Thursday, August 23, 2018

තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය.

තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය.
bajaj සඳහා පින්තුර ප්‍රතිඵල


මේ ඊයේ පෙරේදා ජනාධිපති තුමන් විසින් කටුගා දැමූ තවත් වැදගත් වැඩපිළිවෙලකි.
එහෙමවුනත් ඒ කටුගා දැමිල්ලට දොස් කියන්නටද බැරිය.
ඒ කොතනත් නිදා ගන්නා නිදි ඇමති විසින් කවුරුන් හෝ මැටි මෝලෙකු විසින් ලියා දුන් මරි මෝඩ පනතක් ආකාරයෙන් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති නිසාවෙනි.
දැන ගන්නට ඇති පරිදි මේ පනත මගින් වයස 35ට අඩු උන්ට මගී ප්‍රවාහණයේ යෙදීම තහනම් කොට ඇත. අරමුණ හොඳය වැඩ පිළිවෙල මීහරකෙකුවත් නොකර තරමේ ගොන් කමකි.

එක් වරම මෙය ක්‍රියාත්මක වුවානම්, දැනට ත්‍රීරෝද රථ, ඇල්ටෝ, නැනෝ ආදී ටැක්සි, පෞද්ගලික බස් රත පදවන රියැදුරන් දහස් ගනනක් එක් විටම තම රැකියාවට නුසුදුස්සන් වීම වැලැක්විය නොහැකිය. එසේ වූවානම් අර ඇමතියෙක් කියූ පරිදි එය තමන් කැමති වෘත්තියක නියැලීමේ අයිතියට වැට බැඳීමකි. (තමන් කැමති වෘත්තියක නියැලීම යනු ව්යැවස්ථාවෙන් ස්තාපිත අයිතියක්දැයි මම නම් නොදනිමි ).

ඒ කොහොම වෙතත්, මෙය වැදගත් වැඩකි.
කල යුතුම වැඩකි.

කල යුතුව තිබුනේ
දැනට මගී ප්‍රවාහනයේ යෙදී සිටිනා සියල්ලන්ම මාස තුනක් වැනි කෙටි කලක් තුල වහාම මගී ප්‍රවාහන රියදුරෙකු ලෙස රජයේ ලියා පදිංචියක් ලබා දීමයි.
එසේම මේ වැඩ පිළිවෙල ආරම්බයේදීම දැනට රියැදුරු බලපත් ලබා නැති අයට මගී ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමයි.
එසේ වූවානම් දැනට මේ ක්ශේත්‍රයේ නියැලි සියල්ලෝ තම වෘත්තිය තුල ස්ථාවර වනු ඇත. මගී ප්‍රවාහන රියදුරෙකු යනු වෘත්තීය සුදුසුකම් ලත් වෘත්තිකයෙකු ලෙස හඳුනා ගැනෙනු ඇත.
මූලික ලියා පදිංචියෙන් පසු මගී ප්‍රවාහන ක්ශේත්‍රයට පිවිසෙන ඕනෑම නවකයෙකු හට කොන්දේසි මාලාවක් ඉදිරිපත් කිරීම කිසි සේත්ම ගැටළු කාරී නොවේ.
එහිදී
වයස  35 සපුරා තිබීම
අපරාධ ඝනයේ වැරදි වලට උසාවියෙන් දඬුවම් ලබා නොතිබීම.
සංවිධානාත්මක අපරාධ වලට හවුල් කරුවෙකුව නොසිටීම

වැනි අත්‍යාවශ්‍ය කොන්දේසි රැසක් යොදා නියම සුදුස්සන් පමණක් එම වෘත්තීය බලපත්‍රයට සුදුස්සන් කිරීම කල හැකිය.

එවැනි සංවිධිත වැඩ පිළිවෙලක් වූවානම්, කිසිදු ගැටළුවකින් තොරව වත්මන් මගී ප්‍රවාහණ රියදුරන් පවා මේ වැඩ පිළිවෙලට අනුග්‍රහ දක්වනවා ඇත. ඒ යම් කිසි කාලයක් උදෙසා තම වෘත්තියේ තරඟ කාරීත්වය පාලනය වන බැවිනි
(දොස්තරලාත් තරඟ කාරීත්වයට බයනම් ත්‍රී රෝද රියැදුරන් ගැන කවර කථාද )

එලෙසින්ම මේ වැඩ පිළිවෙල ආරම්ඹ වී පළමු වසර තුලදීම ලක්ෂ දෙකකට වැඩි තරුණ පිරිසක් රටේ අනිකුත් රැකියා අවස්ථා කෙරෙහි යොමුවීම සිදු වනු ඇත. එමගින් දැනට රටේ ඇති සේවක අර්බුධයටද ඉක්මන් විසඳුම් ලැබීම ඇරඹෙනු ඇති.

එවන් වටිනා වැඩ පිළිවෙලක් නිවැරදි කර ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදු වූයේ කටුගා දැමීමකි.
මේ ලංකාවයි.

5 comments:

  1. http://chandimagomes.blogspot.com/2018/08/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මේ ලිපිය කියවූවාට.
      ඔබේලිපියත් කියවූවා. ලංකාවේ සිදුවන්නේ හුදු ගැලරිය පිනවීම ම මිස අනෙකක් නොවෙයි.

      Delete
  2. කිසිවෙක් විසින් නව්‍ය ආර්ථික අවස්ථාවක් උදා කර ගැනීම රටකට සම්පතකි. දුගී ඉන්දියාව විසින් තම රටේ තරමට නිපදවා ගත් වාහනය තෙසකරියයි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානය විසින් මේ කාරණය උදෙසාම තනා ගත් වාහනය kei car ලෙස හඳුන්වයි. පසුගිය දින වල රජය විසින් 50% පමණ ප්‍රතිශතයකින් බදු මුදල් වැඩි කරන ලද්දේ මේ කාර් රථ උදෙසා වේ.

    රාජපක්‍ෂ රජය විසින් ලංකාවේ මහාමාර්ග වල ගුණාත්මක භාවය විප්ලවීය වෙනසකට බඳුන් කිරීමට පළමුව ත්‍රිරෝද රථ නමින් හඳුන්වන ඉන්දීය නිෂ්පාදනය මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ සැළකිය යුතු භූමිකාවක් ඉටු කළේය. විශේෂයෙන් ඉන්දීය සංක්‍රමණිකයන් වෙසෙන කඳුරට ප්‍රදේශ වල බස් රථ නොදුවන මං මාවත් වල මේ රථ විසින් කළේ ජනතා සේවයකි.

    එහෙත් මහා මාර්ග පද්ධතියේ සිදු වූ වෙනසට සමගාමීව ඉන්දීය නිෂ්පාදිත ත්‍රිරෝද රථ ජපානයේ නිෂ්පාදිත සූක්‍ෂම රථ (kei car) විසින් ආදේශ වීම වේගයෙන් සිදු වෙමින් පැවතිණි. තෙසකරිය යනු කිසි සේත්ම ආරක්‍ෂාකාරී වාහනයක් නොවේ. පැයට කිලෝමීටර 20 - 30 මිස ඊට වඩා වේගයෙන් යා හැකි, යා යුතු මාර්ගයක මේ වාහන ධාවනය කරවීම අනෙක් වාහන වලට කෙරෙන අසාධාරණයකි. මේවායේ නිත්‍යානුකූල වේග සීමාව 40 kmph ලෙස නිර්ණය කිරීම අහඹුවක් නොවේ.

    අනෙක් අතින් තෙසක රිය එහි නඩත්තු වියදම් හා එය නියෝජනය කරන සමාජ මට්ටම හේතුවෙන් ලාංකික සමාජය විසින් ප්‍රතික්ෂේප කෙරෙමින් පැවතිණි. AMW සමාගම පිළියන්දල පිහිටි එක්ලස් කරන කම්හලක් දැනටමත් වසා දමා ඇති බව මාගේ මිතුරෙක් කළ ප්‍රකාශය සත්‍යයක් බව සිතමි. රජය විසින් පැනවූ බදු ද ඊට එක හේතුවකි. මේ ආණ්ඩුව සේම පසුගිය ආණ්ඩුවද ත්‍රිරෝද රථ වල බදු ඉහළ දැමීය.

    ඉහත කාරණා අනුව තෙසක රියේ මගී ප්‍රවාහනය කිරීම පිණිස අවම වයස් සීමාවක් පැනවීමට උත්සාහ කිරීම අනවශ්‍ය කර්තව්‍යයකි. තෙසකරිය මහමගින් ඉවත් වෙමින් පවතී නම් එය බලෙන් ඉවත් කිරීමට දහදිය හෙළිය යුත්තේ ඇයි ?

    වයස 40 පෙනි පෙනීත් තමන් ලකුණු අතර නොසිටියදීත් ගෞරවාන්විතව විශ්‍රාම නොයා තවදුරටත් ක්‍රිකට් කණ්ඩායමේ රැඳී සිටීමට උත්සාහ කළ සනත් ජයසූරිය පිටියෙන් ඉවත් කිරීමට මෙවැනි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා නම් අපද සහය දෙමු. ඊටත් වඩා ඡන්ද පැරදී පැරදීත් පක්‍ෂ නායකත්වය අත නොහරින, පරදින නිසාම ඡන්ද නොතබන අගමැති කෙනෙක් තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කෙරෙත්නම් ඒ ජාතික සේවයක් නොවන්නේද ?

    ReplyDelete
    Replies
    1. Great analysis mate, well said. Thanks a lot for brainy comment.

      Delete
  3. කථා කතු තුමනි ස්තුතියි,
    කවදත් මෙන් ඔබගේ ඌන පූර්ණයෙන් සාකච්චාව වර්ණවත් වේ.
    ඔබගේ මතය හා එකඟ විය යුතුය.
    මෙය අනවශ්‍ය කාරනයක් උදෙසා සමාජ මතය මෙහෙයවීමේ කූට ව්‍යාපෘතියකි.

    ReplyDelete