Friday, November 24, 2017

දුම්රිය අනතුරු.


දුම් රියක් ලොරි දෙකක හා මෝටර් රථයක ගැටුනු පුවතක් දින කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේදී වාර්තා වුනා.

වාසනාවකට ජීවිත හානි සිදු නොවුනත් එතැනදී සිදුවූ අනතුර ඉතා භයානක අනතුරක් වගේම මගේ දැක්මේ හැටියට රියදුරන්ට වැරදි පැටවිය නොහැකි සිදු වීමක්.

මම එහෙම කියන්නේ ඔය තැනදීම මීට ටික කලකට පෙර ඔයහා සමාන ආසන්න අවස්ථාවකට මාද මුහුණ දී ඇති නිසයි.

මා මුහුණ දුන් අත්දැකීම

එදා මා රථය පදවමින් සිටියේ වත්තල දෙස සිට කිරිබත්ගොඩ දෙසට හුනුපිටිය මාර්ගයේ. ඉතා අධික රත වාහන තද බධයක් තිබුනු වෙලාවේ දුම් රිය හරස් මග විවෘත්තවයි තිබුනේ. මා ගමන් කල දෙසට ගමන් කරන වාහන රැසක් ඒ ඔස්සේ දුම් රිය හරස් මගට ඇතුළු වුනත් ඉදිරිය අවහිර වී තිබූ නිසා කිසිදු වාහනයකට එක එල්ලේ දුම් රිය හරස් න්මග පසු කොට යාමේ හැකියාවක් වුනේ නැහැ. ඉතා මන්ද ගාමීව සියල්ලන් ගමන් කරමින් සිටිනා අතර එක් වරම සීනු නාද කරමින් ගේට්ටු වැසී ගියා.
ඉතා පුළුල් දුම් රිය හරස් මගක් අඌ එහි මාත් මට පිටුපසින් තව වාහන කිහිපයකුත් දුම් රිය පීලි මද හරියේ නතර වී සිටියා මිස ඉදිරියට යාමට හැකියාවක් වූයේ නැහැ. මට ඉදිරියෙන් තිබූ විශාල වාහනයක් පවා තිබිනේ දුම් රිය පීලි මතයි.
දුම් රිය මග මත සිටි සියලු රියැදුරන් නලා හඬවමින් ඉදිරියේ උන් වාහන උනන්දු කරවූවද ඉතා හෙමින් වාහන සෙලවෙමින් තමයි තුබුනේ.
කෙසේ හෝ දුම් රියක් පැමිනීමට පෙර මාගේ වාහනය අවසන් පීලෙන්ද ඉදිරියට ඉතා ස්වල්ප ලෙස ගැනීමට හැකි වූ මුත් මට පිටුපසින් තවත් කාර් රතයක් හා කුඩා ජීප් රථයක් දුම් රිය පීලි මත රැඳී තිබුනා. ඔවුන් නොකඩවා නලා නාද කරත් ඉදිරියේ සිටි කිසිවෙකුට තවත් ඉදිරියට යාමේ ඉඩක් නම් වූයේ නැහැ.
ඒ අතරේ මාර්ගයේ මැදින් වෙන්වන ලෙස පොලිස් කෝන් (රතු පැහැති ) තබා වෙන්කොට තිබූ අතර මාර්ගයේ ප්‍රථිවිරුද්ධ දිශාවට හොඳින් ඉඩ තිබුනා.
වැඩි දුර නොහිතා මා කෙලින්ම පොලිස් කෝන් අතරින් මගේ රථය පාරේ වැරදි පැත්තට ඇතුලු කලා ඒ සැනින් පිටුපසින් වූ වාහන දෙකම ලැබුනු සුළු ඉඩ ප්‍රයෝජනයට් ගෙන දුම් රිය මගෙන් ඉවත් වුනා.

දැන් තමයි කථාව.
මම දැන් පාරේ වැරදි පැත්තේ මට හරි පැත්තට දාගන්න විදියක් නැහැ. මෙහෙම හිර වෙලා ඉන්න අතරේ ඔන්න හිටි ගමන් රැස් විහිදමින් බැබලෙමින් පොලිස් නිලධාරි තුමෙක් මගේ දිහාවට එනවා. දුර සිටම වීදුරුව පහත දාන්නට මට සන් කල ඔහු කෙලින්ම ආචාරස්ශීලී ලීලාවෙන් මගේ ඇඟට කඩා පැන්න. කෝන් තියල පාර බෙදල තියෙනව පේන්නේ නැද්ද කොහෙද මේ යන්නේ කියලා ආචාර ශීලීව විමසුවා. මම ඉතින් කල හැකි දෙයක් නැති නිසා මම කල දෙය කිව්වා.
එතකොට නිලදාරී උත්තමයා කියනවා ඒවා බලා ගන්න තමයි අපි ඉන්නේ එහෙම කියල පාරෙ වැරදි පැත්තෙ යන්න බෑ ලයිසන් එක දෙනව මෙහාට කියලා ආදරයෙන් කියා සිටියා.

හරි තමුසෙට පුළුවන් දෙයක් කරනව මමත් මේක අතහරින්නේ නැහැ කියල හිතාගෙන මම ලයිසන් එක උන්දැට දුන්න.
මම හිර වුනු තැනම හිරවෙලා ඉඳී (අනිත් වාහනත් හිර වෙලාම තමයි තවම ) රැස් විහිදෙන නිලධාරි තුමා වාහන අස්සෙන් ඉදිරියට ගියා. දැන් මගේ ලයිසන් එකට වුනු දේවත් මම දන්නේ නෑ. මට කොලයක් දුන්නෙත් නෑ මුකුත් නෑ.
එහෙමම වාහන හිරවෙලා තුබුනා විනාඩි දහයක් විතර ඔය අතරේ මගේ අවධානයට ලක් නොවී දුම් රියත් යන්න ඇති.
මෙන්න නිලධාරිතුමා අයෙත් මතු වුනා වාහන අස්සෙන්. මම බලා පොරොත්තු වුනා දන් මට දඩ කොලයක් දේවී කියලා. හැබැයි ඒ වෙනකොට තත්වය වෙනස් වෙලා. වාහනත් සෙමින් ගමන් කරන්නට පටන් ගෙන. මගේ ලඟට ආ උන්දෑ වචනයක් වත් නොකියා කවුලුව තුලින් ලයිසන් එක මට දීලා කෝන් එකක් අයින් කරල මට යන්න කිව්වා.

ඊයේ පෙරේදා සිදු වුනු දරුනු අනතුර වෙලාවේ රියදුරන්ටයි දුම් රිය රියදුරන්ටයි ඔක්කොටම වරද පැටවූ මහා බල පරාක්‍රමයෙන් හෙබි දුම් රිය ගේට්ටු කරුනම් එදිනත් මා දුටුවේ නම් නැහැ.

ඔන්න ඔහොමයි අපි පාරේ යන්නේ.

මේ කථාව ඔස්සේ ශ්‍රී ලංකාවේ මාර්ග වල පරිපාලන තත්වය ගැන අපිට හිතන්න ගොඩක් කරුනු තියෙනවා.
මේ තරමට මාර්ග අනතුරු සීමා වී තියෙන්නේත් රියදුරන්ගේ අවධානයෙන් යුතු ක්‍රියා කලාපය නිසා බවයි මම හිතන්නේ.

මේක තව බොහෝ දුරට කථා කල හැකි මාතෘකාවක් වෙනවා.

8 comments:

  1. මේ පොලිසියේ වරදක් නොවේ. වරද දුම්රියේ ය.

    එදා එය නිසි වෙලාවේ පැමිණ වාහනයක් දෙකක් තලා දැම්මනම් අද මෙවැනි අභූත කතා කියැවෙන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ
      එහෙම වුනා නම් මේ ලියන එකත් කුඩු පට්ටම් නේ නේද

      Delete
  2. හරි විධිය තමයි වාහනය රේල් පාරේ එහා පැත්තෙ වාහනයකට දාන්න ඉඩ නැත්තනම්රේල් පාරේ මෙහායින් නතර වෙලා රේල් පාරෙන් එහාපැත්තෙ වාහනයකට දාන්න ඉඩ ආවාම රේල් පාරෙන් එහාපැත්තට වාහනය ආරක්ශාකාරීව ගෙනයන එක.

    ReplyDelete
    Replies
    1. ඇනෝ සහෝදරයා, බොහෝම හරි.
      ඒක තමයි නිවැරදි හා ආරාක්ශා කාරීම පිලිවෙත දුම් රිය මාර්ගයක් හරහා වාහනයක් ධාවනය කරන.
      ඒත් ඉතින් ඔබ තුමා වාහන තදබදයක් ඇති වේලාවක එම දුම් රිය හරස් මගින් වාහනයක් පැදවූවා නම් මේ කාරනය නොකියනු ඇති.

      Delete