බ්ලොග් කියා දෙයක් ගැන නොදැන සිටි යුගයේ වෙබ් සයිට් වල කොමෙන්ටු දැමීමට ගොස් හඳුනාගත් ජෝසප් මිතුරාගේ මග පෙන්වීමෙන් කතා 32 නමින් බ්ලොගයක් වන බවත්, එහි කතෲ "කේ" නමින් හැඳින්වෙන්නෙකු බවත් ඔහු හා සාකච්චාවෙන් බොහෝ ධර්ම කරුනු පහදා ගත හැකි බවත් දැන ගතිමි.
ඒ මා බ්ලොග් කියා දෙයක් ගැන දැනගත් මුල් අවස්තාවයි.
එසේ මග පෙන්වීමෙන් කථා 32 හා සම්බන්ධ වූ මා පලමුවරට 2012 නොවැම්බර් මස ඇනෝ කෙනෙකු ලෙස සිතුවිළි නමින් කොමෙන්ට් කිරීම ඇරබිනි.
පසුව "කේ" නමින් පෙනීසිටි කතා 32 හි කණිෂ්ක මිතුරා විසින් මාහට ඔහුගේ බ්ලොගයෙහි කැමැති ඕනෑම වේලාවක කැමති මාතෘකාවක් ඔස්සේ මගේම අදහස් රැගත් ලිපි පල කිරීමට අවකාශ සලසා දුන්නද මා එයින් ප්‍රයෝජන නොගතිමි. ලිපි හා කතා කිහිපයක් පමණක් ම විසින් පල කරනු ලැබිනි.
කණිෂ්කගේ මේ සුහද තාවය හා බුද්ධිමත් භාවය නිසා මා බොහෝ දේ උගත්තෙමි. ඒ ගැන ඔහුට කෘතඥතාවය පල කිරීම යුතු කමකි. එසේම මා ඔහු වෙත හඳුන්වා දුන් කලන මිතුරු ජෝසප් කෙසේ අමතක කරන්නද?
කෙසේ හෝ අවසානයේ මගේම බ්ලොගයක් පවත්වා ගැනීම ගැන මට යම් අදහසක් ඇති විය. එය වසර ගනාවක් තිස්සේ සිතේ පැවතී අවසානයේ මෙසේ ආරම්බයක් සනිටුහන් කරමින් එය ට මුල පුරමි.
මෙහි ලියැවීමට නියමිත වන්නේ මගේ සිතෙන්ම ජනිත වන මගේ සිතුවිළි ම බැවින් ඒවායේ අඩුපාඩු පෙන්වා දීමට යමෙකු ඉදිරිපත්වේනම් මා එය අගය කරමි.
බ්ලොග් අඩවි වලත්, ප්‍රවෘත්ති වෙබ් අඩවි වලත්, සිතිවිළි නමින් පෙනී සිටි මා මෙතැන් සිට නයනේ යන නමින් ලිපි හා ප්‍රථිචාර පල කරමි.