Tuesday, July 3, 2018

ග්‍රාමීය ණය උගුලේ ජාතියම හිරවෙයිද?


ග්‍රාමීය ණය උගුලක් ගැණ කථිකාවතක් දැන් කාගෙත් ඇහැ ගැහිලා ඇති.
මෙය දැන් වසර කිහිපයක් පැරණි කථිකාවක් වුවත් තවමත් එය ඉතා උනුසුම් සිදු වීමක් ලෙස සමාජය වෙලා පැතිර යමින් තිබෙන සිදුවීමකි.

මොකක්ද මේ ග්‍රාමීය ණය උගුල.

දුප්පත් ග්‍රාමීය ජනතාවට විවිධ පෞද්ගලික ණය දෙන ආයතන, ලීසිං කොම්පැණි, හා ඇතැම් රාජ්ය නොවන සංවිධාන මගින් දැන් අරම්බ කර තියෙනවා සහන ණය යෝජනා ක්‍රම. මේ නය යෝජනා ක්‍රම වල මිනිසුන්ට ඉතාමත් ආකර්ෂනීය පහසුකම් සලසා තියෙනවා.
විශේශයෙන්ම ණයක් ගැනීමට ඇප කරුවන් හෝ ඇප සඳහා දේපල නැති දුප්පතුන්ට ඔවුන් කිසිදු ඇපයක් නැතිව ණය ලබා දෙනවා.
බැලූබැල්මට මේය ග්‍රාමීය ආර්ථිකය හා ගැමි ජනතාවගේ පරිභෝජන ශක්තිය වැඩි දියුනු කිරීමට හොඳ රුකුලක්.

එනමුත් මෙහි අභ්‍යන්තරයට පිවිසී බලන විට අපිට දකින්නට ලැබෙන්නේ වෙනත්ම කථාවක්. ඒ ගැන සමාජයේ සෑම තරාතිරමකම අවධානයට ලක් විය යුතු අති භයානක ගැටළුවක්.

මේ ගැටළුව නිර්මාණය වන්නේ ණය දීමේ ආරම්භයේ පටන්මයි.
ඔවුන් ඇප කරුවන් නැති ණය ලෙස හැඳින්වූවාට එක ණය කරුවෙකු සඳහා ව්‍යංගයෙන් ඇප කරුවන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු සම්බන්ධ කරනවා.
මේ ණය ක්‍රම වල ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ගැහැණුන්. මතුපිට ඉලක්කය ග්‍රමීය වනිතාවන් සවිබල ගැන්වීම.

මේ සමාගම් වලින් යොදවා ඇති ණය දෙන නිලධාරීන් හෙවත් ඔවුන්ගේ සේල්ස් රෙප් වරුන් ණය ප්‍රවර්දනය සඳහා ගෙයින් ගෙට යන්නන්. ඔවුන් ණයක් ගැනීමට බලාපොරොත්තු වෙන අයෙකුගෙන් ඉල්ලන්නේ තමන් සමග ණය ගැනීමට තවත් දෙදෙනෙකු හෝ තිදෙනෙකු කැඳවා ගන්නා ලෙසයි.
මේ ක්‍රමය නිසා ඉතා පහසුවෙන් ලැබෙන ණය මුදල ගැනීමට නූගත් මිනිසුන් පහසුවෙන් පෙළැඹෙනවා. ඉන් පසු ඔවුන් සියළු ගිවිසුම් අත්සන් කර තිදෙනාගේ හෝ සිව් දෙනාගේ කණ්ඩායමටම එක් වර ණය මුදල නිකුත් කරනවා.
ඔවුන්  ණය වාරික නොවැරදිව ගෙවා යන තුරු ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. එහෙත්, යම් කිසි අර්බුධකාරී තත්වයක් නිසා එක අයෙකුගේ ගෙවීම කල නොහැකි වුනොත්, ඔවුන් එම ඩෙවීම අනෙක් සාමාජිකයින්ගෙනුත් අය කර ගැනීම ප්‍රතික්ශේප කරනවා. ඒ ඔස්සේ මුළු කණ්ඩායමම ප්‍රමාද ගාස්තු හා අමතර පොළී මුදලකට වග උත්තර කරුවන් බවට පත් වෙනවා.

එතැනින් ඇරඹෙන ගැටළුව, ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනවා. ප්‍රමාද වී ගෙවූ විට ගිණුම් වල සටහන් වන්නේ ගෙවූ මුදලින් අඩක් පමණයි. අනෙක් අඩ ප්‍රමාද ගාස්තු හා දඩ පොළී වෙනුවෙන් කැපී ගිහින්. මෙසේ දෙතුන්  වරක් වූ විට ඉන් පසු ගෙවා දමන මුදල හුදෙක් පොළී සහ දඩ වලට සීමා වෙන බැවින් මාස් පතා ගෙවූවද මූලික ණය මුදල ගෙවීම සිදු වන්නේ නැහැ.

මේ ආකාරයට ගැටළුවෙහි පැටලෙන ගැහැණුන් ඉන් පසු ණය දෙන්න ආ ආදරණීය නිලධාරී මහතාගේ පෞද්ගලික ගොදුරු බවටත් පත් වී ඇති බවට වාර්ථා පල වෙනවා.

මේ ආකාරයට දිගින් දිගටම ගමෙන් ගමට මිනිසුන් ණය නිසා ජීවිතය බිඳ වැටීමක ලක් වෙමින් සිටිනවා.
මේමට්ටමට පැටලුනායින් පසු ඔවුන්ගේ ණය වගකීම් නිතැතින්ම ඔවුන්ගේ වත්කම් හා ආදායන් සීම ඉක්මවා ගොසින්. ඉතින් ඔවුනට එහි කිසිදු ගැලවීමකට මගක් නැහැ. එක්කෝ ජීවිතය ඇති තුරා නොගත් නයක් ගෙවීමට වෙනවා, නැතහොත් ඉඩ කඩම් ඇතිනම් විකුනා පාරට බහින්නට වෙනවා.

මේ ආකාරයට මේ ණය යෝජනා ක්‍රම ග්‍රාමීය සමාජය සවිබල ගැන්වීමකට වඩා ග්‍රාමීය සමාජය බිඳ වට්ටන් බවට පත් වෙමින් තියෙනවා.

ණය ගෙවා ගත නොහැකි මිනිසුන් වෙත ණය සමාගම් නිලධාරීන් පොලීසිය භාවිතා කරමින් තර්ජන හා බිය වැද්දීම් කරනා බවටත් ඇතැම් තැන් වලින් වාර්ථා වී තියෙනවා. එහෙත් නීතිඥ මතය නම් මෙවැනි ගැටළුවක් කෙරෙහි මැදිහත් වීමේ නෛතික බලයක් පොලීසිය සතු නොවනා බවයි.

එහෙත් මේ දුප්පත් නූගත් ග්‍රාමීය ජනතාව පොලිසිය සතු නෛතික සීමාවන් නොව පුර වැසියකු ලෙස තමන් සතු නෛතික බලය හෝ අයිතිවාසි කම් ගැන වත් නොදැනුවත් අහින්සකයින් වීම මේ දඩයක් කරුවන්ගේ ගොදුර පහසු ඉලක්කයක් කර තිබෙනවා.

දන් දැන් පෙනී යන ආකාරයට මේ ව්‍යසනය ග්‍රාමීය කෘශි ආර්ථිකය මත මහත් බරක් වෙමින් පවතී. ඒ ඔස්සේ ග්‍රාමීය ජනතාව කෘශි ආර්ථිකයෙන් ඉඅවතට තල්ලු වීමේ අවධානමක්ද, සමස්ත ප්‍රජාව බිඳ වැටීමේ අවධානමක්ද මතු වෙමින් තිබේ

මෙහෙම් ගියොත් රටකට අනාගතයක් තියේවිද?
ව්‍යාපාර සිදු කිරීමේ සදාචාර සීමාවන් ගැන රටේ වගකීමක් නැතිද?

2 comments:

  1. මේ මත්ද්‍රව්‍ය පාරිභෝජනය හා සෘජුව බැඳී ඇති ගැටළුවක්.

    මගේ අත්දැකීම අනුව, දිළිඳු කම පිටුදැකීමේ මන්තරය මතුරමින් ක්‍රියාත්මක නොරාජ්‍ය සංවිධාන හැකි සෑම විටකම ඉලක්ක කරන්නේ කාන්තාවන්. මෙයට ප්‍රකාශිත හේතු දෙකකි.
    1. පිරිමින් මේ වන විටත් කිසියම් ආර්ථික කටයුත්තක නිරත වෙමින් සිටින නිසා නව ආදායම් අවස්ථාව ඔහුට ආකර්ශනීය නොවීම.
    2. පිරිමින් කසිප්පු, සුරුට්ටු බිඩි වැනි ආතල්කාරක වලට ඇබ්බැහි වී සිටින නිසා ආධාර දෙන සංවිධාන වල මුදල් කෙලින්ම මුදලාලි අතට පත් වීම.
    මෙයට අමතරව තර්ක-ඥානය අඩු කාන්තාවන් තම අරමුණට පහසුවෙන් අවනත කර ගත හැකි වීම තවත් නොකියන හේතුවකි.

    ආධාර දෙන සංවිධාන වල විවිධ ප්‍රකාශිත අරමුණු තිබෙන මුත් අප්‍රකාශිත අරමුණ ඒ සංවිධානයේ නිලධාරී-බලධාරී පංතියට ආර්ථික සමාජයීය බලයක් අත්පත් කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන ක්‍රියා මාර්ග විවිධාකාරය.

    ග්‍රාමීය ප්‍රජාව මේ සංවිධාන වල රුපියල් 10,000 - 15,000 ණය මුදලට වාලුන් නොකර ඔවුන් නගා සිටුවීම පිණිස කළ හැක්කක් තිබේද ?

    ReplyDelete
    Replies
    1. දේශීය කෘෂි සංවිධාන ආදිය හරහා ඇතැම් පිරිස් මේ ගැන ජනතාව දැනුවත් කරමින් යම් කිසි ධනාත්මක තැනකට ගෙන ඒමේ උත්සාහයක නිරත වෙනවා.
      ඒත් නීති සැකසීම් ඇතුළු පැහැදිලි රජ්‍ය මට්ටමේ මැදිහත් වීමකින් තොරව මෙයට ප්‍රථිපල දායක පිළිතුරක් ලබා ගැනීම අති දුශ්කර කාර්‍යයක්.

      එසේ වූ පලියට අවධානම නම් අඩු වන්නේ නැහැ.

      Delete