Thursday, April 6, 2017

කෝටිපතියෙක් අහින්සක හිඟන්නෙක්ව හප්පලා මරලා !


මේ පහු ගිය දවස් වල ගොසිප් පුවත් වල බොහෝම ජනප්‍රියව කථා වුනු මාතෘකාවක්.
මේ මාතෘකාවෙන් චෝදනා ලබන පුද්ගලයා කෝටිපතියෙකු ලෙස දැක්වීම මගින්ම පොදු ජනතාවගේ විරුද්ධ වාදියෙකු අපරාධකාරයෙකු වැනි පූර්ව නිගමනයක් කියවන්නා තුල ඇති කිරීමට උත්සහ කිරීමක් දක්නට ලැබෙනවා.

අනතුර සිදුකල රථය යැයි "ගොසිප් ලංකා නිව්ස්" වෙබ් අඩවියෙහි පල වී තිබූ ඡායාරූපයක්.


ඊට අමතරව චුදිතයා තවත් උප කුලකයකට බෙදා දැක්වීමක් සඳහා අලුතින්ම මේ මාතෘකාවට ඔහුගේ නම මොහොමඩ් ලෙස දක්වා තිබෙනවා. අන්න ඒ නිසා දැන් පොදුවේ මොහොමඩ් ලාට එරෙහි පුද්ගලයින් මේ මිනී මරුවා එල්ලා දැමිය යුතුයි කියන තැනට පවා පත්ව තිබෙනවා.

එහෙත් මේ සමස්ථ සිදුවීම දෙස බැලීමේදී අපට පෙනෙන ආකාරයට මෙය චේතනාන්විතව සිදු කල ඝාතනයක් ලෙස හුවා දැක්වීමේ හැකියාවක් නැහැ. එහෙත් ඇතැම් විට අදාල චුදිතයා සැඟවීයාමට හේතු වූයේ එම අවස්ථාවේ ඔහු බීමතින් සිටි නිසා විය හැකියි. එහෙත් දැන් එම චෝදනාව ඔහු වෙත එල්ල වන්නේ නැහැ.

එනමුත් මේ රියැදුරා (ඔහු කෝටිපති ගනකාධිකාරී වරයෙකු  නොවෙයි රටේ ජනාධිපති වුවත් එය ඔහුගේ තරාතිරම පමණයි රිය පදවන විටදී ඔහු රියැදුරෙකි ) අනතුරක් කොට පලා යාමේ චෝදනාවෙනුත්, සාක්ෂි සඟවා ගැලවීමට තැත් කිරීමේ චෝදනාවෙනුත්, රිය අනතුරක් කොට මිනිසෙකු හට මරණය ගෙන දීමේ චෝදනාවෙනුත් ගැලැවෙන්නේ නැහැ. නීතිය ඉදිරියේ හිඟන්නාටත් ලැබෙනුයේ පොදුවේ මිනිසෙකු සතු අයිතිවාසිකම් මිස අන් වෙනස් වූ යමක් නොවෙයි.

මේ මිනිසෙකු මරණයට පත් වීමේ චෝදනාව නිසා දැන් අදාල රියැදුරා මේ වන විට දින 14ක රිමාන්ඩ් කාලයකට යටත් කොට අති වග ප්‍රවෘත්ති වාර්ථා කර ඇත.

එසේනම් දැන් බැලිය යුත්තේ මේ සිදුවීමේහි පසුබිමයි. අදාල අවස්ථාවේ මරනයට පත්වූ සිඟන්නා මාර්ගයෙහි කලේ කුමක්ද?
බොහෝ විට ඔහු බීමතින් හෝ අන් යම් මත්ද්‍රව්‍යයක බලපෑම මත මාර්ගයේ ඉබාගාතේ යමින් සිටියා විය හැකිය. (රාත්‍රියේ රථ වාහන පදවන ඕනෑම රියැදුරෙකු මෙවන් අවස්ථා වලට මුහුණ දී තිබිය යුතුය.) සිඟන්නන් හැඳ සිටින අඳුරු පැහැ කඩමාලු ඇඳුම් බොහෝ විට රාත්‍රියේ පහන් එළියෙන් රියැදුරෙකුට දර්ශණය වනවා ඉතාමත් අඩුය.
මේ පසු බිමෙන් බලනා විට රාජකාරි වල මුලු දිනයක් යෙදීමෙන් වෙහෙසවී රාත්‍රියේ රිය පදවන ඕනෑම රියැදුරෙකු අතින්  මෙවැනි වරදක් සිදු වීමේ ඉඩ ප්‍රස්ථාව ඉතාම විශාලය.
මෙවන් ප්‍රශ්ණයක් විග්‍රහ කිරීමේදී අදාල චුදිතයා දෙස බැලිය යුත්තේ "කෝටිපතියෙකු" "මොහොමඩ්" කෙනෙකු යන උප කුලක වලට ඔහු වර්ග කිරීමෙන් නොව, "රියැදුරෙකු" යන කුලකයට ඔහු වර්ග කිරීමෙන් පමණකි.
හෙට දිනයේදී මෙවන් වරදක් රාත්‍රියේ රිය පදවන ඕනෑම රියැදුරෙකු අතින් සිදුවිය හැකිය. ඒ රියැදුරා මෙය කියවන ඔබ හෝ ලියන මා නොවේයැයි කිසිවෙකුට සහතිකයක් දිය නොහැකිය.
ඒ ඔබ හෝ මා හෝ ඉහත සඳහන් චුදිත මොහොමඩ් හෝ වේවා ප්‍රතිපලය පළමුවෙන්ම දින 14ක රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමකි. ඔබ කොතරම් නිදොස් වුවත් එම ප්‍රථිපලයෙන් මිදීමට නොහැකිය. මීට මාස කිහිපයකට පෙර පුත්තලම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රියැදුරෙකු අතින්ද මාර්ගයේ සිටි සිඟන්නෙකු අනතුරට පත්ව මියගිය අතර රියැදුරා රිමාණ්ඩ් බන්ධනාගාර කිරීමකට යටත් විය. එහිදීද "ප්‍රයිවට් බස් කාරයෝ එලවන්නේ යක්කු වගේ, උන්ට උපරිම දඬුවම් දිය යුතුය" කියා සමාජය නිහඬ විය.

මා දකින ආකාරයට මේ ලෙස මාර්ගයේ අනාරක්ශිත ලෙස සිඟන්නන් ගැවසීම යනු රියැදුරන් මුහුණ දෙන අති බරපතල අභියෝගයකි.
කිසි සේත් වරදක් නොකර උපරිමයෙන් නීති ගරුකව රිය පදවන රියැදුරෙකු අතින් පවා හෙට දිනයේ මෙවැනි වරදක් වීමේ සම්භාවිතාවය ඉතා ඉහලය. මේ තත්වයට වග කිව යුත්තෝ කවුරුන්ද. මේ ගැන පවතින රජයට හෝ පොලීසියට චෝදනා එල්ල කරීම ඉතාම පහසුය.

එහෙත් ඇත්ත වශයෙන්ම මීට වගකිව යුත්තෝ පාරේ රිය පදවන ගමන් "පින්" කිරීමට උත්සහ දරණ තකතීරු රියැදුරන්ම මිස අනෙකෙකු නොවෙයි. බොහෝ දෙනා තමන්ටම මෙවන් අභාග්‍යයක් සිදු වන තුරු මේ යථාර්තය වටහා නොගැනීම අවාසනාවකි.
පාරේ ධාවනය වන වාහන වලින් සිඟන්නන්හට මුදල් දෙන අවස්ථා ඔබ කොතෙක් දක ඇතිද? මේ හඬ ගසන්නේ තමන්ගේම අභාග්‍යයට බව ඔවුන් නොදකිති. මේ පින පල දෙන්නේ හෙට දිනයේ රියැදුරෙකු (ඔබ හෝ මා හෝ රිය පදවන යමෙකු ) බන්ධනාගාර ගත කිරීමෙන් බව කිසිවෙකු නොදකී.

මේ සිදුවීම පාදක කරගෙන මේ ලිපිය කියවන යමෙකු වේද මා ඔබගෙන් ඉල්ලා සිටිනුයේ..
ඔබ පින් කිරීමට කැමැතිද ඒ සඳහා සුදුසු තැනක් තෝරා ගන්න. රථ වාහන ධාවනය වන මහා මාර්ගය පින් කරන තැනක් නොව, රටේ සම්මත නීති පද්ධතියකට යටත්ව ඔබගේ මගේ ගමන යාමට පමණක් ඉඩ පහසුකම් සලසා ඇති තැනකි.
නියමිත ස්ථානයේ ඊට අදාල කර්තව්‍යයේ පමණක් යෙදෙන්න.
තමන් හා අනුන් අනතුරේ නොහෙලන්න.





8 comments:

  1. පරණ කාර් පදිනවද කෝටිපතියෝ

    ReplyDelete
    Replies
    1. ස්පොර්ට් කාර් එකක් නේ ආසාවට පදිනවා ඇති නේද.

      Delete
  2. //නීතිය ඉදිරියේ හිඟන්නාටත් ලැබෙනුයේ පොදුවේ මිනිසෙකු සතු අයිතිවාසිකම් මිස අන් වෙනස් වූ යමක් නොවෙයි.//
    බයිලනේ මහත්තයෝ, මාර කිව්වේ නීතිය තියෙන්නේ එයාල වගේ අයට නෙවෙයි ගස් ගෙඩි කඩන අයට , කම්කරුවන්ට කියල, ඇයි අර විමලයත් නීතිය නැමුවේ.

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමයි,
      ඒත් අපි වගේ දෙකයි පණහේ එකෙක් අතින් හිඟන්නෙක් හැප්පුනොත් නීතිය හිඟන්නට වුනත් උපරිම සාධාරණයි. අපිට කෙලවලාම දානවාම තමයි.
      ඒකයි ඇත්ත.

      Delete
  3. සෑම රිය අනතුරකදීම තුවාල කරුවකකු හෝ මරණකරුවකු සිටීනම් රියදුරුට රිමානඩ් වීමට සිදුෙවනවා. එය එම රියදුරා පැදවූ වාහනයේ පැමිනි පුදගලයකු එම අනතුරින් මිය ගියත් රිදුරාට රිමාන්ඩ් විමට සිදුවේ.

    ReplyDelete
    Replies
    1. ඔබතුමා නිවැරදියි,
      අන්න ඒ නිසයි මා කියන්නේ මාර්ගය මැදට හිඟන්නන් කැඳවීම නිසා අසාධාරණයට ලක් වන්නේ රියදුරන් කියා. මේ අවධානමෙන් මිදීමට නම් මාර්ගය මැදදී හිඟන්නන්හට මුදල් දීමෙන් වැලකීමට රියැදුරන් බුද්ධිමත් විය යුතුයි.

      Delete