සමාජයට විෂවූ පාසැල් වියේ ප්‍රේමය.

පින්තූරය අන්තර්ජාලයෙන් ලබාගත්තකි
මුහුණු පොතේ සාකච්චාවන් කරන පාසැල් වියේ සිට යොවුන් විය දක්වා පරාසයක දරුවන් සිටින මව් පියවරුන් වූ මගේ මිතුරු මිතුරියන් පිරිසක් හා සාකච්චාවේදී මතු වූ කරුනු ඔස්සේ මේ ලිපිය සැකසුනු නිසා එය බ්ලොගයේ පල කල යුතුයැයි මට සිතුනා.
පාසැල් වියේ ප්‍රේමය ගැන කථා කරන කොට අපි ඉතාම ප්‍රවේශමෙන් මෙහි ඇති මූලික කරුනු වටහා ගත යුතු වෙනවා.
පාසැල් වියේ ප්‍රේමයට නතු වන්නේ කවුරුන්ද?
වයස 10 සිට 19 දක්වා පශ්චාත් ළමා වියේ හා නව යොවුන් වියේ පුද්ගලයින්.
වයස 10 සිට 19 දක්වා පශ්චාත් ළමා වියේ හා නව යොවුන් වියේ පුද්ගලයින්.
මේ වයස් සීමාව සැලකීමේදී පුද්ගල වර්ධනයේ ඉතා වැදගත් අවධියක් වන මේ කාල සීමාව තුල දරුවෙකු කායික මෙන්ම මානසික විපර්යාසයන් රැසකටම මුහුණ දෙනවා. මේ මාතෘකාව සාකච්චා කරන අපි, මෙන්න මේ කායික හා මානසික කරුනු ගැන බොහෝම සංවේදීව දරුවෙකුගේ දැක්මෙන් දැකිය යුතු වෙනවා.
මේ අවධියේ දරුවෙකු මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි තමන්ගේ සිරුරේ වෙන වෙනස් කම්. අපේ වැනි සංවෘත්ත සමාජ ක්‍රමයක් තුල දරුවෙකු මේවා විසඳා ගැනීමට නොහැකි දේවල් එමෙන්ම දරාගත යුතු රහසිගත් අත්දැකීම් ලෙස පීඩා විඳිනවා. ඒවගේම විරුද්ධ ලිංගිකයන්ගේ වෙනස්වීම් ගැන කුතුහලයට පත් වෙනවා.
දරුවන් අභ්‍යන්තරයෙන් පෙලෙන මෙවන් කාරන අහම්බෙන් හෝ දැන ගත් විට වැඩිහිටිය පෙළඹෙන්නේ
මුන්ට මගුල් විසේ ඉහට ගහලා
ඇටෙන් පොත්තෙන් එන්න කලින් මගුල් විසේ
වැනි දරදඬු ප්‍රහාර එල්ල කිරීමටයි.
දරුවන් අභ්‍යන්තරයෙන් පෙලෙන මෙවන් කාරන අහම්බෙන් හෝ දැන ගත් විට වැඩිහිටිය පෙළඹෙන්නේ
මුන්ට මගුල් විසේ ඉහට ගහලා
ඇටෙන් පොත්තෙන් එන්න කලින් මගුල් විසේ
වැනි දරදඬු ප්‍රහාර එල්ල කිරීමටයි.
ඒ වගේම සලකා බැලිය යුතු කරුනක් තමයි මෙහි නීතිමය පාර්ශවය.
ලංකාවේ වලංගු නීතිය අනුව වයස දහ අට ඉක්මවූ ගැහැණු හෝ පිරිමි දරුවෙකු පුරවැසියෙකු වශයෙන් පිළිගනු ලබනවා.
රථවාහන පැදවීමේ බලපත්‍ර ලබා ගැනීමට
ඡන්ද ප්‍රකාශ කිරීමට
හා තම අභිමතය පරිදි විවාහයක් සිදු කර ගැනීමට
මොවුන් නෛතිකව අවසර ලාබීන්.
ලංකාවේ වලංගු නීතිය අනුව වයස දහ අට ඉක්මවූ ගැහැණු හෝ පිරිමි දරුවෙකු පුරවැසියෙකු වශයෙන් පිළිගනු ලබනවා.
රථවාහන පැදවීමේ බලපත්‍ර ලබා ගැනීමට
ඡන්ද ප්‍රකාශ කිරීමට
හා තම අභිමතය පරිදි විවාහයක් සිදු කර ගැනීමට
මොවුන් නෛතිකව අවසර ලාබීන්.
එහෙත් අපේ අධ්‍යාපන ක්‍රමය තුල පාසැල් අධ්‍යාපනය ලැබීම වයස දහ නවය දක්වා සිදු වෙනවා. මෙන්න මෙතැන පැහැදිලි ගැටළුවක් නිර්මානය කරනවා.
වයස දහ අට ඉක්මවූ පාසැල් පෙම්වතුන් යුවලක් සිටියොත් පොලීසිය ඔවුන් කුදලාගෙන ගොස් සියලු සමාජ අවමන් කොට මව් පියන්ට පවා අවමන් වන ආකාරයෙන් විශාල ගෝශාවක් නිර්මාණය කරනවා. සමාජය මෙය දකින්නේ නැහැදුනු කමක් ලෙසටයි. ඒත් ශාරීරිකව මෙන්ම නෛතිකවද මේ යුවල වැඩිහිටියන් බව සැමට අමතක වෙනවා පාසැල් නිල ඇඳුම නිසා.
සිදු වීමෙන් පසු අදාල තරුණිය සමාජය ඉදිරියේ වැදගත් පිරිමියෙකුට අත ගත නොහැකි අවමන් සහගත ගැහැණියකි. "අපෝ ඕකි කොල්ලෙක් එක්ක පාර්ක් එකේ ඉඳලා පොලිසියෙනුත් අල්ලන් ගියා" කිමම සෑහෙන චරිත සහතිකයකි.
වයස දහ අට ඉක්මවූ පාසැල් පෙම්වතුන් යුවලක් සිටියොත් පොලීසිය ඔවුන් කුදලාගෙන ගොස් සියලු සමාජ අවමන් කොට මව් පියන්ට පවා අවමන් වන ආකාරයෙන් විශාල ගෝශාවක් නිර්මාණය කරනවා. සමාජය මෙය දකින්නේ නැහැදුනු කමක් ලෙසටයි. ඒත් ශාරීරිකව මෙන්ම නෛතිකවද මේ යුවල වැඩිහිටියන් බව සැමට අමතක වෙනවා පාසැල් නිල ඇඳුම නිසා.
සිදු වීමෙන් පසු අදාල තරුණිය සමාජය ඉදිරියේ වැදගත් පිරිමියෙකුට අත ගත නොහැකි අවමන් සහගත ගැහැණියකි. "අපෝ ඕකි කොල්ලෙක් එක්ක පාර්ක් එකේ ඉඳලා පොලිසියෙනුත් අල්ලන් ගියා" කිමම සෑහෙන චරිත සහතිකයකි.
මේ දරුවන්ගේ අභ්‍යන්තරය දැකීමට වැඩිහිටියන් බහුතරයකට නොහැකිය, නැතිනම් දැකීමට නොහැකි තරම් කුහකය.
මෙවැනි තත්ව වලින් මුදවා ආත්ම ශක්තියක් සහිත තරුණ පරපුරක් රටට උරුම කර දීමට නම් පළමුවෙන්ම කල යුත්තේ ජාත්‍යන්තරයෙහි සිදු වනවා මෙන් පාසැල් අධ්‍යාපනය වයස 17 හී අවසන් වන ලෙසට අධ්‍යාපන ක්‍රමය ප්‍රථිසංස්කරනය කිරීමයි.
එසේම තම යෞවන විය අමතක වූ වැඩි හිටියන්හට එය මතක් කරදීමේ වැඩ මුළු පැවැත්වීමයි.
යම් කිසි සංවිධානයකට මැදිහත් වී වුවද මෙය සා පෙල දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කර සිදු කල හැකිය.
මෙවැනි තත්ව වලින් මුදවා ආත්ම ශක්තියක් සහිත තරුණ පරපුරක් රටට උරුම කර දීමට නම් පළමුවෙන්ම කල යුත්තේ ජාත්‍යන්තරයෙහි සිදු වනවා මෙන් පාසැල් අධ්‍යාපනය වයස 17 හී අවසන් වන ලෙසට අධ්‍යාපන ක්‍රමය ප්‍රථිසංස්කරනය කිරීමයි.
එසේම තම යෞවන විය අමතක වූ වැඩි හිටියන්හට එය මතක් කරදීමේ වැඩ මුළු පැවැත්වීමයි.
යම් කිසි සංවිධානයකට මැදිහත් වී වුවද මෙය සා පෙල දරුවන්ගේ දෙමාපියන් ඉලක්ක කර සිදු කල හැකිය.
මේ කථාව හරහා දරුවන්ට වල් බූරු නිදහසක් ලබා දී අයාලේ යාමට ඉඩ දීමක් මම අදහස් කරන්නේ නෑ. සීමා පැනවීම් හා ඉලක්කයන් කරා මෙහෙයවීම් ඉතා සූක්ශමව අවබෝධයෙන්ම කල යුතුයි.
ඒවගේම ගෙදරින් දෙමාපියන්ගෙන් හොඳ ආදරයක් ලබන දරුවන් පිටස්තර ආදරයක් සොයා යාමට පෙළඹීම් ඉතා අඩුබව ප්‍රකට කරුනක්. එහි ඇත්තක් තියෙනවා. ඒත් නිසි වයසේදීත් සහකරුවෙකු/සහකාරියක සොයා ගැනීමට නොපෙළැඹී දෙමාපියන් මත රැඳීමට උත්සහ කිරීමේ අවධානමකුත් එහි තියෙනවා.
මෙවා ඉතා බුද්ධිමතව හා සූක්ෂමව විසඳිය යුතු තත්වයන් ලෙසයි මම දකින්නේ.
මෙවා ඉතා බුද්ධිමතව හා සූක්ෂමව විසඳිය යුතු තත්වයන් ලෙසයි මම දකින්නේ.
සාකච්චාවට විවෘත්තයි
++++++
ReplyDeleteමගේ අදහස නම් අඩු වයසින් දරුවන් ලැබීමේ අවදානම, සමාජ රෝග වැලඳීමේ අවදානම ගැන පාසැල් හරහා දැනුවත් කිරීමත් 13-14 සිට විශේෂ යහළුවකු හෝ යෙහෙළියක සිටීම වරදක් නොවන බවට දරුවන්ට ඒත්තු ගැන්වීමත් කල යුතුයි කියන එකයි. මෙයින් දරුවන්ගේ පෞරුෂය වර්ධනය මෙන්ම වගකීන් සහිත ආදර සම්බන්ධතා වලට හුරුවක් ලැබෙනවා. ශරීරයේ සහ මනසේ සිදුවන ස්වාභාවික වර්ධනයක් නරක දෙයක් හෝ කල නොයුතු දෙයක් හෝ ලැජ්ජා වියයුතු දෙයක් ලෙස කියා දීමෙන් ළමයින් මානසිකව අතරමං වෙනවා. මේ දේවල් ලංකාවේ වෙන්නේ නැහැ. ඒවුණාට මම මගේ දරුවන්ට ඒ අවස්ථාව ලබා දුන්නා. එයින් සිහුවුන වාසිය අද පෙනෙන්න තියෙනවා. අද ඔවුන් 21+ අය.
ReplyDeleteඉයන් ගේ අදහසත් එක්ක මමත් එකඟයි,
Deleteලංකාවේ යම් වැඩපිළිවෙලක අවශ්‍යතාවය තදින්ම දැනෙනවා
දැනුවත් දෙමාපියන් යම් වැඩපිලිවෙලවල් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒත් පොදුවේ සමාජය බොහෝ නොදැනුවත්.
"පාසැල් වියේ ප්‍රේමය" ගැන කතා කරන්නේ නම් පාසැල් විය යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට සිදු වේ.
ReplyDeleteQ: පාසැල් විය යනු කුමක්ද?
පවත්නා නීතිය අනුව වයස අවුරුදු 5 සපිරුණු දරුවන් පාසැල් යැවිය යුතුය. එහෙත් වයස අවුරුදු දෙකහමාරේ සිට දරුවන් න'සරි, මොන්ටිසෝරි, කින්ඩගාඩන් ඈ නම් වලින් යුතු ආයතන වලට යවති. ලංකාවේ රැකියාවක් කිරීමට හැකි අවම වයස අවුරුදු 14 කි. මේ පාසැලේ 9 ශ්‍රේණියේ ගත කළ යුතු වයසයි.
බටහිර අධ්‍යාපනය අපට ලැබී එය නීතිමය අවශ්‍යතාවයක් වීමට පෙර, මේ වයස පුද්ගලයා සැබවින්ම ආර්ථික කටයුත්තකට දායක වන වයස විය. ගොවිතැනක් හෝ කර්මාන්තයක් පුරුදු පුහුණු වන නව යොවුන් තරුණයා කිසියම් පරිචයක් අත්පත් කර ගන්නේ මේ වයසේදීය. එතැන් සිට ඉදිරි වසර 5-6 තුල පුද්ගලයා තමන් කරන කර්මාන්තය තුල ප්‍රවීනතාවයක් අත්පත් කර ගනු ඇත. ඒ අනුව වයස 18-20 වන විට සිටින්නේ කර්මාන්තයේ ප්‍රවීණයෙකි. ඔහු ස්වාධීන ආර්ථික ඒකකයකි. සහේට ගැනීම / සහේ යාම අවශ්‍ය වන්නේ මේ කාලයේදී ය. එකල සැබවින්ම සිදු වූයේ එයයි.
දැන් මේ ස්වභාවික ක්‍රියාවලිය සිදු නොවේ. අවුරුදු 5 න් පාසැලට ඇතුල් වන දරුවා අවුරුදු 18 හෝ 19 යෙන් පාසැලෙන් පිට වන්නේ කිසිවකට පරිචයක් ඇති පුද්ගලයෙක් වශයෙන් නොවේ. ඔහු තවදුරටත් යැපෙන්නෙකි. ගැටළුව මතු වන්නේ මෙහිදීය. අවුරුදු 15, 16 පාසැල් හැර ගොස් කිසියම් ආර්ථික කර්තව්‍යයක නිරත වන යෞවනයන් (අවන්හල්, ඉදිකිරීම්, ප්‍රවාහන, වෙළෙඳ සේවා හෝ ගොවිතැන් වල) ප්‍රේමයක පැටලීම බොහෝ දෙනාට ගැටළුවක් නොවන බව මතක් කරමි.
ඔබගෙන් අදහසක් ලැබී ඇතිබැව් දුටුවේ අදයි.
Deleteමා කතාව ගෙන නොගිය වෙනස්ම මානයක ඔබ විසින් ගෙන ගොස් ඇත.
බෙහෙවින්ම තුති.
ඔබ පවසන මතය හා මා එකඟයි
එකිනෙකාට වෛරයෙන් තොරව ගරු කිරීම පෞද්ගලිකවට හරා අවුස්සන්නේ නැතුව ජීවිතය විඳිම ලංකාවට තව ගොඩක් දුර තියෙන දේවල්...
ReplyDeleteඒ වගේම ලංකාවට යැපුම්/වහල් මානසිකත්වයෙන් මිදීමට තව බොහෝ සියවස් ගනණාවක් ඇති අතර බහුතර දෙමාපිය/වැඩිහිටියන් කැමති නැ (යටි හිත් වලින්) බාල පරම්පරාව නිදහස් නිවහල් සිතුවිලි දරන තමන්ගේ ජීවිතය තමන් විසින් සොයා යන ස්වාධීන මිනිසුන් වෙනවාට සංස්කෘතියේ ඇති යැපුම් ස්වාභාවයට එයින් බලවත් පහරක් වදින නිසා.. (සහ තමන්ට නොලැබුනු වින්දනීය ජීවිතයක් අනිත් අයට ගත කරන්න ඉඩක් දීමට මනස ඉඩ නොදෙන නිසා , උසස් ආකල්ප දැරීමට ඇති නොහැකියාව )
"අපි උඹලව දහදුක් විඳලා හැදුවෙ, දැන් උඹලා අපි කියන විදිහට ඉන්න ඕන " කියමින් බාල පරම්පාරව තමන්ගේ කොටුව තුල සිර කිරීමයි දැනට බොහෝ තැන් වල වෙන්නේ..තව බොහෝ කල් වෙන්නෙත් එයයි එවැනි දෙමාපියන්/වැඩිහිටියන් සිටින තුරු.. ආකල්ප වෙනස් වන තුරු යැපුම් මනසකින් ස්වාධීන මනසකට.. එය ඉතා ඈතයි තවම ලංකාවට.
ඔව් ඔබ කියන දේත් ඇත්ත. බොහෝම ස්තුතියි ප්‍රථිචාරයට.
Deleteඒත් ඒක වැඩි හිටියන්ගේ කුහක කමක්ම කියලා කියන්න මම නම් ඉක්මන් වෙන්නේ නැහැ.
මෙතන ඔවුන්ට එලෙස හැසිරීමට බල කරන සමාජ හෙතූන් පවටින බවකුත් මම දකිනවා.
මේවා සැම අතින්ම විශ්ලේශනය කරන්න ගියාම අපිට විශාල කතිකාවතක් ඒ ඔස්සේ ගොඩ නැගීමට වෙනවා.
මේ වගේ ඉතාම අල්ප වූ කියවන්නන් පිරිසක් සහිත බ්ලොගයක ලියවෙන ලිපියකින් අපිට කල හැකි සමාජ බලපෑමක් නැති වෙයි.
//කුහක// කියන වචය ඔබ භාවිතා කරන්න ඉක්මන් උනාට මා එය භාවිතා කලේ නැහැ.. ආකල්ප වෙනසකට තව බොහෝ දුරයි ලංකාව.. එය කාගෙවත් වරදක් ලෙස කාටවත් ඇඟිල්ල දික් කරන්න හදිස්සි විය යුතු නැති බවයි මගේ හැඟිම වගේම වැරද්ද කාගේද කියා සෙවීම නිරර් ථක වැඩක්.. විසඳුම් සෙවීමයි වියයුත්තේ...
Delete"කුහක" කියන වccඅනය යොදා ගත්තේ මා තමා. දැන් උඹලා අපි කියන විදියට ඉන්න ඕනේ කියන වැඩිහිටි මතවාදය එක්ක මගේ අභ්‍යන්තර ගැටුමක් නිසයි එහෙම ලියැවුනේ.
Deleteමේක රටේ තරුණ පරපුරට බලපාන කථාවක් නිසා එයට විසඳුම් සෙවිය යුතුයි
ඒත් ප්‍රශ්නය හරිම සංකීර්ණයි අපි වගේ සංස්කෘතිකමය වශයෙන් වල් මත් වුනු සමාජයකදී.
ඔව් නයනේ.. ප්‍රශ්නය සංකීර්ණයි වෙනස් උනේ නැතිනම්.. ආකල්ප වෙනස් කරගත් විට හරිම සරලයි...එහෙත් ප්‍රශ්න වල නම් අවසානයක් නැහැනේ...අත් හැරීම මිස.
Delete