Thursday, March 8, 2018

වඳ පෙති කොත්තු,


මෙහෙම කොත්තුවක් කන්න කාටවත් ඕනේ නැතුව ඇති ඇයි දෙයිය්යනේ කොත්තු කනවනම් මොන තරම් කොත්තු ජාති තියෙනවද
එලවලු බිත්තර, කුකුල් මස්, මාළු ඒ විතරයෑ දන් තියෙනවා ඌරු මස් එළු මස් ආදී මෙකී නොකී මස් වර්ග ඉස්සො දැල්ලො වගේ මුහුදු ආහාර ඊටත් වඩා ඩොල්පින් කොත්තුත් තියෙනවා ඔන්න

එතකොට වඳ පෙති කොත්තු කන්නේ වඳ වෙන්නද? නෑ නෑ ඕඩර් කරල වඳ පෙති කොත්තු කන්නේ නැහැ. සිංහල මිනිස්සු වඳ කරන්න මුස්ලිම් කඩ වලින් එහෙම එකක් දෙනවලු. 

ඒ අතරෙ වාදයක් යනව එහෙම බෙහෙතක් හොයා ගෙනත් නැහැ කියල තව සමහරු කියනවා අසවල් අසවල් බෙහෙත් ජාති වලින් එහෙම වඳ බාවය ඇති වෙනවයි කියලා.

ඇත්තටම වඳ පෙති දානවයි කියමු, ඔප්පු වෙලා නැති නිසා මේක තාම සැකයක් විතරනේ.
එහෙම සැකයක් ඇති වෙන්නේ ඇයි මූලිකම හේතුව ජාතින් අතර විශ්වාසය පළුදු වෙලා. ඒක ඉබේ වුනු දෙයක්ද? එහෙම වෙන්නත් බැහැ නේ. එක ජාතියක මිනිස්සු ඉන්න රටකට වෙනත් ජාතියක් ආ ගමන්ම බලන්නේ ඇකයෙන්නේ. ඒ සැකය දුරු වෙන්නේ ටික ටික කාලයත් එක්ක මිනිස්සු අතරේ වෙන නොයෙකුත් ගනුදෙනු එක්ක සැකය තිනී වෙලා තුනී වෙලා මැකිලා යනවා.
එතකොට අළුතින් සැකයක් උපදින්නේ. මෙක වෙන්නේ ඉතින් තනි අතින් අප්පුඩි ගහන්න බැහැ කිව්ව වගේ, සැකයට බාජනය වෙන උදවියගේ ම නොයෙකුත් මෝඩ අදූරදර්ශී වැඩ නිසාමනේ.

ඒ අතරේ අනෙක් පිරිසත් නොයෙකුත් හේතු නිසා මෙහෙම සැකයක් රෝපනය කරන්න බලාගෙන ඉන්නවා. ඒකට පෝර දාන දෙයක් සිදු වුනු ගමන් වැඩේ නැගල යනවා. ඔන්න ඉතින් ප්‍රචාරය යනකොට මුස්ලිම් කඩ වල කොත්තු වලට වඳ පෙති දානවා කියලා ඒක පිළිගන්න වගේම ප්‍රතික්ශේප කරන කොටසකුත් බිහි වෙනවා. ඒ වගේම එහෙම දෙයක් ඇහුනත් ඔළුවට යන්නෙත් නැති ගනනකට ගන්නෙත් නැති වගේ වගක් නැති බහුතරයක් තමයි ඉන්නේ.
ඉතින් ඔය වඳ පෙති දැමීමේ සාධාරන ඉඩක් තියෙනවාමයි කියමුකෝ. දැන් ඕක බල පාන්නේ කාටද? මුලින්ම ඕක ප්‍රශ්නයක් වෙන්නේ එහෙම දෙයක් ගැන සැකය උත්පන්න කල පිරිසට. ඉතින් ඔවුන් කල යුත්තේ එවැනි තැන් මග හැරීමනේ. මොකටද මුස්ලිම් කඩෙන් කොත්තු කන්න යන්නේ.

ඒ අතරේ නොදන්නා මිනිසුන්ට එවැනි වැරදි දෙයක් ආහාරයට දානවාමයි කියලා බරපතල විදියට හෙතු යුක්තව සැකයක් උපදිනවා නම් එයින් කෑම පාර්සල් තැන තැන ඇති කොත්තු කඩවලින් මිලදී ගත හැකියිනේ. අරගෙන වඳ පෙති කියලා සැක කරන රසායනික ඖශධ පිළිබඳව පරීක්ශන කල හැකියිනේ.
එහෙම තහවුරු වෙනවානම් අන්න වැඩේ හරි. එතනදී නීතිය සාධාරණව ඉටු වෙනවාද නැතිනම් පී එච් අයි මහත්තුරු හෝටල් වල කෑම තියෙද්දී ජරාව කනවාද කියලා බලා ගත්තහැකි වෙනවානේ.

ඒත් ඉතින් දැන් මේ මොකද වෙන්නේ.
වඳ පෙතී දැම්මයි කියල සැක කරන කඩේට ගිනි තියනවා. එහෙම කල බවට කෝ සාක්කි? 
විනාසයි නේද? 

කිසිදු සාක්කියක් නැහැ, ඒ මදිවට වඳ කොත්තු ගැන සැක උන්ම මුස්ලිම් කඩවලින් ගිහින් කොත්තු කනවා.
අනේ මන්දා මේවායේ තෙරුම මොකක්ද කියලා.

එක්කො සිංහලයෝ මෝඩයි. එහෙම නැත්නම් මේක වඳ පෙති කථාවක් හරහා ගෙනියන වෙනමම වැඩ පිළිවෙලක්. මට නම් හිතෙන්නේ ඔන්න ඔහොමයි.


11 comments:

  1. mdk කොත්තු පැකට් එකක් ගෙදර ගෙනිහින් හදාගන කන්ඩ අනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අනේ
      ස්තුතියි අටම්

      Delete
  2. මොකද බොල සාක්කි නැත්තෙ ඔය රනිල්, මංගල වද වෙලා ඉන්නෙ තම්බින්ගෙ කොත්තු කාල තමයි

    ReplyDelete
  3. වඳ පෙති කතාව අවඥාවෙන් බැහැර කළ යුතුය. ඇමති රාජිත සහ ඔහුගේ චක්-ගෝලයින් වඳ පෙති නැතැයි කියන නිසා නොවේ. වඳ පෙති හෝ වෙනත් එවැනි දෙයක් ආහාර සමග එක් කර අළෙවි කිරීම දුර්වල වෙළෙඳ උපක්‍රමයක් වන ගමන්ම දුර්වල ව්‍යන්ධිකරණ ක්‍රමවේදයක් ද වන බැවිණි.

    මුස්ලිම් මිනිසුන්ට සිංහලයින් වඳ කිරීමේ අවශ්‍යතාවයක් නැත. එහෙත් සිංහල ජාතිය වඳ වෙමින් යයි. මුස්ලිම් ජන වර්ගය වැඩි වෙමින් යයි. හේතුව පැහැදිළිය. එක් එක් ජන වර්ග වල ප්‍රමුඛතා අනුපිළිවෙළ වෙනස් ය.
    ---

    පිරිමින් වැඩි මා සේවය කරන ආයතනයේ පසුගිය වසර 10 ට සේවය කළ කාන්තාවන් ගණන 10 කි, දෙමළ එකියක හැර අන් සියළු දෙනා සිංහල ය.මේ අයගෙන් සේවා කාලය තුල දරුවන් උපද්දා ඇත්තේ එකියක පමණි. කසාද බැඳ අවුරුදු 12 පමණ වන තවත් එකියක තනතුරින් තනතුර ඉහළට නගිමින් සිටින මුත් දරුවන් සෑදීම ගැන වගේ වගක් නැත. ඈ අඩු තරමින් කසාදයක් වත් බැන්දාය, අනෙක් උන් බැන්දේ / බඳින්නේ අවුරුදු 35 පැන්න පසුය.

    පිරිමින් සම්බන්ධයෙන් මෙවැනි ගැටළුවක් නැත. උන් අවුරුදු 30 ට අඩුවෙන් කසාද බඳින අතර ළමයි ද හදයි. ගැටළුව උන් හදන්නේ ළමයි එකෙක් හෝ දෙකෙක් හෝ පමණක් වීමයි.

    ලංකාවේ සිංහල පිරිමි අඩු වීම මීට හේතුව ද?
    ---

    මුස්ලිම් මිනිස්සු ගැහැණු කිහිප දෙනා බැගින් ගනී - සමහර විට ඒ සිංහල ගැහැණුය. උන් දරුවන් ද හදයි. ඒ එකා දෙන්නා නොවේ.
    මුස්ලිම් මිනිසුන් හා ගිය සිංහල ගැහැණුන් දුසිං බාගයක් නම් කළ හැකි වුවත් සිංහල මිනිසෙක් හා ගිය මුස්ලිම් කාන්තාවන් මා දන්නේ එකම එකෙක් පමණි. ඒ මීට වසර 25 කට පමණ පෙරාතුව කතාවකි.

    මෙතැන ප්‍රශ්නයක් නොව ප්‍රශ්න කිහිපයක් ඇති බව පැහැදිළිය. පිළිතුරු දීමට පෙර ප්‍රශ්න හරි හැටි හඳුනා ගත යුතුය. මෙය රාජ්‍යය තුලින්ම පැන නැගිය යුතු අවශ්‍යතාවයකි. නමුත් ශ්‍රී ලංකා රාජ්‍යයට එවැනි ප්‍රවේශයක් තවම නැත.

    අනෙක් අතින්, කුරාණය වෙනුවට ෆේස්බුක් තහනම් කරන ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වීමද පලක් නැත.

    ReplyDelete
    Replies
    1. කුරානය තහනම් කිරීමට නම්, ලංකාව සිංහල බෞද්ධ දෙශයකැයි පිළිගන්නා රජයක් බිහිවිය යුතුය.
      එසේ බිහිවීමට එසේ පිළිගන්නා ජනතාවක් බිහි විය යුතුය.
      තම්බි කඩ ගිනි තියා, පාරේ ඉන්නා අහින්සකයෙකු මරා මේ ඉලක්ක ජය ගතනොහැකිය.

      සිංහල ජාතික ව්‍යාපාරයක මුහුණුවරින් විදෙස් ආදාර මත සැරිසරන කල්ලි විසින් සඉංහල ජාතියේ අවසානය ඉක්මනින් ලඟා කර දෙනු ඇත.

      Delete
    2. ඉහත මුළු ප්‍රතිචාරය තුලම මගේ අවධාරණය කුරාණය තහනම් කිරීම නොවේ. එය යොදා ගත්තේ සමාජ ජාලා තහනම් කිරීමේ මුග්ධ භාවය උලුප්පා දැක්වීම පිණිස පමණි.

      Delete
    3. ඔව් ඔබෙ ප්‍රථිචාරය වටහා ගත්තා.
      සිංහලයින් වඳ කිරීම කෙරෙහි මුස්ලිමුන් කෙසේ වෙතත් ගස් ගල් ගානේ බිහි වන ව්‍යාජ රහතුන් විසින් සිදුකරන මානසික වන්ද්‍යාකරන වැඩ පිළිවෙල නම් හොඳින්ම වැඩ කරන බව දකිමි.
      මේ පරශ්නව ලට පිළිතුරක් අවැසිමනම්. එය පැන නැගිය යුහ්තේ සිංහලයින් තුලින්ම මිස අනෙකුන් නසා දැමීමෙන් නම් නෙවෙයි

      Delete
  4. දැන් බලං යනකොට ලෝකෙ ලොකුම ගෝත්‍රික ජනතාව කියන්නෙ සිංහල බෞද්ද. ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරල ඉවරයි. තුක් නොදකින්. ආගමක් නං නැති උනත් ජාතිය සිංහල ශ්‍රී ලාංකික වෙලා ඉපදුන එකනං කාලකන්ණි කමක්. ඊළඟ යුද්දෙන් පස්සෙ ඉපදෙන ඇවුනුත් මේ කථාවම කියයි.

    ReplyDelete
    Replies
    1. වැරදියි සහෝදරයා.
      එහෙම කිව්වොත් උබත් මාත් ගෝත්‍රිකයෝ.
      හැම ජන කොටසකම වගේ සිංහල බෞද්ධ කියන ජන වරගය ඇතුලෙත් ගෝත්‍රික මනස තියෙන උන් ඉන්නවා. අපි උන්ව විවේචනය කිරීමෙන් හා හෙලා දැකීමෙන් තමයි සැබෑ ජාතික ස්වරූපය මතුකර ගත හැක්කේ
      අද ස්කන්ඩිනේවියානු රටවල ඇතිවී තිබෙන මුස්ලිම් විරෝදය, දිනපතා සිදුවන ප්‍රහාර ගෝත්‍රික නෙවෙයිද?

      අයිසිස්, තලේබාන් බොකෝ හරාම් වගේ කල්ලි ගෝත්‍රික නෙවෙයිද?
      දෙමල පමනක් වූ භූමියක් වෙනුවෙන්ම් පෙනී සිටින සම්බන්ධන් ඇතුළු කල්ලිය ගෝත්‍රික නෙවෙයිද?

      Delete
    2. `ගෝත්‍රික` යනු කුමක්ද?
      අඩු තරමින්, `ගෝත්‍රික` යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?

      Delete