Monday, August 8, 2016

කර්මය

මේ කර්මය කියන කාරනය ගැන ලියනවානම් ටිකක් දිගට ලියන්න වෙනවා.
මේ වගේ මනෝ ව්‍යාධික තත්වයක් කෙනෙකුට හට ගැනීම කර්මය නිසාම සිදුවිය හැකියි. ඒ කොහොමද කියනවානම්,


ට්‍රන්සිල්වේනියාවෙහි

අස්වාභාවික චර්‍යාවන් සහ කර්මය හා ක්ලේෂ

යන ලිපිය ගැන මගේ අදහස් දැක්වීම මෙසේ ලියා තබමි.


මේ මිහි පිට ඇති සෑම සියළු දෙයක්ම අපිට භෞත රසායනික පද්ධති ලෙස හඳුන්වන්න පුළුවන්. නූතන විද්‍යාව උගත් අය මේකට එකඟ වේවි. එසේ හැඳින්විය නොහැක්කක් මේ විශ්වය තුල ඇත්නම් ඒ කුමක්දැයි යමෙකුට මා වෙත පේන්වා දිය හැකියි.
මේ භෞත රසායනික පද්ධති වලට නොයෙකුත් හේතූන් බලපෑමෙන් විවිධාකාර වූ වෙනස් වීම් වලට ඒවා ලක් වෙනවා.

අපි උදාහරනයක් ලෙස තණකොල බීජ දෙකක් ගනිමු.
එකක් තෙතමනය ඇති සාර පසක වැටෙනවා.
අනෙක මහ ආර මැද තාර වල ඇති පැල්මක් මත වැටෙනවා.

මේ දෙකම ස්වභාවිකව පැලවෙලා වැඩෙන්න ගියවිට පසේ වැටුනු පැලය ඉතා සරුවට වැඩෙන අතර තාර පාරේ වූ පැල්මේ වැටුනු පැලය එක් දල්ලක් ලියලන විට රථ රෝදයකට සිඳී යනවා. මෙය දිගින් දිගටම වූවත් මේ පැලය ඉතා අසීරුවෙන් දිවිය පවත්වා ගන්නවා.
දැන් මේ පැල දෙකින් එකකට කර්මය බල පෑවා යැයි අපට කිව හැකිද? නැහැ ඒ භාහිර හේතුන්ගේ බලපෑමක්.

තවත් උදාහරණයක් ගෙන බලමු.
යමෙක් යකඩ බටයක් කපා එහි කොටස් දෙකෙන් පුටු දෙකක් සාදනවා. මේ පුටු දෙකෙන් එකක් මුහුදුබඩ නිවසකටත්, අනෙක නාගරික දියුණු නිවසකටත් විකුනනවා. මාස කිහිපයක් ඇවෑමෙන් මුහුදු බඩ පවතින පුටුව මලකඩ අල්ලා පොතු ගැලවී විනාශ වීමට පටන් ගන්නවා. අනෙක් පුටුව නිරුපද්‍රිතව පවතිනවා.
දැන් මේ දෙකෙන් එක පුටුවකට කර්මය බලපෑවාද? නැත එය හෙතූන්ගේ බලපෑමෙන් සිදු වූ ක්‍රියාවක්.

එසේනම් කර්මය බලපාන්නේ කාටද, කුමකටද?


කර්මය බලපාන්නේ සත්ත්වයින්ට, සත්ත්වයින් සතුව අර ඉහත කී භෞත රසායනික පද්ධතියක් වූ රූපයට (සිරුරට ) අමතරව සිතක් පවතිනවා.
දැන් යම් කිසි සතෙකුට ඉහත ත්ණකොල ගස් දෙකට වූ බලපෑම වූවායැයි සිතමු. මෙතැනදී පීඩාවට පත් වූ සත්ත්වයා තමන් හට උරුම වූ දුක්කයන් හා වේදනාවන් ගැන විඳවීමට පටන් ගන්නවා. මේ විඳ වීම සිදුවන්නේ කොතැනින්ද? ඒ සත්ත්වයාගේ සිතයි. යමෙකුගේ සිත හේතුපල ධර්මයන්ට මුහුණ දෙන ආකාරය අනුව කර්මය ඵල දීම සිදු වන බවක් තමයි මා දකින්නේ.
මානසික විකෘති භාවයකට අප්තවන පුදග්ලයෙකු ඒ නිසාම නොයෙකුත් පීඩාවන්ට වේදනාවන්ට ලක් වනවා. අන්න ඒ ලක් වීම තුලයි කර්මය ක්‍රියාත්මක වීම සිදු වන්නේ.
ශරීර අංගෝපාංග ඌන වූ ඇතැම් උන් සතුටින් සිටින්නේත්, සියල්ල සම්පූර්ණ ධනවත් නිරෝගී උන් චිත්ත පීඩාවෙන් සිටින්නේත් කර්මය නිසා විය යුතුයි නේද?

ඖෂධ මගින් මනෝ ව්‍යාධිකයා සුවපත් වීමේදී වන්නේ රෝගයට හේතුව වූ භෞත රසායනික ක්‍රියා වලියට පිළියම් යෙදීමයි. එලෙස හේතුව ඉවත් වූ කල ව්‍යාධික තත්වය වෙනස් විය යුතුයි. එසේ වූ කල සත්ත්වයාගේ විඳවීම ගිලිහී යනවා. එනම් සත්ත්වයා කර්ම ගෙවීමෙන් මිදුනු බවක් අප දකිනවා. එහෙත් ඇත්තෙන්ම සාමාජික වශයෙන් එය එසේද? මනෝ ව්‍යාධියකින් මිදුනු පුද්ගලයෙකුට සතුට හා චිත්ත විවේකය සැබැවින්ම ලැබෙනවාද? මෙය සිතා බැලිය යුතු කාරනයක් නොවන්නේද?

බුදු දහමට අනුව අපට වීර්‍ය තුලින් යම් පමණකට කර්මය පාලනය කල හැකි බල වේගයක්. එනම් සිහියෙන් කටයුතු කිරීම මගින් කර්මය පාලනය කල හැකි වෙනවා. ඒත් සිහිය විකල් වූ විට? පාලනය කිරීමේ ශක්තියම ගිලිහී යනවා එය හරියට HIV මගින් ශරීරයේ ආර්ක්ශක පද්ධතිය බිඳ වට්ටනවා වැනි තත්වයක්.

සියල්ල සිදු වන්නේ කර්මය අනුව යැයි පැවසීම නම් නිසැකවම මධ්‍යස්ත කියා ඇති පරිදි ජෛන ඉගැන්වීමක්.

13 comments:

  1. නයනෙ ,
    මෙහෙම හිතන්න , ඔබේ තණකොල උදාහරනය වෙනුවට එය පුද්ගලයන් දෙදෙනෙකුට ආරොපනය කරමු.
    කෙනෙක් දිළිදුවත් තව කෙනෙක් ධනවත්ව ඉපදීමට කර්මය බලපාන බව අපිට උගන්වා තිබෙනවා.
    2004 සුනාමියෙදී හම්බන්තොට ධනවත් කෙනෙක් මියගියා නම් එය උතු නියාමය ද කර්ම නියාමයද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ සහෝදරයා, ඔබගේ ප්‍රශ්නය හරි.
      මේ තණකොළ උදාහරනය අපි මිනිසුන්ට සාපේක්ෂව සිතිය යුතුයි.
      මිනිසුන් දෙදෙනෙකුට මේ තත්වය උදා වූ විට අපි කෙලින්ම මේක කර්මයට භාර දෙනවා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. මේ සිදුවීම හේතුඵල ධර්මයක්. ඒ දුගී වන තැනැත්තා බුද්ධිමතෙකු නම් ඔහු එවන් වූ දුශ්කර තත්වයකදීත් සතුටින් සිටීමට දක්ෂ වෙනවා. එසේම ධනවත් වූ පුද්ගලයා තෘශ්නාවෙන් කරන බදා ගැනීම් නිසා තව තවත් දුකට අසහනයට පත්වෙනවා. එසේම මෙහි අනෙක් පසත් විය හැකියි. මේ කර්මය කියන සංකල්පය ඍජුවම සිත හා බැඳී පවතින්නක්. ඔබ ගෙවා දමමින් සිටින්නේ අකුසල කර්මයක්ද කුසල කර්මයක්ද කියන කාරනය තීරණය වන්නේ ඔබ එයට මුහුණ දෙන ආකාරය අනුවයි.

      දිළිඳු බව හෝ ධනවත් බව එක එල්ලේම අකුසලය නිසා දුගී වන බවත්, කුසලය නිසා ධනවත් වන බවත් ලෙස ගන්න එපා ඇතැම් විට අයෙකු අකුසලය නිසාම ධනවත් වීමටත් ඉඩ තියෙනවා. මේ සසර අපි දකින එක ජීවිත කාලයක් වැනි සරල දෙයක් නොවෙයි.

      කුමන හෝ හේතුවක් නිසා කෙනෙකු මිය යාම කුමනාකාර නියාම ධර්මයක් හේතුවෙන් වූවක්දයි එක එල්ලේ කිව නොහැකියැයි මා සිතනවා.
      ධර්මයේ මරණයට හේතුවන කාරනා තුනක් දක්වා තිබෙන බව මා අසා තියෙනවා. එනම්,
      ආයුක්ෂය - ආයුශය ගෙවී අවසන් වීම
      කර්මක්ෂය - අදාල බවය සඳහා වූ කර්ම ශක්තීන් ගෙවී අවසන් වීම
      අහම්බය - අහඹුලෙස අන් යම් හේතුවක් ඉස්මතු වීම නිසා ආයුෂය හා කර්මය ඉතිරිව තිබියදී මිය යෑම.
      මෙවැනිවූ සංකීර්ණ දෙයක් ගැන එක එල්ලේ පිළිතුරු දීමට දැනුමක් මා සතුව නැහැ.

      Delete
    2. මරණය සිදු වන හේතු 4 කි.
      i. ආයුෂය ගෙවී යාම,
      ii. කර්මය ගෙවී යාම (මේ ජනක කර්මයයි),
      iii. උභයක්ඛය හෙවත් දෙකම එකවර ගෙවී යාම හා
      iv. දෙකම තිබියදීත් මරණය සිදු වීම.

      Delete
    3. කර්ම විපාක දෙන්නේ සම්ප්‍රයුක්ත වශයෙන් නොවේ. එක් එක් කර්ම වෙන වෙනම ඉදිරිපත් වී වෙන වෙනම විපාක දේ. ධනවත් වීම සෑම විටම කුසල කර්මයක ප්‍රතිඵලයකි. ධනවත් වී මෝඩ වීම හෝ රෝගී වීම අර ධනවත් වීමට බල පෑ කර්මයට කිසිදු සම්බන්ධයක් නැති වෙනත් අකුසල කර්ම වල ප්‍රතිඵල වේ.

      මනුෂ්‍යයෙක් (හෝ සත්ත්වයෙක්) කරන්නේ කර්ම එකක් හෝ කිහිපයක් හෝ නොවේ. කර්ම මිලියන ගණනක් ඔහු (ඌ) ජීවිත කාලය තුල කරයි. මෙයින් සමහරක් දිට්ඨ දම්ම වේදනීය වශයෙන් විපාක දේ. එහෙත් මේ ජීවිත කාලය තුලදී විපාක දෙන්නේ දිට්ඨ දම්ම වේදනීය කර්මම පමණක් නොවේ.

      2004 සුනාමියෙදී හම්බන්තොට ධනවත් කෙනෙක් මියගියා නම් ඒ වැරදි වෙලාවේ වැරදි තැන සිටීම නිසාය. වැරදි "වෙලාවේ වැරදි තැන සිටීම" ඔහුගේම කර්මයක් නොවන්නේද ?

      Delete
    4. සිංහල වාක්‍ය සළකන්න. ඒවා කතෘ කාරක සහ කර්ම කාරක ලෙස බෙදෙයි.

      දැන් කර්ම සංවාදය වෙත එන්න. කර්මයක් ගැන කතා කිරීමට එහි කතෘ කෙනෙක් සිටිය යුතුයි. තණකොළ ඇට සිද්ධියේදී කතෘ කෙනෙක් නැත. ඒ හේතුවෙන් කර්ම ගැන කතාවක් ඇති නොවෙයි. පුටු සිද්ධියේදී කර්මයක් ඇත්ද?

      Delete
    5. කණිෂ්ක මේ සමස්ත ලිපියටම ඔබ ඔබගේ ප්‍රථිචාර ඔස්සේ වැදගත් කමක් එක් කලා. ඇත්තෙන්ම මා එය ඉහලින් අගය කරනවා.

      මරණයට හෙතු සඳහන් කිරීමේදී මා අතින් ගිලිහුනු කරුනු මතු කර දීම ගැන ඔබට පින්. ඒ කියවන්නෙකු වැරදි අදහසක් දරා ගැනීමෙන් වැලකීම නිසා.

      කර්මය අනුව ධනවත් හෝ දුප්පත් වීම කිය කාරනය මා ඔබ කියන ලෙසින්ම දකින්නේ නැහැ. මේ හැමදාම වගේ අපි දීර්ගව වාද කරන කාරනයක්.

      තණ කොළ ඇට හා පුටු උදාහරණයේදී කතෲ කෙනෙකු නැති නිසා කර්මය නැතැයි කියන ඔබේ පැහැදිලි කිරීම අගෙයි. එය අළුත් අදහසක්. එහෙත් එය තර්කානු කූලයි , තර්කයට ගැලපෙන්නක්. එය අවබෝධයට පාදක වන අයුරු නොවේයැයි මට සිතෙනවා.

      Delete
  2. කර්මය ගැන මම දන්න හොඳ අත්දැකීම් දෙකක් කියන්නම්.
    1. අපේ පාසලේ 11 වසර පන්තිභාර ගුරුතුමිය දවසක් එයාගේ සිසුවෙක් ගැන විස්තර කලා.
    ඔහු අපට වඩා වසර 2ක් වැඩිමහල් අයෙක්. පන්තියේ සමහර ලමයි එයාව දන්නවා.
    ඔහු අනිත් විශයයන් වලට දක්ෂයි. නමුත් ගණිතයට අන්තිම අදක්ෂයි. එමනිසා අපේ ගුරුතුමිය ඔහුට සාමාන්‍යපෙල ගණිතය යන්තමින් ගොඩදා ගැනීම සඳහා දක්ෂ ගුරුවරියක් හඳුන්වා දුන්නා. ඇය ඔහුගේ නිවසට පැමිණ. ගණිතය දෙවන කොටසේ (රචනා කොටස) එන ප්‍රශ්ණ වර්ග 4ක් සාදන ආකාරය කටපාඩම් වනතුරුම ඉගැන්වූවා.
    සාමාන්‍යපෙල විභාගයේදී සිසුවා මුලින්ම මෙම ප්‍රශ්ණ 4 සාදා අවසන්කර එය මේසයේ යට තට්ටුවේ තබා හැකි පමණින් ඉතිරි ගණන් සැදීමට උත්සාහ කලා.
    උත්තර පත්‍ර එකතු කරන විට ඔහුට සාර්ථකව නිමකල උත්තර 4 එයට ඇමිනීමට අමතක වුනා. පසුව එවා බාරදීමට උත්සාහ කලත් ශාලාධිපති එය ප්‍රතික්ශේප කලා.
    මෙම සිද්ධියෙන් කලකිරීමට පත් සිසුවා නැවත කිසිදා ගණිතය ඉගෙන ගන්නේ නැතිබව තීරණය කලා.
    මේක අහඹුවක්ද නැතිනම් කර්මයක්ද?

    2.මගේ පියා මට මතකඇති කාලයේ පටන් දීර්ඝ කාලීන ප්‍රතිකාර ලබන රෝගියෙක්.
    ඔහු සාමාන්‍යයෙන් දේශීය වෙදකම ප්‍රියකරන කෙනෙක්.
    ඔහුගේ ලෙඩ ලැයිස්තුව කිවහොත් මට මතක ඇති පරිදි,
    පීනස, බුරියේ හර්නියා තත්වයක්,දනහිසේ ආබාධයක්, නාසයේ මස්දළු, නැවත හර්නියා, මුත්‍රාගල්, අංශභාගය, එය සුවවූ පසු නැවත අංශභාගය.
    පියාගේ වාසනාව (පින) වන්නේ ඔහු කිසිදිනක එක්තැන්වී නොමැතිවීමයි.
    නමුත් මම දන්නා පරිදි ඔහු කිසිදිනක මාස 8කට වඩා නිරෝගීව සිට නෑ.
    මට බය දැනට ඇති අංශභාග තත්වය සුවවූ පසු ඊට වඩා භයානක ලෙඩක් සෑදේවි යැයි ඇති සැකයයි.
    මේක අහඹුවක්ද නැතිනම් කර්මයක්ද?

    කර්මය කියන දෙය සම්බන්ධයෙන් ඇති වැදගත්ම කරුණ වන්නේ මෙය බුද්ධිමත් ක්‍රියාවලියක් නොවීමයි. එනම් ‍කර්මය යනු දෙවියන් වහන්සේ නඩු අසා සාධාරණ විනිශ්චයක් දිම වැනි දෙයක් නොවීමයි. එමනිසාම කර්මය සැමවිටම සාධාරණ, යුක්ති සහගත වියයුතු නෑ. එසේම දක්ෂයෙක්ට කර්මය හැක්කල (hacking)හැකියි.
    බෞද්ධයන්ට යුද්ධ කලහැකිද යන ප්‍රශ්ණය අවංකව අසන අය සහ එයට හරිහමන් උත්තරයක් දීමට නොහැනිව තටමන අය කර්මය යනු දෙවියන් වහන්සේ නඩු අසා සාධාරණ විනිශ්චයක් දිම වැනි දෙයක් යැයි අවිඥානිකව සිතන අයයි.

    ReplyDelete
    Replies
    1. ජගත් ඔබගෙ අදහස් දැක්වීමට ස්තුතියි.
      ඔබේ ප්‍රශ්න තුල මා දකින වැදගත් ප්‍රකාශ දෙකක් තියෙනවා.
      ඒ කර්මය බුද්ධිමත් ක්‍රියා වලියක් නොවීම කියන කාරනය හා
      කර්මය හැක් කල හැකියැයි කීම.

      හැක් කිරීම කෙසේ වෙතත් බුද්ධිමතාට කර්මය පාලනය කල හැකියි.

      ඔබගේ පළමු උදාහරනය ඇත්තෙන්ම අවාසනා වන්ත තත්වයක්. එහෙත් ඒ සිසුවාට අමතක වීම සිදු වන්නේ ඔහු මැනැවින් සිත පිහිටුවාගෙන නොසිටීම නිසයි. මැනැවින් සිත පිහිටුවා ගැනීමට ඇති ප්‍රධානම භාධකය නම් ක්ලේශ ධර්මයන්මයි.

      එම අවස්ථාවේ ඔහු ප්‍රශ්ණ හතරක් නිවැරදිව කිරීම ගැන ආඩම්බරයෙන්, ගනිතය ගැන ද්වේශයෙන්, වැනි බරපතල ක්ලේශ් මනසකින් ඉන්නට ඇති. ඉතින් එහි ප්‍රථිඵලය වන්නේ අවාසනාවන්ත ලෙස අමතක වීමයි. එය ඇතැම් විට පෙර අකුසලයක බලපෑම මත ද සිදුවූවා විය හැකියි එහෙත් එහි හේතු ඵල සම්බන්ධය දැක්වීමට මා අපොහොසත්.

      දෙවැනි උදාහරණය,
      මිනිස් සිරුරක් යනු මා විසින් මාගේ මෑත ලිපි කිහිපයකම විස්තර කර ඇති පරිදි අනෙක් ඕනෑම රූප කලාපයක් වැනි හුදු රූප කලාපයක් හෙවත් නූතන විද්‍යානුකූලව භෞත රසායනික පද්ධතියක්.
      මෙයට භාහිර හේතූන්ගේ බලපෑමෙන් ඕනෑම විටෙක ව්‍යාධීන්ට ලක් වීමේ හැකියාව පවතුනවා. එය හේතු ඵල දර්මයක්.
      එහෙත් ඔබේ පියා එතරම් ව්‍යාධීන්ට ලක් වද්දීත් එක්තැන් නොවන්නේත් රෝග පීඩා වලින් සුවය ලබන්නේත් ඔහුගේ සිත පරාජය නොවන නිසයි. ඔහු බොහෝ විට සිත දැඩිව පාලනය කල හැකි අයෙකු විය හැකියි.
      සිරුර රෝග පීඩා වලට ලක් වුවත් සිත නිරෝගීව පවත්වා ගැනීමේ හැකියාව් හෙවත් මින් පෙර සසරේදී සිත පිහිටුවීම ප්‍රගුන කල අයෙකු විය යුතුයි.
      අප කිසිවෙකුගේ සිරුර අපට පාලනය කල නොහැකියි. එය හුදෙක් හේතු ඵල සම්බන්ධතා මත පවතින රූප කලාපයක්මයි.

      ඔබේ පියා දැනට පවතින රෝගී තත්වයෙන් මිදුනු පසු එවන් බරපතල තත්වයකට පත් වන එකක් නැහැ. ඔහුගේ සිත දිරි වඩන්න. ඔහුට එසේ නැවත නොවනා බව ගැන සිතේ විශ්වාසයත් ඉදිරිය සඳහා අරමුණුත් ගොඩ නගන්න.

      එතුමාට තෙරුවන් සරණින් නීරෝගී සුවය ඉක්මනින් උදා වේවායි මාද පතමි.

      බුදු හිමියන් ආරෝග්‍යා පරමා ලාභා යැයි දෙසුවේම, ආරෝග්‍යය සම්පත අපිට උත්සහයෙන්ම පමණක් ලබා ගත හැකි දෙයක් නොවනා නිසාත්, සිරුර හේතු ඵල ධර්මයන්හට යටත් නිසාත් යැයි මට සිතේ.

      Delete
    2. ජගත්, ඔබේ උදාහරණ දෙකම "කර්මය" ගැන නොව "කරුමය" ගැන උදාහරණයි. එහෙත්,
      "කර්මය යනු දෙවියන් වහන්සේ නඩු අසා සාධාරණ විනිශ්චයක් දිම වැනි දෙයක් නොවීම" හා "දක්ෂයෙක්ට කර්මය හැක්කල (hacking) හැකියි" යන අදහස් අගය කළ යුතුයි.

      Delete
  3. ට්‍රාන්සිල්වේනියා බ්ලොගයේ දාන්නට සිතූ කොමෙන්ට් එක මම සම්පූර්නයෙන්ම දැම්මෙ නෑ ඊට හේතුව තැනට නොගැලපෙන නිසා. එතනට ගැලපෙන ලෙස සංස්කරනය කර කොමෙන්ට් එකක් දැම්මා. එහෙත් මට කියන්නට අවශ්‍ය දේ කියන්න හොදම තැන මෙතනයි. මෙහිදී වඩා දාර්ශනික පැත්තට බරකර කතා කල හැකියි.

    කර්ම සංකල්පයේ ආරම්භය මා සිතන පරිදි ඒක දේව සංකල්පයේ බිදවැටීමට පසු ඇතිවුනක්. සර්වබලධාරී දෙවියා වෙනුවට කර්ම බලවේගය ආදේශ වුනා.නමුත් මේ කර්මයට පුද්ගල දේව අගතීන් නැතත් එය ඉතා දරුණු වූවක්. එයින් ගැලවීමක් නෑ. ජෛන කර්මය යකඩයක සැගවී ඇති ගිනිපුපුරක් සේයි.

    කර්මය යනු සිතිවිලිය යන අදහසට මා කැමතියි. යුද්ධ කාලෙ ඇතැම් අය අරමුන පෙරදැරිකරගෙන විග්‍රහකරන්න තැටමුවා මතකයි. ඒ අනුව රටබේරා ගැනීම අරමුනු කරගත් සෙබලාට පවක් සිදුනොවන ලෙසින්ම ජනතාවට සත්ව ප්‍රෝටීන් ලබ දී මන්දපෝෂනය දුරලන මස්කඩකාරයාටත් පවක් නෑ. මේ විග්‍රහය අපූරුයි.

    මිනිස් ශිෂ්ටාචාරය ආරම්භ වුනේ අවසාන අයිස් යුගයෙන් පසුනෙ. ඒ කියන්නෙ මීට අවුරුදු 10000 කට පෙර. ඊට පෙර බුදුවරු සිටිබව කියන්න බෑ. බුදුවරු හිටියෙ වෙනත් විශ්වයකනම් ඒ හැම කාලවකවානුවකම එකම විදියෙ පාලි කතා කරන ක්‍රි පූ 6 සියවස් මොඩලයේ ඉන්දියන් සමාජ තිබුනද . හැමදාම බරනැස් නුවර බ්‍රහ්මදත්තලම සිටි යටගිය දවස් තිබුනද කියන ප්‍රශ්නෙ එනව.

    ඒ කියන්නෙ මම මේ සංකල්ප දකින්නෙ පුනරුත්පත්තියෙන් බැහැරව.මට සිතෙන්නෙ භව යනු සිතිවිලි බවයි. සිතිවිලි උපදින එක තමයි පුනර්භවය කියන්නෙ. බඹයක් වූ මේ සිර්‍රෙ තමා දිව්‍යලෝක හා සතර අපායවල් තියෙන්නෙ. දැන් ලේසියි කතා කරන්න.

    ඉතින් අපේ සිතිවිලි වලින් නිදහස් වීමෙන් කර්ම අහෝසිවන අතරම නිවන අත්දකිනව.නිවන බෞද්ධයන්ට පමනක් විශේශ වූවක් නොවෙයි.රාජ්නීශ් ඕෂෝ ,අවුරෝබින්දෝ වැනි ආය කතා කරල තියෙන්නෙත් මෙය ගැනයි.කර්ම යනු සිතිවිලියි. ගෙයක් බිදින අකුසල් සිත මත ක්‍රියාකරන කෙනෙකුට ඊට රාජ දඩුවම් ලැබෙනව. ඊට පෙර ඔහු මලොත් හෝ නිවන් දැක්කොත් එය අහෝසි කර්මයක්.

    ReplyDelete
  4. ඒ දාර්ශනික මතය. දැන් අර විකෘති කාමය ගැන කතා කරමු.ස්ත්‍රියක් දැක ලිංගිකව ආකර්ශනය වන කෙනා ලබන සතුටම තමයි වැස්සියෙක් දැකල වැස්සියන්ට ආස කෙනා ලබන්නෙත්.වැස්සියන්ට ආස කෙනාට අන්තහ්පුරයක් දුන්නත් වැඩක් නෑ වැස්සියෙක් නැතුව.
    මෙයට හේතුව අකුසල් සිතිවිල්ලක්. ඒ කියන්නෙ ළමය කුඩා කාලෙ මොකක් හෝ හේතුවක් නිසා ලිංගික ප්‍රබෝධයක් ලබන්න ඇති හරක් සම්බන්ධ දෙයකින්. මෙය සංකීර්ණයි. මේ විශය ගැන පුළුල්ව කතා කරන්න දැනුමක් නෑ.හරක් නිසාම හෝ ඊට සමාන දෙයක් විය හැකියි.මෙයට මනෝ විද්‍යාවෙදි කියන්නෙ තදත්මීකරනය වෙන්න ඇති. මට මතකත් නෑ.

    විපාකය ලැබෙන්නෙ අකුසල් සිත ඇතිකරගත් කෙනාට . බාල අපයෝජනවල විපාක ලැබෙන්නෙ අපයෝජනයට ලක් වූ දරුවාට මිස අපයෝජකයාට නෙමෙයි.මම දන්න කර්මවාදය නම් එයයි.

    ReplyDelete
    Replies
    1. ම්ධ්‍යස්ත මත ධාරියා, ඔබ මෙහි පැමින පිළිතුරක් ලිවීම ගැන ස්තුතියි,
      මා ඔබගේ දකින විශේශත්වය තමයි ප්බ යමක් ලියන විට අති විශාල කරුනු සම්භාරයක් ඉතා කෙටියෙන් ස්පර්ශ කරමින් ලිවීම. මෙය ඔබගේ ලිපිවල මෙන්ම ප්‍රතිචාර වලටත් පොදුයි.
      අන්න ඒ නිසා ඇත්තෙන්ම ඔබ කියන කාරනා වලට පැහැදිලිව මගේ අදහස ගොනු කරමින් ප්‍රථිචාර දැක්විමට මම අපොහොසත්.
      කර්ම සංකලපය ගැන මූලික අදහසට පරිභාහිර දේ පසෙක තබා මා මූලික කරුන ගැන හැකි පමණින් මගේ අදහස් පවසන්නම්'
      1, කර්ම සංකල්පයේ ආරම්භය කෙසේ කෙදිනක සිදු වුවත් බුදු දහමෙහි එම කර්ම සංකල්පය හා බුද්ධ පූර්ව යුගයේ එන කර්ම සංකල්පය යන දෙක ඉඳුරාම වෙනස් වූ සංකල්ප දෙකක්. මෙය කිසිසේත්ම එකිනෙකට නොගැලපෙන එකක් මත එකක් කිසි ලෙසකින්වත් බ්=තැබිය නොහැකි සංකල්ප දෙකක්.
      2, කර්මය යනු සිතුවිලියි උඅනුවෙන් අදහසක් මා කිසිතැනක ඉදිරිපත් කොට නැහැ.
      කර්මය යනු චේතනාවම පදනම් කොට බිහිවන දෙයක් ලෙසයි බුදු දහම උගන්වන්නේ. අපට අපගේ පමණින් විද්‍රශනා නුවනින් මේ කර්ම සංකල්පය ගැන යම් වැටහීමක් ලබා ගත හැකියි. මා මේ පිළිතුර ඔස්සේ කර ඇත්තේ මට වැටහෙන ආකාරයට එය ගැන යම් පැහැදිලි කිරීමක් පමණයි.
      3,මීට වසර 10,000 කට පෙර යුගයේ මිනිස් ශිශ්ඨාචාර මේ මිහි මත නොවූ බව කිසිසේත්ම එලෙස කිව නොහැකියි. ඉතා දියුණු සත්ත්ව ගහනයක් වූ ඩයිනෝසරයන් මේ මිහි පිටින් වඳව යන්නේ වසර මිලියන 65කට පෙරයි. එසේ ලොකයෙහි සැඟවුනු අතීතයක් තිබෙන බව දනිමින් අපට මිනිස් ශිශ්ටාචාරයෙහි වයස නිසැකව කිව නොහැකියි. එමනිසා එය පදනම් කරගෙන තර්ක කිරීමත් පල රහිතයි.

      Delete
    2. ඔබේ අවසන් වැකිය ගැන මගේ අදහස මෙහෙම කියන්නම්,
      කෙනෙක් අපයෝජනයකට හෝ දූශණයකට ලක් වූ විට ඔහු හෝ ඇය තද බල විපාකයක් විඳිනවා තමයි. අන්න ඒක ඒ වින්දිතයාම තමන් කල කර්මයකට අනුරූපව ලබන වේදනාවක් වීමට ඇති ඉඩ කඩ බොහෝම වැඩියි.
      ඒ වගේම අපි දකින්න ඕනේ කෙනෙක් එවන් වූ විපාකයක් ලැබිය යුතුනම් ඒ සඳහා ඒ පීඩාව ලබා දීමට තවත් අයෙකුගේ නොදැමුනු කෙලෙස් උපකාරී විය යුතුයි.
      එනම් අපයෝජනයට ලක් වන පුද්ගලයා පීඩාවක් විඳීම සඳහා වෙනකෙකු ඔහුගේ හෝ ඇයගේ කර්මය භාර ගත යුතුයි.
      මෙහිදී අප යෝජනය කරන තැනැත්තා පසුව විඳවීම පිණිස අකුසලයක් රැස් කර ගනිමින්, අනෙකාගේ අකුසලය ගෙවා දැමීමට මග පාදා දෙනු ලබනවා.

      Delete