Monday, October 17, 2022

ලිංගිකත්වය පාපයක්ද?

 සිතුවිළි - 5

ලිංගිකත්වය පාපයක්ද?
මට මේ ගැන යමක් ලිවිය යුතුමයි සිතුනේ මෑතකදී මුහුණු පොත් සමූහයක පිරිමි දරුවෙක් ලියා තිබුනා ඔහුට ගැහැණු ළමයෙකු සමග සම්බන්ධතාවයක් ගොඩ නගා ගැනීමට බිය බවත්, කාමය බරපතල පාපයක් නිසා එසේ කිරීමට මැලිවන බව කියමින්. මම ඒ ප්රශ්ණයට දැමූ පිළිතුරක් නිසා ඔහු මා හා කථාවකට එළඹුනා. කෙටි මෙසෙන්ජර් පණිවිඩ කිහිපයකට සීමා වූ ඒ සාකච්චාවෙන් කියැවුනේ බෝධි පූජා පින්කමකදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක විසින් කාමය බරපතල වරදක් ලෙස පැහැදිලි කල බවත් අනිවාර්යයෙන්ම අපාය ගාමි වන බව පැවසූ බවත් ඔහු කියා සිටියා. ඔහුට දුරකතන ඇමතුමකින් මා අමතන ලෙස කොතෙක් කීවත් ඔහු එයට පෙළඹුනේ නෑ. එයට හේතුව මට පැහැදිලි නෑ.
ඒ කෙසේ වෙතත් මේ ප්රශ්ණය එක් පුද්ගලයෙකුට ලඝුකොට සැලකිය නොහැකි බව මට වැටහුනේ අද උදයේ මාගේ පුතු මා හා පැවසූ පුවතක් නිසයි. මගේ පුතා මට කිව්වේ ජනප්රිය ටියුශන් ගුරුවරයෙකු මෑතකදී ටියුශන් දරුවන් රැසක් රුවන්වැලිසෑ මළුවට ගෙන ගොස් ඔවුන් සියල්ල රුවන් වැලි සෑයේ හිස් තබා ජීවිත කාලයටම තුන්වැනි සිල් පදය නොකඩන බවට පොරොන්දු ගෙන ඇති බවයි. මෙය මහා කේදවාචකයක ආරම්ඹයක් බව මම මේ කී ටික කියැවීමෙන්ම ඕනෑම සාමන්ය බුද්ධියක් ඇති අයෙකුට පැහැදිලි වෙනවා. අන්න ඒ නිසාම මම හිතුවා මේ ගැන මම පොදුවේ සාකච්චා කිරීම වඩා පලදායක බව.
අදාල සිදු වීම් වලට පාදක වී ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් ලෙස පෙන්වන යම් කිසි මතවාදයක් බැවින් මේ පැහැදිලි කිරීම බෞද්ධ පදනමකින්ම කිරීම වඩා සුදුසු වෙනවා.
තුන්වැනි සිල් පදය.
කාමේසු මිච්චා චාරා වේරමණී සික්ඛ්හාපදං සමාදියාමි
මෙහි අර්ථය ලෙස ගත හැක්කේ මිච්චා ආචාර ලෙස එන සම්මතයට පටහැනිව සීමාව ඉක්මවා කාමයෙහි යෙදීමෙන් වැලකීම නම් වූ ශික්ෂාපදය මා සමාදන් වෙමි. කියන අරුතයි.
මෙහිදී පළමුව අපි ශික්ෂාවක් සමාදන් වීම තේරුම් ගන්න ඕනේ.
ශික්ෂාවක් සමාදන් වීම කියන්නේ කෙනෙකු තමන් වැරදි යැයි පිළිගන්නා ක්රියාවක්, තවදුරටත් නොකරන බවට තමාටම පොරොන්දු වීමකි. මෙය අන් කිසිදු බලපෑමක් විසින් පාලනය කරන බවක් බුදු දහමේ කිසිසේත්ම සඳහන් නොවෙයි.
ඔබ යම් සිල් පදයක් සමාදන්ව ඇත්නම් ඔබ ඔබටම පැමිණි පොරොන්දුවක් ඇත. එසේ ඔබ පොරොන්දුවක් වන්නේ එම ක්රියාව වැරදි බව ඔබ පිළිගන්නා නිසා බැවින් එම පොරොන්දුව රැකීම හොඳයි.
කාමේසු මිච්චාචාර යනු කාමයෙහි හැසිරීමද කියන එක සොයා බැලීම ඉතාම වැදගත්.
බුදු දහම කාමයෙහි හැසිරීම වරදක් ලෙස කිසිදු තැනක කියනේ නැත. කාමභෝගී ගිහියාට කාමය සැපතක් ලෙස බුදු හිමියන් පෙන්වා දුන් තැන් ඔනේ තරම් ත්රිපිටකයෙන් උපුටා දීමට හැකිය. ඉතින් මේ සැපය විඳීම බුදු හිමියන් කිසි තැනක නිගරු කලේ නැත. අන්තප්පුර දැරූ රජුනට භහුභාර්යා සේවනයේ අවැඩක් ගැන බුදු හිමියන් කියූ බවට සඳහනක් නැත. සිද්ධාර් ථ කුමරු කුමාර කාලයේ 500 ක් කුමරියන් පිරිවරා රම්ය සුරම්ය සුභ මාලිගා වල උපරිම කම් සැප විඳි බව බෞද්ධ සාහිත්යය කියනවා නම්, සිද්ධාර් ථ කුමරු වයස 16 දී සම වයස් සුරූපිණියක වූ යශෝදරාවන් හා විවාහා වූ බව කියනවා නම්, ඔවුන් සිය කුළුඳුල් දරු උපත ලැබුවේ මහභිනික්මන දා එනම් මේ කුමරුන් හා කුමරිය 29 වැනි වියේදී යැයි කියනවා නම්, වසර 13 ක සියළු සැපයෙන් සපිරි කුමාර ජීවිතය තුල සිද්ධාර් ථ කුමරුන් ගත කලේ කුමනාකාර කාමභෝගී ජීවිතයක්දැයි ඕනෑම අයෙකුට වටහා ගත හැකිය. බෝසතුන් කලකිරීමට පත් වන්නේද මේ අධික කම්සැප විඳීම නිසාම බව තමයි ධර්මයේ කියැවෙන්නේ.
කාමභෝගී ගිහියෙකු ලෙස මේ අධික කම් සැප විඳීම බුද්ධත්වයට කොතැනක හෝ බාධා වුනාදැයි විමසා බැලිය යුතුයි. එවැන්නක කිසි තැනක කියැවෙන්නේ නැහැ.
එහෙත් ඇතැම් බෞද්ධ කල්ලි වාදී භික්ෂූන් මේවාට ඉතා දරුණු වැරදි අර් ථ කථන දෙන බව පෙනෙනවා. මේ වැරදි අර් ථ කථන නිසාම තරුණ පරපුර බරපතල ඉච්ඡාභංගත්වයකට (Frustration ) පත්වෙනවා.
කාම ආශවන් ඇති මිනිසුන්ව ඉපිද, කාමය බරපතල පවක් යැයි දැනගැනීමට ලැබීමෙන් ඉච්ඡාභංගත්වයකට පත් වීම ඉතාම සාධාරණයි. ඉතින් මේ මුග්ධ විකෘති කල්ලි වාදීන් කරමින් ඉන්නේ සමස්ථ ජාතියක් උන්මත්තකයන් කිරීමේ මහා අපරාධයකුයි. කාමයට බිය ඇති කිරීම සෑම අතින්ම පුදගලයෙකුගේ පෞරුෂ වර්ධනයට ඇති කරන්නේ ඉතාම ඍණාත්මක බලපෑම්කි. කාමයට ලිංගිකත්වයට බිය පුදගලයා තුල වර්ධනය වන්නේ සමාජ විරෝධී මනෝ භාවයන් වීමට බොහෝ දුරට ඉඩ පවතිය හැකිය. ඔවුන් අසංතෘප්ත පුදගලයන් වීමේ විශාල ඉඩක් ඇත. කාමය හෙවත් ලිංගිකත්වය යනු පුදගලයෙකුගේ අහර රුචිය වැනිම වූ තවත් එක ස්වභාවික රුචියක් පමණකි. එය බුදු දහම කිසි තැනක ප්රතික්ශේප කරන්නේ නැත. නමුත් බුද්ධිමත් පුදගලයා තුල අන් සෑම දෙයකට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිද හික්මීමක් පවතී. දියුණු මිනිසුන් ලෙස අප පිළිපැදිය යුත්තේ ඒ සමාජ සම්මත හික්මීමෙන් යුතු, තමාටත් අනෙකෙකුටත් හානි දායක නොවන ලිංගික ජීවිතයකි. එයට වැට කඩොලු බැඳීමක් හෝ, අපායක් පෙන්වා බිය කිරිමක් ශ්රේෂ්ට උත්තමයෙකු වූ බුදු හිමියන් කිසි තැනෙක සිදු කොට නොමැති බව මම වගකීමෙන් කියමි.
ගිහි විනය හා පැවිදි විනය පටලවා ගිහියන්ට පැවිදි බන දෙසන භික්ෂු ප්රතිරූපකයන් ගැන අනුකම්පා කිරීම හැර කල හැකි අන් යමක් නැත.
තරුණ ජීවිත මේ මිත්යාවෙන් ගලවා ගැනීම ඉතා වැදගත් කාලීන අවශ්යතාවයකි.
Nayanagith Perera
30.09.2022

13 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ඔය සිල් පදය ගැන මගේ අදහස මෙහෙමයි. බුදු වරු අළුතින් යමක් හොයාගන්නේ නැහැ. ඔවුන් වැසී ඇති ඇත්ත ඔවුන්ගේ ණුවනින් අවබෝධ කරගෙන අන් අයට කියා දීමක් තමයි කරන්නේ. උදාහරණයකට යමෙක් තමන්ගේ බිරිය නොවන අයෙකු සමඟ ලිංගිකව හැසුරුණොත් කාමයේ වරදවා හැසිරීමක් වෙනවා යැයි කියනවා. අද වෙනකොට බුදුවරු 512,028 ක් වැඩ සිට තියෙනවා. බුදු වරු දෙන්නෙක් අතර කාලය කල්පයක් ලෙස ගත්තත් කල්ප 512,028 කට පෙර විවාහ තිබුණද? ඒ කාලයේ සමාජය කොහොම ජීවත් වුනාද කියල දන්නෙ නැතිවුනත් අද වගේ එක පිරිමියට එක ගැහැණියක් විදිහට තිබුණ කියල උපකල්පනය කරන්න බැහැ. එතකොට පලමුවෙනි බුදුහාමුදුරුවෝ නොකියපු සීලයක් ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ නැති නිසා ඔය කාමයේ වරදවා හැසිරීම ආදී අද තියෙන සිල් පද ගැන මටනම් සැකයි. මට තේරෙණ විදිහට බුදුවරු දේශණා කරන්නේ සත්‍ය වටහා ගැනීමෙන් (විදර්ශනා භාවනාවෙන් ) රාගය හා ද්වේශය ක්‍රම ක්‍රමයෙන් අඩුකරගෙන නැති කරගැනීමක් මිසක් සිල් රැකීමක් එවෙයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ඔබේ වටිනා අදහස් දැක්වීමට. මෙවැනි කාරනයක් ගැන එසේ බුද්ධිමත්ව විග්‍රහ කරගන්නට තරම් අද සමාජයේ හැකියාවන් ඉතාම අල්පයි.
      ඔබ මතු කරන අදහස ගැන මා එකඟයි.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. මෙහි දැක්වෙන ප්‍රතිචාර බහුතරයක් සමාජය වැටී ඇති ඛේදනීය තත්ත්වය පෙන්නුම් කරයි. ඔවුන් නියෝජනය කරන්නේ ද සමාජයේ බහුතරයයි. මින් ගොඩ ඒමක් ගැන සිතිට හැකිද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, මිනිසුන් අදහස් දක්වන්නේ තම නැන පමණින්

      Delete
  5. කාමයෙහි වරදවා හැසිරීම හා කාමයෙහි හැසිරීම කියන්නේ දෙකක්..
    පුජකයන් (විවාහවිය නොහැකි ආගම්වල) කාමයෙහි හැසිරීම ගැන මොකද කියන්නේ? ඔවුන් තමන්ගේ කුණු වහගන්න අනෙක් අයට බණ කියනවා..

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදිව ප්‍රශ්ණය දැක තියෙනවා.
      මේ ඇතැම් භික්ෂු වේශධාරීන් සිදු කරමින් ඉන්නේ තරුණ පරපුර කාමයට බිය කිරීම මිස වැරදි කාම සේවනයෙන් වලකා ගැනීම නොවෙයි.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. ඔක්තෝබර් විප්ලවයේ අවුරෝරාව සහ රුහුණු කුමාරිය....

    1917 වසරේ ඔක්තෝබරය උදා වන දින වන විට එතෙක් රුසියාවෙහි ආර්ථික සහ රදල සමාජය බිද වැටී ගොවීන් සාමාන්‍යය ජනතාව රාජ්‍යය සේවකයන් පමණක් නොව සන්නද්ධ හමුදාවන් පවා බෝල්ශෙවික් වරුනට සහය දෙමින් රුසියාවෙහි ප්‍රධාන ආරක්ෂක සහ ආර්ථික මර්මස්ථාන බහුතරයක බලය ලබා ගෙන තිබූ අතර එහි අවසන් මර්මස්ථානය වූ winter palace (හේමන්ත මාලිගයේ ) බලය අල්ලා ගැනීමට ලෙනින් තීරණය කරන්නේ ඔක්තෝබර් මස 25 වනදාය... ඔහු ඒ වනවිට සිය පෞද්ගලික ආරක්ෂාවද පසෙකලා පෙට්‍රොගෑඩ් හි විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය කරා පැමිණ අණ දීම් කටයුතු ආරම්භ කල අතර ඔක්තෝබර් 25 වනදා සවස වන විට හේමන්ත මාලිගය හැරෙන්නට අනෙක් සියලුම පාහේ ස්ථානයන්හි බලය විප්ලව වාදීන් සන්නද්ධ බලයෙන් අල්ලාගෙන තිබින...

    එවකට සාර් ආන්ඩුවෙහි අග්‍රාමාත්‍ය වරයා සහ ඇමති මඩුල්ල රැදී සිටි හේමන්ත මාලිගය අත්පත් කරගෙන සෝවියට් රුසියාව ලොව පලමු සමාජවාදී රාජ්‍යය බවට පත් කිරීමට යහසුලුව බලාසිටි ජනතාවන්ට සහ හමුදවන්ට කාමර දහස් ගනනකින් හෙබි මේ මහා මාලිගයට කඩා වැදීමට ඔක්තෝබර් 25 රාත්‍රියෙහි අණ දෙන්නේ අන් කිසිවෙකු නොව ඒ වන විට ත්‍රේව් නදියේ නැංගුරම් ලා සිටි විප්ලවයේ නෞකාව ලෙසින් හැදින්වෙන "අවුරෝරා නෞකාව" විසිනි.. සැලසුම් කරගත් පරිදිම එදින රාත්‍රියෙහි මහා කාලතුවක්කු හඬින් සංඥාව ලබා දුන් අවුරෝරා නෞකාව සමාජවාදී ශ්‍රේෂ්ඨ සෝවියට් රුසියාව බිහිකිරීමෙහි සටනේ විප්ලවීය ජීව වෙඩිමුරය තබා විශිෂ්ඨ ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කරා ගෙන ගොස් අදට වසර සියගනනක් ඉක්මවූ පසු ආසියාවෙහි එක් කුඩා රටක කෝච්චියක් හෙට දිනයේ අවුරෝරා නෞකාවට යාවජීව වන තරමේ විප්ලවීය වෙනසක් මෙරට ඇති කරනු ඇතැයි ඝන සීත රාත්‍රියක වුව ලියුම්කරුට පුදුමාලංකාර හැගීමක් දැනෙමින් පවතී..

    එනම් වසන්ත මුදළිගේ නැමැති සිසු නායකයා අත්තඩංගුවට ගෙන අනීතික ලෙස රදවා ඇති තංගල්ල කරා හෙට උදෑසන 6.30 ඇදෙනා මෙම විප්ලවීය දුම්රිය ශ්‍රීලංකා ඉතිහාසයේ එදා මෙදා තුර වැඩිම විප්ලවීය බරකට වාරුවෙමින් අවුරෝරාට නොදැවෙනි යාවජීව ගුණයක් සමගින් තංගල්ලට ඇදෙයි..එසේම වසන්ත මුදලිගේ සහෝදරයා හැරුනකොට සමස්ථ විප්ලවීය පක්ෂයේම ආරක්ෂාවෙහි බරපැන සමගින් එහි ගමන් ගන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශ්‍රේෂ්ඨ විප්ලවීය නායකයන් ලියුම් කරුට විරාජ මාන වන්නේ එදා එනම් 1917 වසරේ ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ මෙහෙයුම් මධ්‍යස්ථානය වූ පෙට්‍රොගෑඩ් කරා තම ජීවිතාපේක්ෂාවද පසෙක තබා ගිය v i ලෙනින් ඇතුලු බෝල්ශෙවික් පරමාදර්ශයන් ලෙසය...

    සහුද්‍ර සහෝදරවරුණි

    ඔක්තෝබර් විප්ලවයට වසර එකසිය හයක් සම්පුර්ණ වීමට තවත් දින කිහිපයක් පමණක් ඇති මේ මොහොතේ හෙට දින එදා සුප්‍රකට විප්ලවීය සෝවියට් අවුරෝරා නෞකාව මෙන්ම මෙදා තංගල්ල කරා ඇදෙනා රුහුණු කුමාරී සීග්‍ර ග්‍රාමී දුම්රිය ආසියාවෙහි වගාලිදක වැටී ජීවය අයදින ශ්‍රීලංකාවේ ඔක්තෝබර් විප්ලවයේ කතාව රැගෙන නොයන්නේ යැයි අනුමාන කලනොහැක්කේ කාටද.....

    ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට ජය වේවා

    සන්නද්ධ අරගලයකින් බලය ලබා ගත යුතුය. ඒ සදහා අවැසි වන දීර්ඝ කාලින සන්නද්ධ ක්‍රියාමාර්ගයක් සදහා පක්ෂ සාමාජිකයන් සුදානම් කල යුතුය. සන්නද්ධ කාඩර්වරුන් සෑම ග්‍රාම සේවා කොට්ඨාසයකටම පත්කළ යුතුය.

    විමුක්ති කොටි සංවිධානයේ සන්නද්ධ කාඩර්වරුන්ගේ සහය මුල සිටම අරගලයට ලැබුණි. ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි කාශ්මීර විමුක්ති සන්නද්ධ අරගලකරුවන්ගේ සහය, චෙච්නියානු ගරිල්ලන්ගේ සහය, හමාස් සංවිධානයේ සහය, අයර්ලන්ත ගරිල්ලන්ගේ සහය අපට ලැබීමට නියමිතය. ඔවුන් අවශ්‍ය විටදී අරගලයට අවශ්‍ය සන්නද්ධ සහය ලබා දෙනු ඇත.

    හිරු නැගෙනා විට සන්නද්ධ අරගලයකින් බලය අල්වා ගමු. අරගලය වෙනුවෙන් ජීවිතය කැප කරන කාඩර්වරුන් හිරු නැගෙනා විටත් හිරු බැස යන විටත් සිහිකරමු.

    -අජිත් ධර්මකීර්ති-

    ReplyDelete
  10. මගේ මතකයේ හැටියට, මේ බ්ලොගය පටන් ගත දා සිට මම කමෙන්ට් ඩිලීට් කිරීමක් කර නැහැ. මගේ මතය විවේචනයට ඉඩ දීම මම බොහෝම කැමැත්තෙන් කරන දෙයක්.
    නමුත් මා ලිංගිකත්වය ගැන යමක් කථා කල සැනින් එහි පැමිණ අසභය කමෙන්ට් පල කිරීම ඉතාම කනගාටුවට කරුණක්. ඒ හේතුවෙන් එවැනි කමෙන්ට් කිහිපයක් ඉවත් කිරීම කණගාටුවෙන් වුනත් කිරීමට සිදු වුනා.
    මෙයින් පැහැදිලිව පෙනෙන්නේ අපේ සමාජයේ පවතින් ලිංගික අසහනයේ තරම බවයි මට හිතෙන්නේ. ලිංගිකත්වය සභ්‍ය සීමාවේ කතා කිරීමට තරම්වත් හික්මීමක් නැති තැන ලිංගිකත්වය නිසා ජීවිත අවුල් කර ගැනීම අරුමයක්ද?

    ReplyDelete