන්තියේ පුරවැසියෙකු විය යුතුයි නේද?
අද වන විට සමාජය අස්වාභාවික ලිංගික රුචියන් ඇති පුද්ගලයින්ගේ අයිතීන් ගැන පවා කථා කරති. එහෙත් සැබැවින්ම ගැහැණිය සතුව නීතිමය ආරක්ෂාවක් වෙත්ද?
තත්වය එබඳු නම් කසාද මිණිහා ගෑනිට වෙඩි තිබ්බාම මොකද?
This comment has been removed by the author.
ReplyDeleteවිවාහ දිවියේ ගොඩක් ප්‍රශ්න නිසි කලට වෙලාවට බිරිඳට (විචාරක ක්‍රමයට) වෙඩි නොතැබීම නිසා ඇති වූ ඒවා තමා, ඒක අයිතිවාසිකමක් නොවේ යුතුකමක්නේ. යුතුකම් ඉටු නොකරන්නාට අයිතිවාසිකම් නැත.
Deleteඒකනම් හරි
Delete/පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා./
ReplyDelete/ඔවුන් ගොස් පොලීසියට මෙය පැමිණිලු කල විට පොලීසිය අසා ඇත්තේ රැගෙන ගියේ සැමියා විසින් බව හඳුනා ගත්තාද යනුයි./
බොහෝවිට ප්‍රසිද්ධ කුඩ්ඩෝ කවුරුත් පොලීසිය හඳුනනවා, එයාගේ නමත් කියන්න ඇතිනේ, පොලිසියේ අයත් තමුන්ගේ පවුලේ මේවගේ ප්‍රශ්නයකදී ක්‍රියාකරන්නෙත් ඔයාකාරයෙන්මයි, මේකත් පොලිසියේ අයකුගේ උපදෙස් අනුවම වෙන්නත් පුළුවනි.
ඕනෑම කෙනෙකු තමුන් දන්නා හඳුනන කෙනෙකුට පක්ෂපාතීව තීරණ ගන්න ඇති ලැදියාව බොහොම වැඩියි,මිනිස්සු සමාජයට (society)දොස් කීවාට තවම ජීවත් වෙන්නේ ප්‍රජාවක් (community) විදිහට. පොලීසියට පැමිණිලි කිරීමට ගිය අය තදින් හිටියානම් නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා, බය නැතුව නීතිය ඉල්ලාසිටින මිනිසුන් එක් කෙනෙකුවත් නැති තැනක සමාජ සාධාරණය ගැන කතා නොකලාට වරදක් නෑ.
ඔව් ඔබ කී විට තමා මටත් ඒ ඉඩකඩ වැටහුනේ.
Deleteඇතැම් විට කුඩ්ඩාගේ ගල් බෝතලයකට නැමුනු පොලිසියේම එකෙක් දුන් උපදෙසක් වෙන්නත් ඇති. මේවා රටේ වෙන්නේ නැති දේවල් නෙවෙයිනේ.
පුදුම කතාවක් මම කිව්වේ පොලිසිය ගැන. පොලිසිය මෙහෙම කලා කියන එක. ඇනයා ගේ කටහ්ව මාත් අනුමැත කරනවා. එහම වෙන්න ඇති.
Deleteඇයි උඹ අහුවේ නැද්ද පොලුස්පතියා කියනවා නීතිය නමන්න පුළුවන් කියනවා. නමන්න ඉතරක් නෙමෙයි නමලා පුකේ ගහගන්නත් පුලුවන් එයාලට.
ReplyDeleteඒකත් ඇත්ත
Deleteසිංහල බෞද්ධ ජන සම්මතය අනුව සැමියා බිරිඳට හිසා පීඩා කළත්, ඇය සැමියාට එරෙහිවීම,ගෙදරින් පිටවයාම, නීති මගින් ක්‍රියා කිරීම යන සියල්ල වැරදි ක්‍රියාවන්, හින්දු, මුස්ලිම් අයත් එවැනිමයි කියා මම හිතන්නේ. බෞද්ධ ගාථා උපුටා දක්වන්න එපා, එය ජන සම්මතය නොවේ.
ReplyDeleteඇණයා, මේ වගේ කාරනා වලට එක් ජන සමාජයක් උලුප්පා දැක්වීම ගැන මම එකඟ නැහැ.
Deleteඒ වගේම මෙවැනි දේ ගැන අපි කථා කරන්නේ අපි දන්නා සමාජ පසුබිම එක්කයි. එතකොට බහුතරය සිංහල බෞද්ධ කියන ජන කොටස අවශේශ වශයෙන් දෙමල හා මුස්ලිම්. ඇයි අපි ආශ්‍රය කරන යාලුවෝ අතර ඉන්නෙත් මේ කට්ටිය.
හැබැයි ඇත්ත ඒක නෙවෙයි, මේ තමයි සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවය. ඒ කියන්නේ අමුවෙන්ම මිනිස් ස්වභාවය. මේක වෙනස් වෙලා තමන්ගේ ගෑනිට උනත් ගරු කරන්න පුළුවන් තත්වයකට කෙනෙක් එන්නේ බුද්ධිය වර්දනය වීමත් එක්කයි. බුදු දහම උත්සහ කරන්නේ අන්න ඒ තැනට මිනිස්සු ගෙන එන්නයි. නැතුව ගාථා වල තිබුනයි කියලා හැම බුද්ධාගම් කාරයම එහෙම වෙන්නේ නැහැ.
කෙනෙකුට කියන්න පුළුවන් බටහිර සමාජේ මෙහෙම නැහැ කියලා ඒත් ඒකත් ඇත්ත නෙවෙයි. ඒ සමාජේ ගෑනුත් උගත් යම් පමණකට හා සමාජයට විවෘත්තයි. අන්න ඒ නිසා උන් ගෑනු කම කියලා අසාධාරණය ඉවසන්නේ නැහැ. මිනිස්සු ඒක දන්න නිසා යම් හික්මීමක් ඇති වෙනවා.
මේ සියල්ල පුද්ගල දැනුවත් භාවය විසින් අවම කරගත හැකි තත්ව
පොලීසියේ තියන පොදු වැරැද්දක් තමයි මේවගේ සිද්ධි ගණන් නොගෙන සිටීම. මට මතකයි මාතලන් කියන අපරාධකරුවා අපේ පාසලේ ඉගනගත්ත ශිෂ්‍යාවක් පැහැරගෙන ගියාමත් පොලිසිය කිව්වෙ පැනල යන්න ඇති කියල.
ReplyDeletehttp://raj1st.blogspot.com/2011/08/blog-post.html
රාජ් ඔබේ පැරණි ලිපියත් කියෙව්වා.
Deleteඇත්ත ඔබ කියන පරිදි පොලීසිය මේවා නොසලකා හැරීම බරපතල ප්‍රශ්නයක් තමයි.
ඒත් මම දකින්නේ පොලීසිය දිනාතාම මේ වගේ ප්‍රෂ්ණ එක්ක ගැටිලා, බහුතරයක් වෙන්නේ පැනලා ගිය ඒවා ඕනෙ කමින් පවුල් කඩා ගන්න ඒවා නිසා ඔවුන් සැබෑ ප්‍රශ්ණයත් අර පොදු තත්වයට ලගු කරීමක් කියලයි.
ඇත්තටම පොලීසිය ට හැකියාව තියෙන්න ඕනේ එක් එක් ප්‍රශ්ණය එයට ආවේනික කරුනු ඔස්සේ වඩා වෘත්තීයමය මට්ටමකින් විශ්ලේශනය කරන්න.
ඒකට ඔවුන්ට වෘත්තීය මට්ටමේ පුහුණුවක් හා මනා ආර්ථික පසුබිමක් සැකසීම වැදගත් වෙනවා. ලංකාවේ නම් ඒවා වෙන එකක් නැහැ.
අවසානයේ මේ තරුණියට කුමක් සිදුවූයේද ? ප්රශ්නය සමථයකට පත්වූවාද ?
ReplyDeleteමවගේ මැදිහත් වීමෙන් දින කිහිපයකට පසු ඇයව උසාවියට ඉදිරිපත් කොට මවගේ ලඟට ගෙන තිබුනා. ඉන් පසු කිසි දිනෙක ඇය නැවත සේවයට වාර්ථා කලේ නැහැ. කලකට අසු මට දැන ගැනීමට ලැබුනා ඇය වෙනත් ආයතනයක සේවය කරන බවත් අර කුඩු කාරයාගෙන් වෙන්වී ඇති බවත්. මා කිසි දිනෙක අද දක්වා එදායින් අසු ඇයව දුටුවේ නැහැ.
Deleteපොලිස් විදුහල් පාඨමාලාවේ නීතිය උගන්වන්නේ නැද්ද?
ReplyDeleteබිරිඳව ලිංගිකව දුෂණය කළා ය යන වරදට චෝදනා ඔප්පු වී මෙහේ සැමියෙකු සිරයට නියම වුණා!
ඔව් රසික, නීතිය උගන්වනවා. අන්න ඒක නිසා තමයි මගදී රියැදුරෙක් අල්ල ගත්තහම පොලිසියත් එක්ක වාද කලොත් ඇයි තමුසේ හදන්නේ මට නීතිය උගන්නන්නද, ගිහින් ඒවා බලා ගන්නවා උසාවියේදී කියලා දඩ කොලයක් දෙන්න පුළුවන් වරදටත් උසාවි දාන්නේ.
Deleteමේ වගේ ප්‍රශ්න ඉගැන්වීමෙන් පමණක් විසඳිය හැකි ඒවා නෙවෙයි. සැබෑ වෘත්තීය මට්ටමකට එන්න නම් අකණ්ඩ පුහුනුවක් හා හික්මීමක් දිය යුතු වෙනවා.
රාජ්‍ය අංශයේ නැති කාර්ය ශූරත්වයක් පෞද්ගලික අංශයේ තියෙන්නේත් මේ නිසා තමයි.
මා කාරණා කිහිපයක් උලුප්පා දක්වන්න කැමතියි.
ReplyDelete1. මේක මීට අවුරුදු 15 කට විතර කලින් මම මුහුන දුන් අත්දැකීමක්.
2. ඉතා කාර්ය ශූර තරුණියක වූ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැන මා ඊට වඩා යමක් දැන සිටියේ නැහැ.
3. පැහැර ගැනුම කල සැමියා කිසියම් වූ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වූ කාලකන්නියෙකු බවත් ඇයගේ ඤාතීන්ගෙන් අප පිරිස පසුව දැනගෙන තිබුනා.
ඔබ දෙපාර්ශවයම සමබර කරමින් මේ රචනය කළ යුතුයැයි මා කියන්නේ නෑ, ඒත් ඔබ ඔවුන්ගේ ආරවුල පිළිබඳව මතයක් ප්‍රකාශ කරන්නට තරම් දැනුවත් නැති බවයි පෙනෙන්නේ. මා ඒ තරම්වත් ඒ ගැන නොදන්නා හෙයින් කිසිදු අදහසක් ප්‍රකාශ කිරීමේ බලාපොරොත්තුවක් නෑ.
වසර 15 කට පෙර යනු චන්ද්‍රිකා කුමාරතුංග බේබදු නෝනා මහත්මිය මේ රටේ පාලනය හොබවමින් සිටි අවදියයි. ගෘහස්ත හිංසනය වැළක්වීම පිණිස කිසියම් අණපනත් ඒ මැතිණියගේ කාලයේ සම්මත කෙරුණා මතකයි. පාසැලේ දී දරුවන්ට පහර දීම හේතුවෙන් ගුරුවරුන්ට එරෙහිව මානව හිමිකම් නඩු පැවරෙන්නෙත් එවැනි අණපනත් හේතුවෙන්.
පොලිසියේ ප්‍රතිචාරයනම් අහම්බයක් නොවෙයි. බොහෝ ආරවුල් 'ඉබේ' සාමදාන වන බව අත්දැකීමෙන් දන්නා අපේ පොලිසියේ මහත්වරු මේ අයුරින් කටයුතු කිරීම සාමාන්‍ය කරුණක්. තරුණියගේ ඥාතීන්ට මේ පැහැර ගැනීම ගැන ඇති අමාරුව පොලීසියට නැත්තේ ඒ නිසයි. එය කුඩ්ඩෙකුගේ ගල් බෝතලයකට යට වීමක් නොවෙයි. පෙර පැමිණිලි නැතිනම් මෙවැනි අවස්ථාවක පොලිසිය උදාසීන වීම ගැන දොස් කියා පලක් නෑ. මිනිස්සු "මතු ආරක්ෂාවට" පැමිණිලි දමන්නේ ඇයි?
ඔබ කතාවෙන් ඇත්ත වශයෙන් මතු කරන්නේ වෙනත් කාරණයක්.
බිරිඳට වෙඩි තැබීමට සැමියාට අයිතියක් ඇත්ද යනුයි. මේ ගැන අපගේ අදහස වන්නේ, බිරිඳට වෙඩි තැබීමට සැමියාට අයිතියක් ඇති බවයි. ඒ අයිතිය සැමියාට වෙඩි තැබීමට බිරිඳට ඇති අයිතියට සමානයි.
එසේම, බිරිඳට පහර දෙන සැමියන් සේම සැමියාට පහර දෙන බිරින්දෑ වරුන්ද මේ සමාජයේ සිටින බවත්, ඒ සියල්ලටම වඩා එකිනෙකා පහර දී නොගන්නා පති-පතිනියන් බොහෝ සෙයින් සිටින බවත් මතක් කිරීමට කැමතියි. මා මෙය සඳහන් කරන්නේ මේ සිද්ධියට ජාති-ආගම් ඈඳා ගැනීමට තැත් කරන අය වෙනුවෙන්.
ස්තුතියි කණිෂ්ක
Deleteමේක මගේ ලිපියට ඌන පූර්නයක්
ඒ නිසා මට ඊට වැඩිය කියන්න දෙයක් නැහැ
කිසිම කෙනෙකු ස්ව කැමැත්තෙන් තොරව පැහැරගෙන යාම වරදක් විය යුතුයි. එයට ඥාතීත්වය බලපාන බව විශ්වාස නොකරමි.
ReplyDeleteකිසිම කෙනෙකු ස්ව කැමැත්තෙන් තොරව පැහැරගෙන යාම වරදක් විය යුතුයි. එයට ඥාතීත්වය බලපාන බව විශ්වාස නොකරමි.
ReplyDeleteපැහැදිලිව ඉතින් වැරද්දක් තමයි....අන්තිමට ඉතින් ඒ කෙල්ල යහතින් ආයෙත් ආවද
ReplyDelete