Wednesday, May 17, 2017

ඇත්ත කියා අනුන්ගේ ජීවිත අවුල් කරනා අහින්සකයෝ....!

ඇත්ත නොකියනවා කියන්නේ බොරු කියනවා කීමද?


මීට වසර දහයකට පමණ පෙර මා කියැවූ නවකථාවක් මට සිහිවේ. ඒ ජයසේන ජයකොඩි මහතාගේ මනුස්සාත්ම නම් වූ කෘතියකි. එහි චරිත වල නම් ගම ආදිය මට දැන් මතක නැත. එහෙත් කථා සාරාංශය තුල

දුප්පත් ගැමි පරිසරයක වෙසෙන පවුලකි. උත්සහවන්ත ගොවියෙකු වූ සැමියා මැලේරියා හෝ යම්කිසි බරපතල රෝගයකට ලක්ව කාලයක් දුරවලවී අසරණ වෙයි.දරුවන් කුඩාය.  ඒ කාලයේ භාහිර පුද්ගලයෙකුගේ මැදිහත් වීම මත ගැහැණිය ඔහු හා කිහිප අවස්ථාවක් සඹඳතා ඇතිකර ගනී. රෝගී සැමියා කිසිවක් නොදනී.

දීර්ඝ කාලයක් ගත වේ භාහිර සඹඳතා නැත පවුල සාමාන්‍යය. දරුවන් වැඩිහිටිය පවුලට ආදායම් උපදවයි. සියල්ල සාමකාමීයි. මහළු මව මරණ මංචකයේ සිටිමින් ඉතා මහළු සැමියාහට තමන් ජීවිත කාලයක් හිතේ තද කරගෙන සිටි සැමියාට කල "ද්‍රෝහි කම" කොඳුරා කියා සමාව අයැද මිය යයි. තමා ජීවිත කාලය තුල සිහිනෙන් වත් නොසිතූ මේ "විශ්වාස ඝාතනය" ගැන ඇසීමෙන් වික්ශිප්ත වන මහල්ලා දැඩි නිහඬ බවක ගිලී හිඳ "ඇයි උඹ ඕක දැන් මට කීවෙ" කියා අසන විටත් මැහැල්ල මිය ගොස් අවසන්ය.
(ජයසේන ජයකොඩිගේ බොහෝ පොත්වල් ඔහු යොදාගන්නේ හොරණ ප්‍රදේශයෙහි ජීවත් වූ යම් ගැමි යෙකුගේ සත්‍යය වූ සිදුවීම් සාරාංශය කොටගෙන ඔහු විසින් ගොඩනගන කථාය )

මෙවැනි පෞද්ගලිකව දන්නා කථාද ඇති මුත් මෙහි ලිවීම නුසුදුසු යැයි සිතමි.
මා ලියා තිබූ කථාවද ඉවත් කරදමමි.

කල යුත්තේ කුමක්ද?

සත්ත්වයා ලෝකය ගොඩනගන්නේ තමන් ගේ ඉන්ද්‍රියයන් වල ග්‍රහණයට ලක් වන සංවේදන තුළිනි. කොටින්ම සත්ත්වයාගේ ග්‍රහණයට නතු නොවූ දෑ සත්ත්වයාගේ ලෝකය තුල නැත. සත්ත්වයා සිය ග්‍රහනයට ලැබෙන සංවේදන තුලින් සංස්කරණය කරමින් ලෝකය ගිඩ නගයි. එසේ සංස්කරනය කරමින් ගොඩ නොනැගූ කිසිවක් ලෝකයෙහි නැත.

අපට හිරු සඳු නොදැනේ එහෙත් එකිනෙකට වෙනස් වූ ආලෝකයන් දෙකක් දැනේ ඒ ආලෝකය දැනෙන ආකාරය අනුව සකසා ගෙන අපි අර ඉරය මේ හඳය ලෙස අපේ ලෝකය තුල වූ පරිසරය ගොඩ නගා ගනිමු. දරුවෙකු උපතේදීම හඳුනා ගන්නා අම්මා තාත්තා ආදී සංකල්ප සියල්ලම මෙසේය. අම්මාගේ රූපය ආලෝක සංඥ්ඥාවක් ලෙසින් හඳුනිමු. අම්මාගේ කටහඳ ශබ්දයක් ලෙසින් හඳුනුමු. ඇගේ පියවර රිද්මය හඬක් ලෙසින් හඳුනිමු. ඇගේ සුවඳ ආග්‍රාන සංවේදනයක් ලෙසින් හඳුනිමු. ඇගේ රූපයෙහි, හඬෙහි වෙනස් වීම් තුලින් ඇය සතුටින් දුකින් බව ග්‍රහනය කර ගනිමු. මේසේ අපි ලෝකයෙහි ඇති එක එක දේ ඒ හා සම්බන්ධ සංවේදනා තුලින් ග්‍රහණය කරමින් අති සංකීර්ණ වූ ලෝකයක් තනා ගනිමු. එසේ තනාගත් ලෝකය එසේ පවතින ලෝකයකැයි විශ්වාසයකින් බැඳී එහි නොයෙකුත් සෙල්ලම් පෙන්වමින් සිටිමු.

සත්ත්වයා ලෝකය තුල පැවැත්ම එයාකාරනම්....

අපේ ඇසට ලක් නොවූ නොදන්නා වූ දේ ගැන අපේ පැවැත්ම කෙබඳුද?
අපි නොදුටු, නොඇසූ, ගන්දයක් නොදැනුනු, රසක් නොදැනුනු, ස්පර්ශ නොවුනු දේ අපේ ලෝකයෙහි කෙසේවත් අඩංගු නොවුනු දැනුමය. මා ගෙදර නිසිටි කාලයෙහි මගේ අල්ලපු ගෙදර කවරෙකු සිටියේද කුමක් කථා වුනේද, කවුරුන් ආවා ගියේද වශයෙන් කිසිවක් මා නොදන්නා අතර එය මගේ ලෝකයෙහි මොමැති දේ වේ. ඒ ගැන සෙවිමෙන් පලක්ද නැති නිසා එයට කාලයක්ද නැති නිසා මා එයට නොවෙහෙසෙමි එය මගේ ලෝකයෙහි අංගයක් නොවෙයි. එහෙත් සම්මතය තුල මා උදේ ගෙදරින් යන විට එම නිවස තිබූ නිසා එවන් නිවසක් ඇති බව මගේ ලෝකයෙහි අංගයකි. ඒ තුල මිනිස් ක්‍රයාකාරකම් වන බවක් මීට පෙර මගේ ලෝකය දැන සිටි නිසා එහිතුල මිනිස් ක්‍රියා කාරකම් වන බවක් මගේ ලෝකයෙහි ඇත.

මා නැති අතරෙහි මගේ නිවස තුල සිදුවිය යුතු හා නොයුතු දේ ගැන මා තුල ඊට වඩා පැහැදිලි දැක්මක් හා විශ්වාසයක් ඇත. මේ විශ්වාසයෙහි පදනම කලින් එය සිදුවූ ආකාරය මත පදනම් වේ.

මගේ ලෝකය තුල යමක් සිදුවන ආකාරය පමණක් නොව යමක් සිදුවිය යුතු ආකාරය පවා අපි කලින් තීරණය කරන්නෙමු. එසේම යමක් සිදු වූ ආකාරය අප නොදන්නා විට එය සිදුවිය යුතුව තිබූ ආකාරයට එය සිදුවූ බව අපි සිතන්නෙමු. එසේ සිතූ කල අපේ ලෝකය තැනෙන්නේ එසේ අපි සිතාගන්නා කරුනු වලින් නොදන්නා කරුනු පුරවා ගැනීමෙනි.

අපි අතිශයින් විශ්වාස කරන කෙනෙකු ගේ පැවැත්ම සිදුවිය යුතු ආකාරය ගැන අපි තුල යම්කිසි සැලැස්මක් පූර්වයෙන් ගොඩනගාගෙන ඇත. අපි න්දකින නොදැනෙන තැනෙකදී ඒ විශ්වාස වන්තයා හැසිරෙන ආකාරය අපි සිතින් ගොඩනගා ගන්නෙමු. ඒ මගින් අප විශ්වාස වන්තයාගේ අප නොදන්නා කොටස අපි විසින්ම පුරවාගෙන ඒය අපේ ලෝකය කරගනිමු.

ඉහත මා දැක්වූ පළමු අවස්ථාවේදී මහල්ලාගේ ලෝකය සාමකාමීය. ඔහු ජීවිතය තුල විශ්වාස කල දෑ එලෙසින්ම පවතී. ඔහුගේ ජීවිත අරමුණු වූ ලෝකයට දරුවන්ට කල යුතු යුතුකම් ඉටුකොට ඔහු ජීවිතයෙහි අවසානය බලාපොරොත්තුවෙන් සිටින්නෙකි. ඔහුගේ ආදරබර විශ්වාස වන්ත බිරිඳ මහළුව දුබලව මරණ මංචකයේය. ඇයට ඉටුකිරීමට නොහැකි ඌ යම් යුතුකමක් වේද ලබා දිය නොහැකි වූ සැපයක් වේද ඒ ගැන සැමියෙකු ලෙස ඔහු පශ්චාත්තාපයෙහි සිටියි. එවන් මොහොතක ඔහු ගේ ලොවෙහි කිසි දිනෙක නොවූ සිදු වීමක් ඔහුගේ ලෝකයට ඇතුලු වීමෙන් ඔහු ලබන සැනසුමක් වේද?
ඒ දැනුම ඔහුගේ ලෝකයට පැමිණීමද නොපැමිණීමද වඩා යහපත්.
මැහැල්ලගේ පාර්ශවයෙන්, ඇය දැනුවත්ව පෙළඹවීමක් මත වරදක් සිදුකොට ඇත. ඇය එතැන සිට ජීවිත කාලයක් සැමියා ඇයට ආදරයෙන් සලකන වාරයක් පාසා ඒ ගැන පසුතැවෙමින් ජීවිතය ගෙවා දමා ඇත. එහෙත් අවසන් මොහොතේ ඇයට ඒ පශ්cචාත්තාපයෙන් මිදීමට අවැසිය. ඇයට මරණයට මුහුණ දීමට ශක්තියක් නැත. වංචාකාරී හැඟීම සිතට වද දේ. එම නිසා ඇය සැමියා ඉදිරියෙහි පාපොච්චාරණයක් කොට, සිත සැහැල්ලු කොටගෙන, මිය යන්නීය.

මගේ විග්‍රහයේ හැටියට ඇය සැබැවින්ම සැමියාට වරදක් කරන්නේ අන් සැමියෙකු පහස ලැබූ මොහොතේ නොව. මරණ මංචකයේදී කරන පාපොච්චාරණය මගින් තම ආත්ම විමුක්තිය පතා සැමියාගේ විමුක්තිය බිලි ගැනීමෙනි. ඇය කල වරද ඇය බොහෝ දුරට විඳවා ඇති බවක් පෙනේ. එහෙත් ඇය විමුක්තිය සොයන්නේ සැමියාගේ විමුක්තිය බිලිගැනීමෙනි.

ඔහුගේ ලෝකය තුල නොවූ දෑ නොමැති තාක් කල් එය නොමැතිය. එහෙත් ඇය විසින්ම එසේ පාපොච්චාරණය කිරීම මගින් දැන් එය ඔහුගේ ලෝකයෙහි දැනුමයි. එය එසේ වූ බව ඔහු පිළිගනියි. ඔහු රැවටීමකට හසු වී ඇත. එය නිවැරදි කරගැනීමට ඔහුට කාලයක් නැත. ඔහුගේ ලෝකය විනාශ වී ගොස් ඇත.

මා මෙහිදී මතු කිරීමට තැත් දරන්නේ සත්‍යවාදී වීම හොඳ වුවත්  තමාගේ විමුක්තිය පිණිස අනෙකාගේ (අහින්සකයෙකුගේ) විමුක්තිය බිලිගනිමින් සත්‍යවාදී වීමට වඩා තමා කල වරද තමාම විඳවමින් සිටීම යහපත් බවයි. එය පරාර්ථකාමී සැබෑ ආදරණීය ක්‍රියාවක් බවයි.



ඇත්ත කීමෙන් යමෙකු දුකෙහි වැටෙන බව දන්නවානම් එම ඇත්ත නොකියා සිටීමෙහි වරදක් නැතැයි මම සිතමි.
ඇත්ත කියා ගන්නට නොහැකිවීම නිසා වරද කල අහින්සකයා විඳවීමෙහිත් වරදක් නැතැයි මා සිතමි.


24 comments:

  1. ජයසේන ජයකොඩිගේ කතාවේ වෙනසක් තිබෙනවා.

    ඒ ගැහැණිය තුවාන පාර්ශවය නිසා දරුවකු ලබනවා. ඇය ඒ ගැබ වනසන්නට හදනවිට සැමියා ඈ හා දබර වෙනවා. අවසානයේ උත්සාහය ව්‍යර්ථ වීමෙන් ආ පිරිමි දරුවකු ලබනවා. දරුවන් ලොකු මහත්වී හොදින් ජිවත් වෙනවා. ඇගේ බාලම පුතා ( වෙනත් පුරුෂයෙකුට දාව ඉපදුන) තමයි නිවසේ ඉතුරුවෙන්නේ. ඔහු අම්මා ඔත්පල උනාම පුදුම ආදරේකින් සලකනවා. අවසානයේ මරණ මංචකයේදී ගැහැණිය ඒ තරුණයාගේ සැබෑ පියා ගැන කියනවා. ඒ තමයි කතාව. මේකෙන් ටෙලි නාට්‍යක් පවා හැදුනා.

    වරදක් ගැන සත්‍ය පැවසීමට වඩා මුනිවත හොඳයි කාටත්!

    ReplyDelete
    Replies
    1. ලිඛිතා, ස්තුතියි ඔබගේ පිළිතුරට.
      මා මේ පොත කියවූවේ බොහෝ කලකට පෙරයි මට එහි සිදුවීම් හා චරිත අමතකයි ඒත් මතක තිබිය යුතු කථාවේ වැදගත්ම කොටස මතකය තුලිනුයි ලිව්වේ.
      ඔබගේ මතක් කිරීමත් එක්ක මට කතාව තව දුරටත් මතක් වුනා ස්තුතියි ඔබෙ ඌන පූර්ණයට.

      නමුත් වරදක් ගැන සත්‍යය සැඟවිය යුතුයි කියන එක නෙවෙයි මම කියන්නේ.
      තමන්ගේ ආත්ම විමුක්තිය පතා අනෙකෙකුගේ (අහින්සකයෙකුගේ ) මනස බිඳ දැමීම නුසුදුසු බවයි.

      තමන් වරදක් කලා නම් කල යුත්තේ වරද වරද හැටියට දැකීමත්, එය නැවත නොකිරීමට තමාටම සපත කර ගැනීමත් එමගින් වරදකාරී මානසිකත්වයෙන් මිදී සන්සුන්ව ජීවිතයට මුහුණ දීමත් කියන එක තමයි මම දකින නිවැරදි විදිය.

      Delete
    2. සත්‍ය සැඟවීම සහ මුනිවත කියන්නේ දෙකක්. ඇත්ත, එහෙම කෙනෙකුගේ හිතක් බිඳවීමෙන් පව් දෙක තුනක් වෙනවා.

      වරදකාරී බවින් මිදීම කියන එකත් වරදක් විදියට දකින සමාජයක් තියෙන නිසා මේක පහසු වැඩක් නෙවෙයි. එය රවටාගැනීමක් නොවී කිරීමට පරිස්සම් වෙන්න ඕනේ. එකඟයි.

      Delete
  2. ඔබේ අදහසට මාත් 100% එකඟයි. පාපෝච්චාරණය කිරීමෙන් තවෙකෙකුගේ හිත තැලීමට වඩා, වරද දරාසිටීම හොඳයි. තමන් කල වරද නැවත නැවතත් මතක් කරමින් දුක් විඳීම වෙනුවට, එයින් පාඩමක් ඉගෙනගෙන, එය හිතෙන ඉවත් කල යුතුයි. (කියනවාට වඩා කරන එක අමාරුයි - හැබැයි, පසුතැවීමෙන් පලක් නැති බව බුදුන් වහන්සේත් කියා ඇති බව මා අසා තියනවා.)

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම, බුදු දහමේ කියන්නේ පසුතැවීම නොකල යුත්තක් ලෙසයි. කල යුත්තේ පසුතැවීමට සිදුවන ක්‍රියා වලින් වැලකීමයි නූතනයේ කථා කරන ධනාත්මක චින්තනයේ පදනම මෙයයි (pro activeness) කියන්නේ මේකටයි.

      කියනවා වගේ පහසු නැහැ කියන එකනම් නිවැරදිම යථාර්තය. ඒ නිසයි මා කියන්නේ අමතක කල නොහැකිනම් වරද කල එකා එය විඳවිය යුතුයි, අහින්සකයෙකු බිලි නොගෙන.

      Delete
  3. මේ දේ මෙහෙම හිතුවොත් ඔබගේ මිතුරාට පහසුයි. ඔහුගේ ශරීරය සහ ඔහු යනු එකක් නොව දෙකක්. ඔහුගේ ශරීරය මේ භවයේ ඔහු සිටින තාවකාලික නවාතැන පමණයි. ඒ ක එක්තරා කාලයක අපි පාවිච්චි කරන වාහනය වගේ. වාහනය කියන්නේ මම නෙවෙයි. එය මා තාවකාලිකව සිටින කූඩුවක් පමණයි.

    ඔහු ඔහුගේ බිරිඳට ඇති බැඳීම ඇත්තේ ඔහු තුල මිසක් ඔහුගේ ශරීරය තුල නෙවෙයි. ඔහුගේ අධිශ්ඨානය දුර්වල වූ මොහොතක ඔහු තාවකාලිකව සිටින ශරීරය ඒකේ අවශ්‍යතාවයක් පිරිමසා ගත්තා. ඔහුගේ වැරැද්ද එම අධිශ්ඨානය දුර්වල වීමට ඉඩ දීම මිසා අනෙක් තැනැත්තා හා සංවාසයේ යෙදීම නෙවෙයි.

    මේ සිද්ධියෙන් ඔහුට ඔහුගේ අධිශ්ඨානය ඉදිරියේදී දුර්වල වීමට ඇති අවස්ථා අඩුවීමට හෝ නැතිවීමට හේතු වෙනවා. එය ඔහුටත් ඔහුගේ විවාහයටත් , බිරිඳටත් හොඳයි. ඔහුගේ ශරීරය කල 'වරද' ගැන බිරිඳට කීමෙන් වෙන්නේ හානියක්. එහිදී බිරිඳ දුක්වන්නේ හෝ වෙන ක්‍රියා මාර්ගයක් ගන්නේ නම් එක ගන්නේ බොහෝ විට ඔහු පිලිබඳව මිස ඔහුගේ ශරීරය ගැන නොවෙයි. (ඇය ඔහුට අඩන්තේට්ටම කලොත් හැර ).

    මෙය නිවැරදිව තේරුම් ගත්තොත් ඔහුට ඇති ඒ 'වරදකාරී' හැඟීමෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. එහෙත් එය කල යුත්තේ අන් භික්ෂුවක් වැනි අයකු ගෙන් උපදෙස් පැතීමෙන් මිස යහළුවන් සමඟ කීමෙන් නෙවෙයි. එහිදී කවදා හෝ බිරිඳ එය දැන ගැනීමේ අවදානමක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ඉයන් ඔබ ප්‍රශ්නය විමසීමට මෙතැනදී ගන්න පිවිසුම අපූරුයි. ධාර්මිකව ගත්තොත් අපිට ඕක කියන්න වෙන්නේ ඒ අව්ස්ථාවේ හුන් පංචස්කන්දයක හැසීරීමක් ලෙසටයි. ඒක බොහෝම ගැඹුරු විමර්ශනයක්.
      සරලව වරද වරද ලෙස දැකිය හැකිනම් මිදීම පහසුයි.
      මිදීම තමයි වැදගත්.

      Delete
  4. in a lighter vein : නයනේ කොටු පැනලා ගෑණිට කියන්නේ නැතුව ඉන්න අපෙන් reinforcement ගන්න බලාගෙන වෙන කෙනෙකුට සිදුවූ දෙයක් ලෙස මේක ලියා ඇති බව සුමනේ ජෝතිර්වේදියාගෙන් මට ආරංචි වුණා.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ දැන් සුමණෙ උන්නැහේ වැඩකරන්නේ සිරිකොතේද?
      එයා කිව්වානම් වැඩේ කිරිගහට ඇන්න වගේ හරියටම හරි ඇති......

      Delete
    2. සුමනේ නම කිව්වේ මම කියන දේ බොරු බව කීමට. බොරු කියන්නන්ට මේ පැත්තේ ඉඩ නෑ නයනේ. ඒ ගොල්ලො මැදමූලනේ. :)

      Delete
    3. ගනන් ගන්න එපා මාත් විහිළුවක් කලේ සුමණෙ අයියත් දැන් යන එන මගක් නැතිව ඉන්න එකේ අපිවත් එයා ගැන කථා කරන්න එපැයි නේද?

      Delete
    4. දීකිරට අර කවුදත් සාක්කි!

      Delete
  5. කතාව මා කියවා නෑ, එහෙත් එය ඉතා අනුවේදනීය එකක් බව පැහැදිළියි. කතාවේ කාන්තාව අවසන් මොහොතේ තම සිත සැහැල්ලු කර ගන්නේ තම සැමියාට එම පශ්චාත්තාපය පැවරීමෙන්'ය යන අදහස සමග නම් මා එකඟ වන්නේ නෑ.

    සැබවින්ම අපට මෙවැනි අවස්ථාවල කටයුතු කළ යුත්තේ මේ අයුරින්ය යන 'වියුක්ත' ක්‍රමවේදයක් තනා ගැනීමටත් එය අන් අයට නිර්දේශ කිරීමටත් හැකියාවක් නෑ. එසේ වන්නේ ඒ ඒ අය වෙනස් චිත්ත පරම්පරාවක් සහිත වෙනස් හැදියාවන් සහිත (නානත්ත කායා, නානත්ත සඤ්ඤා) පුද්ගලයින් වන හේතුවෙන්.

    මහෞෂධ පඬි තුමාගේ අදහස නම් "රහස්" කිසිවෙකුට නොකිව යුතු බවයි. කිසිවක් රහසක් වන්නේ එය හෙළි වීම තමාට හෝ අන් කෙනෙකුට හෝ හානියක් ගෙන දෙන නිසාමයි. එනයින් අර කාන්තාව තමන් ජීවිත කාලය පුරා රැක ගත් රහස ස්වාමියාට හෙළි කිරීම වරදක්. එහෙත් එය පාපයක් නොවෙයි - පාපය සිදු වන්නේ ඇය වරදේ බැඳුණු මොහොතේමයි. එහි දිට්ඨදම්ම වේදනීය විපාක ඈ දිගටම විඳින්නට ඇති අතර ඉතිරි විපාකත් ඇය විසින් විඳිනු ඇති.

    රහස දැන ගන්නා ස්වාමියා තුල ඇති වන මනෝ භාවයන් හා ඔහු තෝරන කායික-වාචසික ප්‍රතික්‍රියා විසින් ඔහුගේ කර්මය හා විපාකය තීන්දු කරනු ඇති.
    ---

    ඔබේ මිතුරාගේ ප්‍රශ්නය සම්බන්ධව කිසිවක් සඳහන් කිරීම යුතු නැතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබ තුමා සැමදා වාගේ මගේ ලිපියෙහි ඌණ පූර්ණ සැපයීමට ඉදිරිපත් වීම අසීමිතව මා අගයනවා. ඔව් කර්මය යන සංකල්පය මා මෙහිදී සැලකීමට ගත්තේ නැහැ.
      රහස පිළිබඳ ඔබ ඉදිරිපත් කරන මහෞශධ පඬිතුමාගේ මතය තුල විශාල කථාවක් ගැබ්වී තියෙනවා.

      මිතුරාගේ ප්‍රකාශය ගැන කිසිවක් අවශ්‍ය නැහැ ඔබ ඒ පිළිබඳ දන්නවා.
      මේ මාතෘකාවෙන් මා මෙම ලිපිය ලියුවේත් මේ ගැන මට මතක් වූයේත් එය මතක් කරවන සුළු කාරනයක් සිත ගැටුනු නිසයි.

      ඒ සියල්ලටම වැඩියෙන්, මේ ලිපිය ලිවීම ගැන මා සතුටු වන්නේ මාස දෙකකටත් වැඩි කාලයක් කිසිදු ආරංචියක් නැතිව සිටි ඔබ. ඊ මේල් පණිවිඩයකටවත් පිළිතුරු නොදුන් ඔබ මේ ලිපියට පිළිතුරක් දීමට ඉදිරිපත්වීමයි.
      කථා 32 යලි පන ගැනේවි නේද?

      Delete
    2. ඔබගේ පිළිතුරේ දෙවැනි ඡේදය මට නැවතත් මුල සිට සිතීමට පොළඹවනවා.
      ඒ ඔස්සේ මට නැවත්තත් සම්පූර්ණ වෙනත් කෝණයකින් මේ ලිපිය ලිවිය හැකියැයි සිතෙනවා. ඔබ සැමදා වාගේ ඉතා කෙටි අදහසකින් සිතන්නට බොහෝ දේ මතුකර දෙනවා. නැවතත් ස්තුතියි ඔබට

      Delete
    3. ඇත්තටම දෙතිස් කතාවල සංවාදයට එන ජොසෙප් දැන් නැද්ද ? සිතිවිලි සි හා නයනේ දෙන්නම එක්කෙනෙක් මා හිතන්නේ. දෙතිස් කතා හි දහම් සාකච්ඡා දැන් නැද්ද ?

      Delete
    4. ස්තුතියි ඇනෝ සහෝදරයා,
      ඔබ වැනි දෙතිස් කථා අගයන්නෙක් මුන ගැසීමත් සතුටක්.
      ඔව් කලින් සිතුවිළි සී ලෙස ලිවේ මා තමා.
      දෙතිස් කතා පන ගැන්වීමට මා හැකිතරම් උත්සහ ගන්නවා.හෙතුව මා දන්නේ නැහැ අපේ කථා කතුතුමා දැඩි ලෙස නිහඬයි.
      ජෝසප් නම් ඉඳහිට එක වචනයක පිළිතුරක් පමණක් ලියන අවස්තා තියෙනවා.

      අපි බලා සිටිමු. කතා කතුතුමා ඉක්මනින් නිහඬ බව බිඳීවි.

      Delete
  6. “It's true not because it's beyond doubt, but because we believe it to be true. We make it true. We are safe as long as no one can disprove us”
    ― Bangambiki Habyarimana

    ReplyDelete
  7. සත්‍යය නොපවසා සිටීම සහ සත්‍යය සැඟවීම යනු දෙකකි

    ReplyDelete
    Replies
    1. නීතියේ නම් කියන්නේ the truth, whole truth and nothing but the truth..! කියල :)

      Delete
  8. මට පෝය දවසේ ධර්ම ප්‍රශ්ණයක් අහන්න තියෙනවා.
    බටහිර ක්‍රිස්තියානි ජාත්‍යන්තර සුපිරි ව්‍යුහයට කර්ම රැස්වෙනවද?

    ReplyDelete