බ්ලොග් කියා දෙයක් ගැන නොදැන සිටි යුගයේ වෙබ් සයිට් වල කොමෙන්ටු දැමීමට ගොස් හඳුනාගත් ජෝසප් මිතුරාගේ මග පෙන්වීමෙන් කතා 32 නමින් බ්ලොගයක් වන බවත්, එහි කතෲ "කේ" නමින් හැඳින්වෙන්නෙකු බවත් ඔහු හා සාකච්චාවෙන් බොහෝ ධර්ම කරුනු පහදා ගත හැකි බවත් දැන ගතිමි.
ඒ මා බ්ලොග් කියා දෙයක් ගැන දැනගත් මුල් අවස්තාවයි.
එසේ මග පෙන්වීමෙන් කථා 32 හා සම්බන්ධ වූ මා පලමුවරට 2012 නොවැම්බර් මස ඇනෝ කෙනෙකු ලෙස සිතුවිළි නමින් කොමෙන්ට් කිරීම ඇරබිනි.
පසුව "කේ" නමින් පෙනීසිටි කතා 32 හි කණිෂ්ක මිතුරා විසින් මාහට ඔහුගේ බ්ලොගයෙහි කැමැති ඕනෑම වේලාවක කැමති මාතෘකාවක් ඔස්සේ මගේම අදහස් රැගත් ලිපි පල කිරීමට අවකාශ සලසා දුන්නද මා එයින් ප්‍රයෝජන නොගතිමි. ලිපි හා කතා කිහිපයක් පමණක් ම විසින් පල කරනු ලැබිනි.
කණිෂ්කගේ මේ සුහද තාවය හා බුද්ධිමත් භාවය නිසා මා බොහෝ දේ උගත්තෙමි. ඒ ගැන ඔහුට කෘතඥතාවය පල කිරීම යුතු කමකි. එසේම මා ඔහු වෙත හඳුන්වා දුන් කලන මිතුරු ජෝසප් කෙසේ අමතක කරන්නද?
කෙසේ හෝ අවසානයේ මගේම බ්ලොගයක් පවත්වා ගැනීම ගැන මට යම් අදහසක් ඇති විය. එය වසර ගනාවක් තිස්සේ සිතේ පැවතී අවසානයේ මෙසේ ආරම්බයක් සනිටුහන් කරමින් එය ට මුල පුරමි.
මෙහි ලියැවීමට නියමිත වන්නේ මගේ සිතෙන්ම ජනිත වන මගේ සිතුවිළි ම බැවින් ඒවායේ අඩුපාඩු පෙන්වා දීමට යමෙකු ඉදිරිපත්වේනම් මා එය අගය කරමි.
බ්ලොග් අඩවි වලත්, ප්රවෘත්ති වෙබ් අඩවි වලත්, සිතිවිළි නමින් පෙනී සිටි මා මෙතැන් සිට නයනේ යන නමින් ලිපි හා ප්‍රථිචාර පල කරමි.
ආරම්භයේදීම සම්බන්ධවීමට ලැබීම සතුටක්. ඔබගෙන් බොහෝ පොහොසත් කාරණා කියවීමට බලාපොරොත්තු වෙමි. දිග ගමනකට සුභපතමි.
ReplyDeleteස්තුතියි ඩ්රැකී,
Deleteඔබ මෙහි මුල්ම කමෙන්ටුව සනිටුහන් කල මිත්‍රයායි.
ඔබලාගේ සහය මට විශාල ශක්තියක්.
බ්ලොගයක තාක්ෂණික කරුනු ගැන මගේ දැනුම අල්ප බැවින් මෙහි අඩු පාඩු බොහෝමයි. එය ක්‍රමයෙන් වැඩි දියුනු කිරීමට බලා පොරොත්තු වෙමි.
This comment has been removed by the author.
ReplyDeleteඔබේ සතුට වෙනුවෙන් ලියන්න.ඔබේ සතුට වෙනුවෙන්ම කොමෙන්ට් කරන්න.
ReplyDeleteමා කලින් කල පරිදි අවශ්‍ය අනවශ්‍ය හැම බ්ලොග් එකේම කොමෙන්ට් කරමින් රිප්ලයි බලමින් ඉන්න එපා.
මාත් මේ දෙතුන් මසක ඉසිඹුවක් නිසයි මෙහෙමවත් ඉන්නෙ. මේ දාන කොමෙන්ටුත් වැඩියි. මා ඉදිරියෙදි අවශ්‍යම අවස්ථාවල මිස කොමෙන්ට් දාන්නෙ නෑ.
වැදගත්ම අවශ්‍යම දෙය පමනක් ලියන්න.
සින්ඩිවලට දාන්න ෆලෝවස් එක් දාන්න කියල කියන්න ඕන නෑනෙ.
මධ්‍යස්ත මතධාරියා,
Deleteඔබගේ අවවාද වලට බොහෝම පින්.
ඔව් මේතැන කමෙන්ට් කරන්න ඕනේම කෙනෙකුට අවසර තියෙනවා. ඒවා මා එකඟ වන ඒවා හෝ නොවන ඒවා විය හැකියි.
මම හැම බ්ලොග් එකම කියවන්න උත්සහ කරන්නේ නැහැ. යකාගේ අඩවියේ පෙන්වන අළුත් බ්ලොග් ලිපි වලින් කියවන්නට හිතෙන කිහිපයක් පමනක් මා කියවනවා. ඒවාට කමෙට් එකක් දානවා විතරයි.
ඔව් මටත් අවශ්‍ය නැහැ මේ බ්ලොග් එක මගේ කාලය කා දමන්නක් කරගන්න. මට ඉඩ තියෙන හැටියට මට හිතෙන දේවල් මෙතැන ලියැවේවි. තවකෙකුගේ ලෝකය වෙනස් කිරීමට මම උත්සහ දරන්නේ නැහැ.
ඔබ අවංකවම ඔබට වූ වැරැද්ද තවකෙකුට වීම වලකන්න දරන අවංක උත්සහය ප්‍රසංශනීයයි. සැබෑ මෛත්‍රිය යනු එයයි.
Best of luck.. I agree with above comment.. write for U.. everything, everytime everyday everywhere & forever...:) :)
ReplyDeleteThank you dear for your friendly comment and wishes for me.
DeleteThis busy Old Man will not have that much of time to spend with the new blog and even to comment on others Blogs.
but when ever I get time this blog will be just filled with what My Mind tells me.
නියමායි ...ඔහොම යං
ReplyDeleteමාස දෙක්කට පස්සෙත් එක පෝස්ටුව නෙ නයනේ
ReplyDeleteඅහම්බෙන් ආවා සාර්ථක ඉදිරියකට සුබ පැතුම්
ReplyDeleteතමන්ගේම කියා බ්ලොග් අඩවියක් පවත්වාගෙන තමන්ගේ අදහස් මති මතාන්තර එහි ලියා කොමෙන්ට් හරහා සන්වාද පවත්වාගෙන යාමත් කොයිතරම් සුන්දර අත්දැකීමක්ද කියා ඔබට වැටහේවි ඉක්මනින්ම.
ReplyDeleteජය !
මගේ අඩවියේ ඔබ දැක්වූ අදහස් මගේ සිත් ගත් නිසා, ඒ ප්‍රොෆයිලය ඔස්සේ මෙතැනට පැමිණියා. අනෙක් ලිපිත් කියවා බලන්නම්.
ReplyDeleteජයවේවා!
හොයා ගත්ත
ReplyDelete